Theevram (2012) | බිරිඳ නාමයෙන් පළිගනිමි…

ඔන්න සුපුරුදු විදියට තවත් සුපිරි මලයාලම් ෆිලුමක් අරගෙන ආවා. ටිකක් පරණ උනාට සුපිරි කතාවක්. මේක Malayalam Crime Action Thriller ගණයට වැටෙන ෆිලුමක්. IMBD මීටරේ 6.5 ගන්නත් මේක සමත් වෙලා තියෙනවා. මේකේ ප්‍රධාන නලුවා තමයි අපි ඔක්කොම දන්න Dulquer Salmaan. එක්ක Sreenivasam. මේ දෙන්නා ගැන කියන්න දෙයක් නෑනේ කතාව ගැන කිව්වොත්, සමහර මිනිස්සුන්ට බැන්නම ඒවා හිතේ තියාගෙන ඉදලා පළිගන්නවා. එහෙම පළිගැනීමක් ගැන තමයි මේ කතාවේ තියෙන්නෙ. මේ කතාව හර්ශ(Dulquer Salmaan) කියලා වෛද්‍ය ශිෂ්‍යයෙක් වටා තමයි ගලාගෙන යන්නේ.

රාඝවන් කියලා ත්‍රීවිල් කාරයෙක් හැමදාම පුරුදු වෙලා ඉන්නවා කෙල්ලෙක්ව ඔෆිස් එකට ඇරලවන්න. මිනිහා සල්ලාලයෙක්.ඉතින් මෙයා ඒ කෙල්ලව හැමදාම ඔෆිස් ගෙනියනවා, ආයි හවසට ගෙදරත් අරන් එනවා. දවසක් ඒ කෙල්ල එයාපෝර්ට් යන්න ඕන කියනවා. රාඝවන් කියනවා කෙටි පාරකින් යමු කියලා. ටික දුරක් යනකොට ඒ පාර වහලා. ඉතින් රාඝවන් වෙන පාරකින් යන්න හදනවා. ඒ පාරේ යනකොට හදිස්සියේ ත්‍රීවිල් එකේ රෝද වල හුලන් යනවා. ඒ එක්කම කෙල්ල ත්‍රීවිල් එකෙන් පැනලා දුවනවා. රාඝවන් කෙල්ල පස්සෙ දුවනවා. නවතින්න කියලා. ඊටපස්සෙ නන්නාදුනන කෙනෙක් ඇවිල්ලා රාඝවන්ට ගහලා එයාව පෝර බෑග් එකකට දාලා එයාගෙ වාහනේට දාගන්නවා. එයා තව සිගරට් කොටයකුත් රාඝවන්ගේ ත්‍රීවිල් එක ඇතුලට දානවා. ඒ මිනිහා රාඝවන් ඉන්න පෝර බෑග් එක ගෙදරකට ගෙනියලා, බිම් මහලක දානවා. ඔය අස්සෙ රාඝවන්ගේ බිරිඳ එනවා, පොලිසියට පැමිණිල්ලක් දාන්න එයා ගෙදර ආවේ නැ කියලා.ඉතින් ඇලෙක්ස් පොලිස් පරීක්ෂකතුමා එයාගෙ පින්තූරයක් ඉල්ලනවා. ඊටපස්සෙ තමයි ඇලෙක්ස්ට රාඝවන්ගේ අතීත කතාවක් මතක් වෙන්නෙ. ඒකට හර්ශත් සම්බන්ධයි.

එතකොට තමයි හර්ශ කතාවට සම්බන්ධ වෙන්නෙ. ඔය අතරේ අර නාදුනන පුද්ගලයා රාඝවන්ට දස වද දෙනවා. මිනිහා ඉන්නෙ කුලියට ගත්ත ගේක. සංගීත ගුරුවරයෙක් වගේ. ඔය අතරෙම පොලිසිය රාඝවන්ගේ අතුරුදහන් වීමට හර්ශව සැක කරලා. එයා පස්සෙ පන්නනවා. මොකද මං කිව්වෙ හර්ශයි රාඝවනුයි අතර ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා කියලා ඒක නිසා. වැදගත්ම දේ වෙන්නෙ කැලෑවක තිබිලා. පොලිසියට ශරීර කොටස් වගයක් හම්බෙනවා. ඒවා රාඝවන්ගෙද? මං මෙතනින් නවතිනවා. අර නාදුනන පුද්ගලයා කවුද ?ඇයි එයා රාඝවන්ව පැහැර ගත්තෙ? රාඝවන්ගෙයි හර්ශගෙයි සම්බන්ධෙ මොකක්ද? මේ ඔක්කෝටම උත්තර ෆිලුමේ තියෙනවා. සුපිරිම කතාවක් බලන්න කියලා ආරාධනා කරනවා. ඔබට ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | ESub | 700MB |

Direct Download

| DVDRip |x264 | 720p | 1.5GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!