Midnight Runners (2017) AKA Cheong-nyeon-gyeong-chal | මධ්‍යම රාත්‍රී ධාවකයින්ගේ පලමු මෙහෙයුම…

සුබම සුබ දවසක් වේවා බයිස්කෝප්වාසී හිතමිතුරනි! ඔන්න ඉතින් අදත් අරන් ආවේ පැය දෙකක් පුරාවටම කිසිම කම්මැලිකමක් නැතුව නැතුව බලන්න පුලුවන් ආතල් චිත්‍රපටියක්. නෑ! නෑ! බොරුවක් එහෙම නෙමෙයි. ඇත්තටම මේක ඒ ජාතියේ චිත්‍රපටයක්. ඉංග්‍රීසි නම් නෙමෙයි කොරියන් භාෂාමය සලරුවක්. කොරියන් වුණාට මොකෝ, මේක ඉංග්‍රීසි චිත්‍රපටවලට දෙවැනි නැහැ! IMDb අගය පවා 7.1කට කරකවලා තියෙනවා. 82%ක් වෙනකන්ම පිරිච්ච ප්‍රේක්ශක ප්‍රතිචාරත් අපිට හඟවන්නේ චිත්‍රපටයේ සාර්ථකත්වයම තමයි. 2017 වර්ෂයේ තිරගත වූ දකුණු කොරියානු චිත්‍රපට අතරින් විශාල ප්‍රේක්ශකාගාරයක් දිනා ගන්න සමත් වුණු මෙම Midnight Runners නිර්මාණය එම වසරේ තිරගත වූ හොඳම දකුණූ කොරියානු චිත්‍රපට 10 අතරත් රැඳිලා තියෙනවා.

පැය 1 මිනිත්තු 49 ධාවන කාලයකින් යුත් මේ සලරුව පුදර්ශනය වීම ආරම්භ වුණේ පසුගිය වසරේ අගෝස්තු 25 වෙනිදායි. අයත් වෙන්නේ Action,Comedy,Crime වර්ගයට. ඒ කියන්නේ ඔයා මොන ජාතියේ චිත්‍රපට රස විඳින කෙනෙක් වුණත් මේ සලරුව ඇතුළේ ඔයා හොයන රසය තියෙනවා කියන එකයි! අධ්‍යක්ෂණය වගේම තිර පිටපත ලියලා තියන්නෙත් Joo-Hwan Kim විසින්. Seo-joon park(කී-ජුන්) Ha-Neul kang(හේ යෙ-ඔල්) Ha-Seon park(ජූ-හේ) සහ Dong-il Sun(මහාචාර්ය යැන්ග්) යන නලු නිළියන් තමයි රංගනයෙන් දායක වෙන්නේ.

කතාව ගෙතෙන්නේ කොරියානු පොලිස් සරසවියට ඇතුළත් වෙන තරුණ කොල්ලෝ දෙන්නෙක් වටා. එක්කෙනෙක් සරසවියට ඇතුළත් වෙලා තියන්නේ දුප්පත් නිසා නොමිලේ ඉගෙනගන්න, අනිත් කෙනා ඇවිල්ලා තියන්නේ වෙනසක් කරන්න හිතාගෙන. හැබැයි දෙන්නම කරන්නේ එකම ජාතියේ පිස්සු වැඩ. කතාව සීරියස් වෙන්න ගන්නේ ක්ලබ් එකකදී වෙන සිදුවීමක් එක්ක. ඒ සිදුවීම දරුණු ගණයේ අපරාධයක්! ඉතින් මේ පිස්සු වැඩ කරන කොල්ලෝ දෙන්නා ඒ අපරාධය විමර්ශනය කරන්න පටන් ගන්නවා. හෝඩුවාවල් පස්සේ ගිහින් අම්බානකට ගුටි කනවා. ටිකෙන් ටික අපරාධයේ සුල මුල හොයා ගන්නවා.

“ මොකක්ද මේ බිහිසුණු අපරාධය?
තරුණ කොල්ලෝ දෙන්නෙක්ට පුලුවන්ද ඒ වගේ අබිරහසක් විසඳන්න?
ඇත්තටම මේ අපරාධය පිටිපස්සේ ඉන්නේ කවුද?
පිස්සු වැඩ අතරේ සීරියස් වැඩකට එයාලගේ ජීවිතේ ඉඩ තියෙනවා ඇත්ද?
රටේ ලොකුම පාතාලයත් එක්ක හැප්පිලා ජයගන්න මේ දෙන්නට පුලුවන් වෙයිද? ”

ඔය ඇතිනේ කතාව? හැමෝටම ආරාධනා කරනවා පසුගිය වසරේ තිරගත වුණු දකුණු කොරියාවේ විශිෂ්ටතම සිනමා නිර්මාණයක් රස විඳින්න! කතා කළා මදෑ. දැන් ඉතින් බාගෙනම බලමු. Comment තීරුවේ තමන්ගේ අදහසත් කොටාගෙනම යයි කියලා බලාපොරොත්තු වෙනවා හැමදෙනාම ?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 880MB |

Direct Download 

| Bluray | x264 | 480p | 320MB |

   

| Bluray | x264 | 720p | 880MB |

   

| Bluray | x264 | 1080p | 1.8GB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!