Big Little Lies [S01E01] 18+|මරණයක් නිසා….!

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් මම ආපහු ආවා අලුත් වැඩක් එක්ක. පොඩ්ඩක් පරක්කු උනා ඔයාලව හම්බු වෙන්න එන්න මොකද අධ්‍යාපන් වැඩ තියාගෙන තමයි මම මේ සබ් කරන එක කරන්නේ එකයි. හරි මම අද ඔයලාට අරගෙන ආවේ හොද Tv series එකක් ඒ තමයි Big Little Lies කියන HBO නාලිකාවේ 2017 වර්ශයේ තිරගත වීම ආරම්භ කරල තියෙන Tv Series එක. මේක මට බාරදුන්නේ සමීර කරුණාරත්න අයියා. එයාට ස්තුතිය පුද කරන්න ඔනි මොකද මට තිබුන ලොකු ආශාවක් තමයි Tv Series එකකට සබ් කරන එක ඒක මට කරගන්න අවස්ථාව ලබා දුන්නට. හරි එහෙනම් අපි බලමු කතාව ගැන දැන්.

ඇමරිකානු රූපවාහිනී නාලිකාවක එනම් HBO නාලිකාවේ විකාශනය කරපු මේක 2017 පෙබරවාරි 19 තමයි විකාශනය ආරම්භ කරලා තියෙන්නෙ. HBO එකේ වැඩ දන්නව නේ ඉතින්.? මේ Tv Series එකට IMDb 8.6 ක ඉහල රේටින් එකක් හම්බු වෙලා තියෙන්නේ නිකන් නම් නෙමෙයි. ඒ වගේම කුණු තක්කාලි දර්ශකයේ 93%ක ඉහල අගයකුත් ලැබිලා තියෙනවා. මේක අයත් වෙන්නේ Crime, Drama, Mystery කියන categories වලට මේ Tv series එකට පාදක වෙලා තියෙන්නේ Liane Moriarty කියන ලේඛකයා ලියපු නවකතාවක්. මේකේ තිර රචකයා සහ නිශ්පාදකයා වෙන්නේ David E. Kelley කියන කෙනා. එතකොට මේ Tv series එක කතා මාලා දෙකකට තමා සැලසුම් කරලා තියෙන්නේ පලවෙනි කතා සමයේ Episode 7කුත් දෙවන කතා මාලාවේ Episode 7ක් වශයෙනුයි. මේකේ දෙවනි කතා මාලව මේ අවුරුද්දෙදී රූගත කිරීම් කරන බවත් 2019 වසරෙදි නිකුත් කරන බවත් දැනගන්න ලැබෙනවා. මේ Tv Series එකේ පලවෙනි කතා මාලාවේ සියලුම කොටස් අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Jean Marc Vallee විසින් ඒ වගේම මේ Tv series එකට Golden Globes සම්මාන 4කුත් තවත් සම්මාන 44කුත් ලැබිලා තියෙනවා. තවත් සම්මාන 51 එකකට නාමයෝජනාත් ලැබිලා තියෙනවා. එතකොට Top Rated Tv Series වලින් 157වන ස්ථානයත් මේ සීරිස් එක ලබා ගෙන තියෙනවා. හිතාගන්න පුලුවන්නේ මේ සීරිස් එක කොහොම ඇතිද කියලා. ආයි අහන්න දෙයක් නෑ සුපිරිම තමා අනික මේක බලනකොට බලන්නම් වාලේ බලලා නම් වැඩක් නෑ. මොකද හැංගුනු කතාවක් තමා තියෙන්නේ ඒ හින්දා පොඩ්ඩක් විමසිල්ලෙන් මේක බලන්න ඔනී. මේකෙ රගපාන අයත් කවුද කියලා බලමු. Reese Witherspoon, Nicole Kidman, Shailene Woodley, Zoe Kravitz, Laura Dern, Larry Sullivan, Adam Scott කියන අයයි මේකේ Cast එක විදිහට ඉන්නෙ.

මේකේ කතාව පාදක වෙලා තියෙන්නෙ කාන්තාවන් තිදෙනෙක් ගැන ඉතින් මේකේ කතාව මොකද්ද කියලා මම වැඩිය කියන්න යන්නෙ නෑ. කුතුහලේ නැති වෙන හින්දා බලලම දැන ගන්නකෝ. දෙවනි කොටසින් මම පොඩ්ඩක් විස්තර කරලා කියන්නම්. මුල්ම කතාව පටන් ගන්නේ යම්කිසි මිනීමැරුමකින් ඉතින් කවුද එ මිනීමැරුම කලේ කියලා සදහන් කරන්නෙ නෑ. ඊට පස්සේ එක වසරේ පොඩි ලමයින්ගේ අම්මලා පස් දෙනෙකුත් ඒ අයගේ පවුලේ අය ගැනයි පෙන්නනනව. ඉතින් කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන්. හොද සීරිස් එකක් මේක ඒ හින්දා මේක අත්හැර ගන්නෑ නැතුව බලන්න, බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.

කලින් කරපු චිත්‍රපටියට දක්වලා තිබ්බ ප්‍රතිචාර නම් ගොඩාක් මාව සතුටු කලා. අන්තිමට බලනකොට comment 100ක් විතර තිබ්බ ඉතින් ඔහොම වෙන කොට මොනවද අප්පා කරන්න බැරි. ඒවයින් තමා අපිට තව තවත් සබ් කරන්න පෙලබෙන්නෙ. හරි එහෙනම් මේ සීරීස් එකටත් ඒ වගේ සහයෝගය දක්වයි කියලා හිතනවා. එහෙනම් දෙවනි කොටසත් අරන් ඉකමනින්ම එන්න බලන්නම්, එතෙක් සැමට ජය වේවා……….

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 Torrents Download

| Bluray | 720p | MkvCage | 3.3GB | Complete S01|

Direct Download

| Bluray | 720p | MkvCage | 460MB |

 

| Bluray | 1080p | x265| 575MB |

 

| Bluray | MkvCage | 720p | 3.3GB | Complete S01|

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Big Little Lies [S01E01] 18+|මරණයක් නිසා….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!