Goli Soda 2 (2018) | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම

ආයුබෝවන් සියලු දෙනාටම. ටික කාලෙකට පස්සෙ සුපිරි දමිල ෆිලුමකට සබ් කරන්න හම්බවුනා. මේක මට බාර දීල නම් ටික කාලයක් වෙනව, පරක්කු කරාට සමාව ඉල්ලනව. වැඩ අස්සෙ බොහොම අමාරුවෙන් තමයි මේක ගොඩ දාගත්තෙ. ඒවගේම මේක මට කරන්න කියල බාර දුන්න සිසිල සහෝටත් ස්තූතිය පුද කරනව.

හැම මනුස්සයෙක්ගෙ ජීවිතයකටම, එක අවස්තාවක් එනව…!
ඒක හරියට පාවිච්චි කරොත්…!
එයාලට එයාලගෙ ජීවිත කාලෙටම ප්‍රධානිය වෙලා ඉන්න පුලුවන්…!
බැරිවෙලා ඒක මග හැරුනොත්,..!
ජීවිතේ ඉවර වෙනකම් එයා කාවුරුහරි කෙනෙකුගෙ සේවකයෙක් වෙනව…!

අපි එක සැරයක් ආපහු හැරිල බලනකොට ඔයාලට තේරෙයි,
අපි ජීවිතේදි කරපු දේවල් වලට වැඩිය,
අපිට කරන්න මඟහැරිච්ච දේවල්,
අපේ ජීවිතේ සදහටම වෙනස් කරල කියල.

Drama/Action ගනයට අයත් වන මේ ෆිලුම නිකුත් වුනේ 2018 ජූනි මාසෙ 14 වෙනිද, මේ වෙනකොට මේ ෆිල්ම් එකට IMDb අගය 8.5ක් ලැබිල තියෙනව. විශේෂත්වයනම් අධ්‍යක්ෂක වරයෙක් සහ පසුබිම් ගායකයෙක් වන Gautham Vasudev Menon මේකෙ රාගවන් කියන පොලිස් නිලධාරියාගෙ චරිතයට රන්ගනයෙන් දායක වීමයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරන්නෙ Vijay Milton විසින්. ඒ වගේමSamuthirakaniChemban Vinod Jose,Rohini වගේ නලු නිලියන් රැසක් මේකට රන්ගනයෙන් දායක වෙනව. Goli Soda (2014) මේ ෆිල්ම් එක ඔයාල බලන්න ඇති. ඒක බැලුවෙ නැහැයි කියල මේක බලන්න බාදාවක් වෙන්නෙ නැහැ. බොහොම අමාරුවෙන් මහන්සි වෙලා තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න උත්සහ කරන තරුණයන් තුන්දෙනෙක්ගෙ කතාවක් තමයි මේකෙ තියෙන්නෙ.

හරි කතාව පැත්තට හැරුනොත් එක තරුණයෙක් ඔලී. මෙයා හෝටලයක වැඩ කරල තමයි එයාගෙ ජීවිතය ගැට ගහගන්නෙ, මෙයා බාස්කට්බෝල ගහන්න දක්ෂයි. ඒ වගේම එයාගෙ හීනයක් තමයි දීපාවලියට පවත්වන බාස්කට් බෝල තරඟාවලියෙන් ජයග්‍රහනය කරල, ජයග්‍රහනය කරන කණ්ඩායමේ දෙන්නෙකුට රස්සා දෙනව ඒ රස්සා වලින් එකක් ලබා ගන්න එක. අනිත් තරුණය ශිවා කියන ත්‍රීවිල් රියදුරා. මෙයා කරන්නෙ ත්‍රීවිල් එකෙන් හයර් දුවල තමන්ගෙ දවස පිරිමහගන්න එක.

ඒ වගේම මෙයාගෙ ත්‍රීවිල් එකේ විශේෂ පහසුකම් කිහිපයකුත් තියෙනව අනෙක් ත්‍රීවිල් වල නැති. මෙයාගෙ හීනය තමයි තමන්ගෙම කියල කුලී රථ සේවාවක් ආරම්භ කරන්න කාර් එකක් අරගන්න එක. අනෙක් තරුණය මාරන් මෙයා කරන්නෙ එක මැරයෙක් ලඟ රියදුරෙක් විදිහට වැඩ කරන එක. මෙයාට ඒක එපා වෙලයි ඉන්නෙ. මෙයාගෙ හීනෙ තමයි හොද රස්සාවක් කරල තමන්ගෙ පෙම්වතියත් එක්ක හොදින් ජීවත් වෙන එක. මෙයාලගෙ ජීවිත වලට සම්බන්ද වෙන තවත් චරිතයක් තමයි නටේෂන් කියන්නෙ. මෙයා හිටපු පොලිස් කොස්තාපල්වරයෙක්. ඒත දැන් මෙයා කරන්නෙ පාමසියක් කරන එක. තරණයන් තුන්දෙනාගෙ ජීවිත උඩු යටිකුරු කරමින් තුන්දෙනාගෙම ජීවිත වලට තව පුද්ගලයෙක් සම්බන්ධ වෙනව, එයා මෙයාලගෙ හීන වලට ගොඩක් බාදා කරනව. ඉතින් මේ තරුණයො තුන්දෙනා මේ බාදක ජයගනීද කියල බලාගන්න මේ ෆිල්ම් එක බලන්න කියක ආරධනා කරමින්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

සියලු දෙනාටම සුබ පැතුම්!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | Esub | 720MB |

Direct Download

| HDRIP | x264 | ESub | 200MB | 

| HDRIP | x264 | ESub | 390MB | 

| HDRIP | x264 | ESub | 720MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Goli Soda 2 (2018) | හොද මිනිසුන්, නරක මිනිසුන් බවට පත්කිරීම

  • September 27, 2018 at 1:05 pm
    Permalink

    Goli soda 2 subtitle එක පෙන්වන්නේ නැ.කොහොමද එය ලබා ගන්නේ

    Reply
  • September 28, 2018 at 7:18 pm
    Permalink

    error msg 1 enawa bn

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!