Next Gen (2018) | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..!

ආයුබෝවන් යාළුවනේ..! එකදිගට දීගෙන දීගෙන ගියපු සීරීස් ටික නිසා කට්ටිය දැන් හොල්මං වෙලා ඇත්තෙ නේහ්.. එහෙම තමයි බයිස්කෝප්.. ඒකනෙ අපි හැමෝගෙන්ම එක වෙන්නෙ.. කොහොමහරි ඔන්න ඉතිං ටීවී සීරීස් වලටම දායක වෙන්න ගිහින් සෑහෙන අමාරුවේ වැටුණු මමත් යන්තං සීරීස් ටික දීල පොඩ්ඩක් නිදහස් වුණා විතරයි. නිදහස් වුණා කියල හිතුවට එහෙම වුණේ නෑ.. මම මේ අද අරගෙන ආව සජීවීකරණ සිනමා කෘතිය විකාශනය වෙන්නත් කලින්ම හසා අයිය මට වෙන් කරල දුන්න. ඒ අස්සෙ තමා Terror, Castle Rock, Luke Cage, Iron Fist ඔන්න ඔය සීරීස් ටිකට හිර වුණේ. කොහොමහරි ඒ ටික ඉවර කරන්න කලින් මේකත් විකාශනය වුණා. ඒත් සීරිස් එකක් කියන්නෙ එකකට පස්සෙ එකක් අනිවාරෙන් කතාංගය ලබා දෙන්න ඕන එකක්. ඒ නිසා ඒ ටිකට මූලිකත්වය දීල ඉවර කරල තමයි මේකට අතගහන්න වුණේ. කොහොමනමුත් මේක විකාශය වුණේ සැප්තැම්බර් 07. ඒ කියන්නෙ මීට සතියකට කලින්. ඉතිං මේකෙ උපසිරැසිය අරගෙන එන්න සතියක් ප්‍රමාද වුණේ සීරීස් ටික ඉවර කරන්න වුණු නිසා. කොහොමහරි සතියකට පස්සෙ ඔන්න Next Gen 2018 සඳහා උපසිරැසිය අරගෙන එන්න මට හැකි වුණා. ඉතිං මේක මට වෙන් කරල දුන්නු හසා අයියව මේ වෙලාවෙ ගෞරවයෙන් සිහිපත් කරන්න සහ ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

එහෙනම් කතාව පැත්තට ටිකක් හැරිල බලමු. “මේයි” කියන්නෙ පුංචි කාලෙම එයාගෙ තාත්ත දාල ගියපු කෙනෙක්. ඒ සිදුවීමෙන් පස්සෙ මේයිගෙ අම්මත් පාලුව මකා ගන්න රොබෝල එක්ක තමයි ජීවිතේ වැඩි කාලයක් ගත කළේ.. ඉතිං මේයි ටිකක් ලොකු මහත් වෙනකොට මේයි ලඟ ඉන්න එකම හිතවතා “මොමෝ” කියන බලු පැටිය විතරයි. දවසක් මේයි අම්ම එක්ක යනව IQ රොබටික් කියල ලොකු රොබෝල හදන ස්ථානයකට. එතනදි තමයි මේයිගෙ ජීවිතේ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ. ඒ යම් සිදුවීමකින් ඇයට “මෝඩ රොබෝ” හමුවෙන නිසා. ඒ හමුවීම හරි අපූරු හමුවීමක්. බලන්නකො ඒක වෙන විදිය. කොහොමහරි මෝඩ රොබෝ එක්ක මේයි ගිවිසුමක් ගහ ගන්නව. හැබැයි මේ දෙන්නගෙ සංයෝජනය නම් ටිකක් විනාශකාරීයි. කාලෙත් එක්ක ජස්ටින් පින් කියන අර මම මුලින් කිව්ව රොබෝල හදන තැන අයිතිකාරය ලෝකෙට ලොකු විනාශයක් ගෙනල්ල ලෝකය රොබෝ පාලනය යටතට ගන්න උත්සාහ කරනව.. ඒ විතරක් නෙවෙයි ඔහු ඒකට දරුණු සැලසුමක් දියත් කරනව. ඒ සැලසුම මොකද්ද? ඒ සැලසුමට එරෙහිව ඒ ආයතනයේම වැඩ කරපු රොබෝලව නිෂ්පාදනය කරන විද්‍යාඥයෙක් රහස් සැලසුමක් හදල තියෙනව. ඒ සැලසුම මොකද්ද? ඒක ක්‍රියාත්මක කරන්නෙ කොහොමද? හැබැයි මේ හැමදේකම අවසානය ආපහු මුලටම එන්න වෙන සිදුවීමකින් අවසන් වීම තමයි ඇත්තටම කණගාටුවට කරුණ.. ඔය ඔක්කොටම උත්තර මේ අපූරු සිනමා කෘතිය ඇතුළෙ අන්තර්ගතයි.

IMDb හි ප්‍රේක්ෂක මනාප 3500කට ආසන්න ප්‍රමාණයකින් 6.8/10ක ඉහළ ප්‍රතිචාර ලබාගත්Animation, Action, Adventure, Comedy වර්ගීකරණයට අයත් මේ චිත්‍රපටිය විකාශය කලේ අපි හැමෝම බොහොම ආදරේ කරන Netflix ආයතනය. පැය 1 විනාඩි 46ක ධාවන කාලයක් පුරා එක හුස්මට බලල ඉවර කරන්න හිතෙන විදියට මේක නිර්මාණය කරල තියෙනව. ඉතිං තව එක සජීවීකරණ සිනමාවක් හසා අයිය මට බාර දුන්න.. ඒකත් ඉක්මනට අරගෙන එනවා කියන පොරොන්දුව ලබා දෙමින් මම ගිහින් එන්නම්..

ජය වේවා..!

“Friendship is the ultimate upgrade”

 

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Torrent Download

| WEB | x264 | 720p | 850MB | Mkvcage

Direct Download

| WEB | x264 | 480p | 400MB |

| WEB | x264 | 720p | 600MB |

| WEB | x264 | 720p | 800MB |

| WEB | x264 | 720p | 850MB | Mkvcage

| WEB | x265 | 720p | 470MB |

| WEB | x265 | 720p | 650MB | 10Bit

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Next Gen (2018) | රොබෝ කෙනෙක් තමයි.. හැබැයි මනුස්ස හදවතක් තියෙන..!

  • September 16, 2018 at 12:51 pm
    Permalink

    ගොඩාක් ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!