The Last Ship [S05 : E01] | මරු පහර!

ඉතිං මේ සූදානම හැමදෙනාම වගේ පුන පුනා බලාගෙන හිටපු ලාස්ට් ශිප් කතා මාලාවේ අවසාන සමය ආරම්භ කිරිමටයි. කතා සමයේ ආරම්භය නිසා වගේම කතාවේ සිදුවෙන දේ බලන්න ඉතුරු කරන්න ඕනේ නිසාත් ලිපියේ මේ කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියන වග නම් කතා කරන්න සූදානමක් වෙන්නේ නෑ..

පසුගිය කතා සමයන් වලදී ජීව විද්‍යාත්මක අතින් මූලික වුනු කරුණු, ඒ කියන්නේ වෛරස නිසා ඒ ඒ අදියරයන් ලෝක තත්වයට දේශපාලනයට වගේම සමාජ ක්‍රමයන්ට බලපාපු ආකාරයන් වගේම, ඒ බලපෑම් වලට නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට මුහුණ දෙන්න සිද්ධ වුනේ කොහොමද යන ආකාරයන් තමයි අපි කතා වලින් බැලුවේ. ඒ අතරේ ඒ කතාවන් වල හිටපු චරිත වලට මැරෙන්න සිද්ධ වුනු බවත් ඔයාලට දකින්න ලැබෙන්න ඇති. ඒ නිසාම ගොඩක් අයට කතාව කෙරෙහි තිබුනු ආසාවන් නැතිවෙලා ගියා. නමුත් යුද්ධයක් පිලිබද කතාවක් වුනාම සතුරෝ ඉන්නවා නම් ඒ සතුරෝ අතින් හොද අය කොහොමත් මැරෙනවනේ. ගේම් ඔෆ් ත්‍රෝන් බලාපු අයට නම් ඕක තේරුම් ගන්න එක කජ්ජක් නෙමෙයි. ? නමුත් මෙදා පාර වෛරසයන් අතරින් සයිබර් වෛරසයකට මුහුණ දෙන බව නම් පසුගිය සමය අවසන් වනවාත් එක්කම වගේ නිකුත් වුනු පස්වෙනි සමයේ පූර්ව ප්‍රචාරක පටයෙන් බොහෝ දෙනෙක් දැනගන්න නම් ඇති. ඉතිං කතාව බලාගෙන ගියපු ගොඩක් අයට වගේම මටත් හිතුණු කාරණාවක් තමයි, ඕනේවටත් වඩා වෛරස් ගාගන්න ගියොත් කතාවේ වැඩක් නැතිවෙනවා කියලා. මොකද කිව්වොත් වෛරස් වුනත් සීමාවක් තියෙන්න එපැයි. නමුත් කතාව සිද්ධ වෙන විදියට නම් වෛරස් එකේ බලපෑම දිගටම කතා සමය පුරාවටම බලපාන්න පුළුවන් වුනත්, එහි ප්‍රධානතම හානිය පලමු කතාංගයෙන්ම ඉවරයක් වෙයි. ඒ කියන්නේ රෙඩ් ෆ්ලූ වගේම රෙඩ් රස්ට් කියන වෛරසයන් ජීවත් වෙන හැම තැනකම පැතිරිලා විනාශ කරනවා වගේ පරිගණක වෛරසයකට එහෙම ජීවත් වෙන්න නම් පරිගණකයක් තියෙන තැනක්ම වෙන්න ඕනේ නේ. ඒත් මෙතනදී එහෙම වෙන එකක් නෑ කියලයි හිතෙන්නේ. මොකද කිව්වොත් ඇතිවන පලමු ප්‍රහාරයෙන් පසුව සිදුවන ප්‍රධාන සිද්ධි දාමය හුදෙක්ම දේශපාලනික ගැටුමක් මැදි කොටගෙනයි ගලාගෙන යන්නේ. ඒ නිසා මෙදාපාර ප්‍රධාන හතුරා වෛරසයක් නෙමෙයි. දේශපාලනික ප්‍රතිවාදියෙක්. මේ නිසා කවුරුත් බලාපොරොත්තු වුනු ඇල්මැරුණු ගතියකට වඩා ලොකු වෙනසක් මේ අවසන් කතා සමයේ ගොඩක් දෙනෙකුට බලාගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි වෙනදාටත් වඩා ලොකු හානි ප්‍රමාණයක් නේතන් ජේම්ස් ඇතුලු කණ්ඩායමට බලාපොරොත්තු වෙන්න වෙයි කියලත් හිතනවා. ඒ වගේම කලින් නැතිවුනාට වඩා බොහෝමයක් චරිත ප්‍රමාණයක් මේ කතා සමයේදී නැති වෙන්න පුළුවන් කියලත් හිතනවා. මොකද කිව්වොත් මේ කතා සමය පුරාවටම අපිට බලාපොරොතත්තු වෙන්න පුළුවන් වෙන්නේ සටන් සහ සැලසුම් පමණයි. වෙන වෙන විකාර නැතුව හැමෝටම දිගටම උද්වේගයෙන් යුතුව බලන්න පුළුවන් කතාංග රැසක් හමුවෙයි කියලා හිතනවා.

කතාව බලලා අදහසක් දක්වලාම යන්න කියලා කියන ගමන් මම අදට සමුගන්නං..

ආයු -බෝ -වේවා !!!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-DL | x264 | TBS | 310 MB |

Direct Download

| WEB-DL | x264 | TBS | 380MB |

| WEB-DL | x264 | 480p | 220MB |

| WEB-DL | x265 | 720p | 318MB |

| WEB-DL | x265 | 1080p | 830MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “The Last Ship [S05 : E01] | මරු පහර!

  • September 10, 2018 at 11:01 am
    Permalink

    Thanks,

    Sub ekat diyan macho ikmanata.

    Reply
  • September 10, 2018 at 12:42 pm
    Permalink

    meka enakam bohoma amaruwen hitiye sahooo
    thanks machooo
    sub ekath dahan ikm anata

    Reply
  • September 10, 2018 at 1:02 pm
    Permalink

    Sub ekath ikmanata danna saho . Ivasillak na saho balanakn

    Reply
  • September 10, 2018 at 4:34 pm
    Permalink

    කෝ බං සබ එක… ඉක්මනට දාන්නකෝ

    Reply
  • September 14, 2018 at 10:18 pm
    Permalink

    සබ් එක දාන්නැද්ද…

    Reply
  • October 28, 2018 at 4:28 pm
    Permalink

    last ship TV season 5 aka release wela thiyana eposide wala subnadda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!