Junga (2018) | ලෝභම ලෝභ මැරයා

ආයුබෝවන් සියලු දෙනාටම. මගේ හයවෙනි සබ් එක විදිහට දමිල ෆිලුමකට සබ් කරොත් හොදයි කියල හිතුන. ජොයින් වෙලා මාසයක් ඇතුලත සබ් හයක් කරගන්න මට පුලුවන් වුනා. ඇත්තටම සතුටුයි. ඒ වගේම මගේ කලින් සබ් වලට කමෙන්ට් දාපු අයටත් බොහොම ස්තූතියි.

2018 ජූලි මාසෙ 26 වෙනිද නිකුත් වෙච්ච මේ ෆිල්ම් එක මේ වන විට IMDb එකේ 6ක අගයක් අරන් තියෙනව. Action/Comedy ගනයට අයත් වන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ Gokul විසින්, ඒ වගේම මේකෙ ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Vijay Sethupathi (VJS),Sayesha Saigal සමගින් Madonna Sebastian. ෆිල්ම් එක ගැන කිව්වොත් කාලෙකින් හිනාවෙන්න පුලුවන් දමිල ෆිල්ම් එකක් දීල තියෙනව. ඇක්ෂන් සීන් වගේම කොමඩි සීනුත් ගොඩක් මේකෙ තියෙනව.

කතාව පැත්තට හැරුනොත්, ජුන්ගා (ප්‍රධාන චරිතය) කියල මැරයෙක්ව පොලිසියෙන් නීතියට හොරෙන් මරල දාන්න තීරණය කරල එයාව හිර ගේ මාරු කරන්න රජය නියෝග කරා කියල බොරු කියල මැරයව එලියට එක්ක එනව. මෙයාව මරන්න එක්ක අතරමග මේ මැරය තමන්ගෙ ජීවිත කතාව කියනව. ජුන්ගා කියන්නෙ කලින් බස් කොන්දොස්තර කෙනෙක්. දවසක් මෙයා කෙල්ලෙක් වෙනුවෙන් කෙනෙක් එක්ක වලියක් දාගන්නව, පස්සෙ මෙයා එයාට හොදටම ගහනව. එතකොට තමයි දැන ගන්නෙ තමන් මැර පවුලක කෙනෙක්ක් කියල. මැර පවුලක් කියන්නෙ අපි හිතාගෙන ඉන්න තරම් දරුනු එකක් නෙවෙයි. ටිකක් චාටර් මැර පවුලක්. මෙයාගෙ තාත්තයි, සීයයි දෙන්නම කලින් හිටපු මැරයො. මේ දෙන්න මැරකම් කරන්න ගිහින් ඔක්කොම ධනය නාස්ති කරල මෙයාලට අයිති වෙලා තිබුනු සිනමාහලකුත් විකුණල. ජුන්ගා ඔය සිනමාහල ආපහු ලබා ගන්න කරන සෙල්ලම් ටික තමයි ඊට පස්සෙ තියෙන්නෙ. හරි වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. ඔයාලම ෆිල්ම් එක බලල ඉතුරු ටික දැන ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, තවත් මේ වගෙ සබ් එකක් අරන් ඒමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | ESub | 705MB |

Direct Download

| HDRIP | x264 | SD | 215MB |

| HDRIP | x264 | ESub | 410MB |

| HDRIP | x264 | ESub | 705MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

| HDRIP | x264 | 1080p | 2GB |

| HDRIP | x265 | 720p | 870MB |

| HDRIP | x265 | 1080p | 1.7GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Junga (2018) | ලෝභම ලෝභ මැරයා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/baiscoped/public_html/wp-includes/functions.php on line 3743

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/baiscoped/public_html/wp-content/plugins/really-simple-ssl/class-mixed-content-fixer.php on line 111