Mohini (2018) | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී..!

එහෙනම් ආයුබෝවන් කිව්වා කට්ටියටමරේස් 3 චිත්‍රපටියෙන් පස්සේ සුපුරුදු පරිදි ආවා කරලියට..! දමිළ චිත්‍රපටියකින් ඉතින් ෆිලුමේ නම දකිද්දිම කට්ටියට හිතාගන්න පුලුවන් ඇති නේ මොනවගේ කතාවක්ද මේකේ තියෙන්නේ කියලා. ට්‍රේලර් එක බලපු අයට ගෙන් අමුතුවෙන් අහන්න ඕන නෑනේ..! කාලෙකට පස්සේ අපේ ඒ කිව්වේ දමිළ චිත්‍රපට රසිකයිගේ නිලි රැජිණක් වෙන ට්‍රීෂා අක්කා ඔන්න කරලියට ඇවිත් ඉන්නවා. මම එහෙම කිව්වට අවුලක් නෑනේ .! අක්කා කිව්වට මොකද අපි සාමාන්‍යයෙන් ඉස්සර ඒ කිව්වේ 2002 ඉදන් 2007/2008 වෙනකන් මෙයා ගොඩක්ම හිට් උන ෆිල්ම්වල එහෙම රඟපෑවා ඔයාලා දන්නවනේ..!තව මේකට සබ් කරලා දෙන්න සෑහෙන්න පරක්කු උනා ඒකටත් සමාව ඉල්ලනවා.

ඉතින් වෙනදා වගේම අපේ සංස්කාරක මඩුල්ලේ අයව මතක් කරොත් විමා (අශාන් විමුක්ති) තමයි මට මේක කරන්න ඉල්ලපුවම වෙන් කරලා දුන්නේ..! තව ඉතින් සිසිල සහොත් මේකේ හොඳ පිටපතක් අන්තර්ජාලෙට නිකුත් උන ගමන්ම දැනුම් දුන්නා. සිසිල දාලා තියෙන භාදක හරහා ඉතිම් මොන ෆිලුමකටවත් හොරාට යන්න බෑනේ..! ඉතින් ඒ දෙන්නට ස්තුතිවෙන ගමන්ම චිත්‍රපටිය ගැනත් බලන්නයි මේ ලෑස්තිය. 2018 ජුලි මාසෙ 27තිරගතවුන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය Ramana Madhesh වන අතර නිෂ්පාදනය S. Lakshman Kumar විසින් සිදුකරලා තියෙනවා. Trisha එක්ක Jackky Bhagnaniප්‍රදාන චරිත හොබවනවා.

මේ කතාවේ ඇතුලේ තියෙන විශේෂ කාරණාවක් තමයි ඈත අතීතයේ සිටම පැමිනෙණ මිත්‍යාදෘෂ්ඨික මත පදනම් උන මිනිස් බිලි දීමේ ඛේදවාචකය. අප දැන් මේ ජිවත්ව සිටින්නේ පරිගණක යුගයක නොහොත් ඉතාම දියුණු නැනෝ තාක්ෂණික කාලවකවානුවක උනත් තවමත් අප අතර වගේම අප සමාජයේ තිබේනා මිත්‍යාදෘෂ්ඨික මතයන් බොහොමයි..! ඒ අතරින් මිනිසුන් විසින් තවත් කාරණාවක් සඵල කරගැනීම සඳහා මිනිස් බිලි දීම නැත්නම් තවත් මනුස්සක්ව ඝාතනය කිරීම නම් හරිම ඛේදජනකයි..! ඉතින් මේ චිත්‍රපටය හුදෙක්ම හොල්මන් චිත්‍රපටියක් එහෙමත් නැතිනම් හොරර් මූවී එකක් උනාට මා පෙර කියු කාරණාවන් අදටත් මේ සමාජයේ තිබනා බවටත් මනා ලෙස පෙන්වා දී තිබෙනවා. එහෙනම් වඟකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටින්නම් කරුනාකර ඔබගේ දරුවන් රැකගන්න ප්‍රවේසම් කරගන්න.ඔබද අවධානයෙන් ජීවත් වන්න.

වෛශ්නවි කියන්නේ අංක එකේ සූපවේදිනියක්..! එයා එක එක කෑම ජාති හදන හැටි වීඩීයෝ හදලා ඒවා වෛයිශ්නවිම යාවත්කාලීන කරගෙන යන යූටියුබ් චැනලයට දානවා. කාලය ගත වෙද්දි වෛයිශ්නවිට තමන්ගේ හොඳම යාළුවගේ අවශ්‍යයතාවයක් නිසා ලන්ඩන් යන්න වෙනවා.ඉතින් ලන්ඩන් ගියපු වෛයිශ්නවිට සන්දීප් කියලා තරුණයෙක් මුණගැහෙනවා. එකෙන් පස්සේ වෛයිශුට මුහුණපාන්න වෙන්නේ සුළු සුළු කරදර වලට නම් නෙවෙයි.ඇත්තටම කියනව නම් වෛයිශ්නවි ආවා නෙවෙයි ගෙන්නුවා. ඉතින් කවුද ගෙන්නුවේ..? යළුවගේ වැඩේ මොකක්ද..?මෝහිණි කවුද..? මේ ප්‍රශ්න ටික විසඳගන්න ෆිලුම බලලම ඉන්න කියන ගමන් අදට මම සමුගන්නවා. එහෙනම් තව මලයාලම් චිත්‍රපටියකින් හමුවීමේ බලාපොරොත්තුව දෙන ගමන්ම ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!

සබ් එක බාගෙන යන ගමන් කමෙන්ටුවක් එහෙම දාගෙන යන්නත් අමතක කරන්න එපා..!!

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි…!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP | x264 | ESub | 700MB |

Direct Download

| HDRIP | x264 | SD | 250MB |

| HDRIP | x264 | ESub | 400MB |

| HDRIP | x264 | Esub | 700MB |

| HDRIP | x264 | 720p | 1.4GB |

| HDRIP | x264 | 1080p | 3.4GB |

| HDRIP | x265 | 720p | 890MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Mohini (2018) | ධර්මයක් නැති කෘෘර ආත්මය මෝහිණී..!

  • August 30, 2018 at 9:34 am
    Permalink

    good film do you have sinhala sub of this film

    Reply
  • August 30, 2018 at 1:26 pm
    Permalink

    ai me site ake 4tos ganna beri

    Reply
  • August 31, 2018 at 5:50 pm
    Permalink

    openload eke Mewage 720p hevc (mkv) noda hdrip (mkv) 720p wage danna barida?

    Reply
  • October 12, 2018 at 6:07 am
    Permalink

    As penne nadda bn ube.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!