Tholi Prema (2018) | ප්‍රථම ප්‍රේමය…

“මතකයන්…”
“හොඳ උනත්, නරක උනත් අපිත් එක්ක හැමදාම ඒවා තියෙනවා…”
“ජීවිතයත් එක්ක ඒවා අරගෙන යන්නම වෙනවා….”

 

සුභ දවසක් ප්‍රර්ථනා කරනවා බයස්කෝප්වාසි යාළුවො හැමෝටම. අයෙත් ආවා ඔන්න ලස්සන තෙලුගු නිර්මාණයක් අරගෙන ඔයාලා හමුවට. මේක නිකුත් වෙලා වගේම හොඳ කොපියක් ඇවිල්ලත් ගොඩක් කල් වෙනවා. ඒත් උපසිරැසි ගන්වා අරන් එන්න සෑහෙන්න කල් ගිය එක ගැන හදවතින්ම කණගාටුව ප්‍රකාශ කර සිටින ගමන් සිදුවෙච්ච ප්‍රමාදයට දහස්වරක් සමාව අයද සිටිනවා ඔබ සැමගෙන්ම. හුඟ කාලෙකට පස්සේ තමයි තෙලුගු චිත්‍රපටියකට උපසිරැසි ගන්වලා අරගෙන එන්නේ මම. ඉතින් ලස්සන කතාවක් වගේම හිතට අල්ලලා ගියපු ලව්ස්ටොරියක් නිසා උපසිරැසි ගන්වන්න හිතිලයි කරන්න භාරගත්තේ. නමුත් කාර්යබහුලත්වය නිසාම වැඩේ ටිකක් කල් ඇදුනා.

IMDB මීටරය 7.5 ක් කරකවන්න සමත්වුණු මේ චිත්‍රපටිය නමින් තොලි ප්‍රේමා. ඒකෙ තේරුම තමයි ප්‍රථම ප්‍රේමය, එහෙමත් නැත්නම් කුළුඳුල් ප්‍රේමය. පලවෙනි ආදරය කියන්නේ කාටවත් අමතක කරන්න බැරි දෙයක්නේ. ඉතින් ඔන්න ඔය කුළුඳුල් ප්‍රේමය ගැන හැදුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Venky Atluri විසින්. B.V.S.N.Prasad ගේ නිෂ්පාදනයෙන් සහ S.Thaman ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හැඩවුණු මේ චිත්‍රපටිය මිනිත්තු 136ක් පුරා දිවෙන අතර මේ අවුරුද්දේ පෙබරවාරි 18 වෙනිදා තමයි තිරගතවිම ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන චිත්‍රපටියේ ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් එක්වෙලා ඉන්නේ Varun Tej සමගින් සුරූපී හැඩකාරRashi Khanna.  ලස්සන ආදර කතාවක් එක්ක යන මේ චිත්‍රපටිය කම්මැලිකමක් නැතුව නරඹන්න පුළුවන් සුපිරි චිත්‍රපටියක් කියලා එකෙන්ම රෙකමන්ඩ් කරන්න පුළුවන්.

කතාව ගැන කිව්වොත් ආදී කියන්නේ ඉක්මනින් කේන්ති යන තරුණ කොල්ලෙක්. මෙයා දක්ෂයෙක්, උගත් කෙනෙක් වගේම හොඳ කොල්ලෙක්. ඒත් මෙයාගේ එක ගතිගුණයක් නිසා එයාට ජිවිතේ ගොඩක් දේවල් අහිමි වෙනවා. වර්ෂා කියන්නෙත් එයාට ඒ විදිහට අහිම්වන වටිනා සම්පතක්. ආදීට වර්ෂාව හම්බවෙන්නේ අහම්බෙන්. ඒත් ආදී වර්ශාට ගොඩක් ආදරය කරන්න ගන්නවා. වර්ශාත් ආදිට පණටත් වැඩියෙන් ආදරය කරනවා. ඒත් වැරදි තේරුම් ගැනීම්, ඉක්මන් කේන්තිය වගේ දේවල් නිසා මේ දෙන්නගේ ආදර කතාව කටුක ගමන්මගකට යොමු වෙනවා. ඉතින් ඉතිරිය චිත්‍රපටය අරගෙනම බලමු.

යන්නට අවසරයි අදත් එහෙනම්. කාලෙකින් නැවතත් ඔබ හමුවට ආවේ භාරගත්තු වගකීම ප්‍රමාද වී හෝ ඉෂ්ඨ කරන්න ඕනි නිසා. මතක් කරන්න ඕනි යන්නට කලින් ඇඩ්මින් මණ්ඩලයේ සහෝදරයින් වගේම බයිස්කෝප් උපසිරැසි පවුලේ හැම සාමාජිකයෙක්ම මේ වෙලාවේ. මම මේ පවුලට එකතු වෙද්දී තිබුණු බයිස්කෝප් එක අද ලොකු පවුලක් වෙලා තවත් සංකීර්ණ වෙලා, සහෝදර වෙබ් අඩවි එකතු වෙලා ලංකාවේ හොඳම වෙබ් අඩවි කිහිපය අතරට එක්වෙලා ලොකු ගමනක් ඇවිල්ලා. මේ හැමදෙයක්ම සිද්ද උනේ අපගේ උපසිරසිකරුවන්ගේ කැපවීම වගේම ඇඩ්මින් මණ්ඩලයේ අසීමිත කැපකිරීම් නිසයි. ඒ වගේම අමතක කරන්න බෑ වෙබ් අඩවියට පිවිසෙන ප්‍රේක්ෂක ඔබ නොමැති වූවා නම් මෙය මෙසේ නොවන්නට තිබුනා.  ඉතින් බයිස්කෝප් අඩවියේ සෑම සාමාජිකයෙක්ම මෙසේ කැපවෙන්නේ ඔබ හට අපෙන් හොඳම දේ ලබා දීමට මිසක මල්ල පුරවාගෙන ගෙදර අරන් යන්නට නොව. සෑම උපසිරැසිකරුවෙක්ගේම එකම ලාභය ඔබ මොහොතක් වැයකර මෙහි ඉතිරි කර යන කමෙන්ට් එක පමණි. එය ස්තුතියක්ද, විවේචනයක්ද, කුනුහරුපයක්ද, යන්න ඔවුනට අදාළ නැත, ඔවුන් එය රස විඳිනුයේ නිහතමානීවමය. ඉතින් මමත් සමුගන්නම් මෙහෙමම, තවත් කියවන්න ගත්තොත් ඔබත් මට ඉතිරි කරන්නේ කුණුහරප දෙකකි. චිත්‍රපටිය අරගෙන බලන්න, රස විදින්න. ඔබ සැමට ජයෙන් ජය…..!!!!!


 Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. 

Torrent Download

| HDRIP | x264 | Esub | 700MB |

Direct Download

| HDRIP | x264 | ESub | 430MB |

| HDRIP | x264 | ESub | 700MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Tholi Prema (2018) | ප්‍රථම ප්‍රේමය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!