Merku Thodarchi Malai (2018) | අව්වට වැස්සට හුරු මිනිසුන්නේ…

ආයුබෝවන් හැමෝටම. ඔන්න තවත් අළුත් සිනමාපටයකට උපසිරැසියක් අරන් මම අදත් ආවා. මේ මගේ හත්වැනි උපසිරැසිය. ඒ වගේම පළමු දමිළ උපසිරැසිය. මට මේ අවස්ථාව ලබා දුන්න සිසිල සහෝට ස්තූතිවන්ත වෙන ගමන් අපි චිත්‍රපටියට අවධානය යොමු කරමු.

ලෙනින් භාරතී කියලා අළුත් අධ්‍යක්ෂකවරයෙක් තමයි මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. ඒ වගේමනිෂ්පාදනය කරලා තියෙන්නේ ජනප්‍රිය දමිල නළු විජේ සේදුපති විසින්. ඉන්දියානු සිනමාවේ එදා මෙදාතුර බිහිවූ විශිෂ්ඨ සංගීතවේදියෙක් වන ඉලෙයිරාජා විසින් සංගීතවත් වූ මේ චිත්‍රපටියට IMDBදර්ශකයේ 9.3/10 ක් වගේ ඉතා ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට කිසිදු ජනප්‍රිය නළුවෙක් හෝ නිළියක් රගපෑමෙන් දායක වෙලා නෑ. රගපාන හැමෝම අළුත් අය. දමිල වුණාට සිංදු 5යි, ගුරුත්වාකර්ෂණ බලය අඩු සටන් ජවනිකා තියෙන චිත්‍රපටියක් නම් නෙමෙයි මේ. ඒ සාම්ප්‍රදායි රාමුවෙන් පිට තනපු සිනමාපටියක් තමයි මේක. හැබැයි එහෙමයි කියලා මේ චිත්‍රපටියට ලැබිලා තියෙන ඇගයීම් වල නම් කිසිම අඩුවක් වෙලා නෑ. සම්මාන උලෙළ රාශියකදී සම්මානයට පාත්‍ර වෙන්න මේ චිත්‍රපටියට හැකිවෙලා තියෙනවා. 2016දී රූ ගත කිරීම් කරලා ඉවරවුණත් 2018 අගෝස්තු වෙනකම් ඉන්න වුණා මේ චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායමට මෙය ප්‍රදර්ශනය කරන්න.

කථාව ගැන කියනවානම් තමිල්නාඩු සහ කේරල ප්‍රාන්ත අතර කදු පන්තියේ ජීවත්වෙන කම්කරු ජනතාවගේ ජීවිත ගැන තමයි මේ චිත්‍රපටියෙන් අවධානය යොමු කරන්නේ. තම ජීවිතය ගැටගහගන්න ඔවුන් කෙතරම් දුක් කම්කටොලු වලට මුහුණ දෙනවාද යන්න මේ සලරුවෙන් මනාව කථා කරනවා. අපේ රටේ කදුකරේ කම්කරුවත් මේ වගේ නේද කියලා මට හිතුණා චිත්‍රපටිය බලද්දී.

ඉතින් වැඩි විස්තර අවශ්‍ය නැහැ. මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම සමුගන්නවා තවත් අලුත් උපසිරැසියක් අරන් එන බලා පොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා….!

 

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

Torrent Download

| HDRip | x264 | ESub | 700MB |

Direct Download

| HDRip | x264 | SD | 200MB |

| HDRip | x264 | Esub | 410MB |

| HDRip |x264 | Esub | 700MB |

| HDRip |x264 | 720p | 900MB |

| HDRip |x264 | 720p | 1.2GB |

| HDRip |x265 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!