Alexander (2004) | මහා ඇලෙක්සැන්ඩර්

ගොඩක් ඈත කාලේදී මුළු ලෝකෙම මිනිසුන් හිතාගෙන හිටියේ මේ ලෝකය පැතලියි කියලයි. ඒක හරියට පැතලි තැටියක් වගේ අභ්‍යවකාශයේ පාවෙමින් තිබෙන අතරේදී හිරු සහ සඳු මේ තැටිය වටා කැරකෙන බව තමයි ඉස්සර මිනිසුන් විශ්වාස කළේ. ඒ ඔවුන්ට පොළව මතුපිට හැඩය වෘත්තාකාර ලෙස නොපෙනෙන හින්දා වෙන්න පුළුවන්. ඉතින් මේ ඇලෙක්සැන්ඩර් අධිරාජ සමයේදී පවා ලෝකය සැළකුවේ ගෝලාකාර වස්තුවක් විදිහට නෙවෙයි. තැටියක් වගෙයි. ඉතින් මේ කාලේදී මුළු ලෝකෙටම අධිරාජ්‍යයෙකු වෙන්න අධිෂ්ඨාන කරන සිහින මවන, ඒ වෙනුවෙන් වැඩ කරන රජ කුමාරයෙක් බිහිවුණා. ඒ තමයි ඇලෙක්සැන්ඩර්. ඔහුගේ පියා දෙවැනි ෆිලිප් රජතුමා. මව තමයි ඔලිම්පියාස් රැජිණ.

ඇලෙක්සැන්ඩර්ගේ සිහිනය වෙලා තිබුණේ මේ මුළු ලෝකයම පාලනය කිරීම. ඉතින් ඔහුගේ මුළු ජීවිත කාලයෙන් බාගයක්ම ගත වුණේ ඒ ආශ්‍රිත කටයුතු වලට. ඔහුගේ ඉලක්කය වෙලා තිබුණේ ලෝකයේ නැගෙනහිර කෙළවරට ගමන් කිරීම. ඒ කියන්නේ ආසියාව දෙසට ගමන් කරලා ආසියාවත් තමන් සතු කර ගැනීම. පෘථිවිය තැටියක් වගේ සමතලා දෙයක් කියලා හිතපු නිසා ලෝකයේ ඔවුන් වාසය කරපු බටහිර කෙළවරේ ඉඳන් නැගෙනහිර කෙළවරට රාජ්‍යය අල්ලා ගැනීමෙන් තමන් ලෝකයටම රජු වන බවයි ඇලෙක්සැන්ඩර් විශ්වාස කළේ. ඇලෙක්සැන්ඩර් කියන්නේ ඉතාමත් දක්ෂ පුද්ගලයෙක්. ඔහුගේ නාමය ඉතිහාසය තුළ අද පවා රැඳෙන්නේ මේ ශ්‍රේෂ්ඨත්වය නිසයි. ඔහුගේ ගුරුවරයා වුණේ ඇරිස්ටෝටල් නම් ග්‍රීක දාර්ශනිකයායි. ඉතින් මේ සිනමා සිත්තම නිර්මාණය වී තිබෙන්නේ මේ මහා පෙරළිකාර ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කතාව පිළිබඳවයි.

මේ කතාවේ චරිත සඳහා දායක වෙන්නේ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පීන් පිරිසක්. ඇලෙක්සැන්ඩර් චරිතය සඳහා Colin Farrell රංගන දායකත්වය ලබාදෙන අතරම Angelina jolie, ඔලිම්පියාස් රැජිණගේ චරිතය රඟ දක්වනවා. ෆිලිප් රජතුමන් ලෙස රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Val Kilmer. Jared Leto හෙෆෛෂන්ගේ චරිතයට පණපොවනු ලබනවා.Rosario Dawson රොක්සෙන් ගේ චරිතය නිරූපණය කරන අතරම අවසාන වශයෙන් Anthony Hopkins මහළු ටොලමි වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙනවා. මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කොට තිබෙන්නේ Oliver Stone. ඒ වගේම Intermedia Films, Lxtlan productions, France 3 Cinema, Pacific Film, Egmond film and Television, IMF international, Media and film GmpH & co. 3, Productions KG යන ආයතන නිෂ්පාදන දායකත්වය ලබලා දීලා තියනවා. මෙය 2004 වර්ෂයේ නිකුත් වුණ චිත්‍රපටියක්. ඒවගේම මිනිත්තු 206ක කාලයක් මෙය දිවයනවා. ඒ වගේම මෙම චිත්‍රපටිය ඩොලර් මිලියන 167.3ක Box Office ආදායමක් ලබා ගැනීමට සමත් වෙලා තියනවා.

ඉතින් රසවිඳින්න මේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ ජීවිත කතාව! මේ මගේ 92 වන උපසිරැසි ගැන්වීම.ඒ වගේම උපසිරැසි නිර්මාණකරණයට මාව හඳුන්වලා දුන්න මගේ අක්කා (ගයේෂා සත්සරණී) වත් මතක් කරමින්, මේ නිර්මාණය ලබා දුන් විමාටත් ස්තූතිය පුද කරනවා. නැවත අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය!

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray | x264 | 720p| 1GB |

Direct Download

| Bluray | x264 | 720p | 1GB | 

         

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!