Assassins (1995) | ඝාතකයෝ

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම හිතුවා.

දැන් සමහර ඇය කියන්න පුළුවන් අපෝ මේක පරණ එකක්නේ නැත්නම් අවුරුදු 25 කටත් කිට්ටුයිනේ කියලා . ඒත් කියන්න ඕනේ මේක මුලින්ම බලද්දී මට එහෙම හැඟීමක් දැනුනෙවත් නැහැ. දෘශ්‍ය ප්‍රයෝග වගේ දේවල් මේකේ නොතිබුනාට අමුතුම ගතියක් තිබ්බා කියන්න පුළුවන්. Richard Donner විසින් අධ්‍යක්ෂණය කල,Sylvester Stallone එහෙම නැත්තනම් අපි හැමෝම දන්නා “රම්බෝ” ගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වෙච්ච මේ බයිස්කෝප් එක IMDB දර්ශකයේ 6.3 පමණ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්නා සෝරෝ හෙවත් Antonio Banderas ද මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා. කියාදාම, ත්‍රාසය, කුතුහලය , ආදරය මේ සේරම නියම ප්‍රමාණ වලින් සංකලනය වුන බයිස්කෝප් එකක් කියන්න පුළුවන්.

“ඝාතකයෝ” කියලා නම් කරපු පලියටම මේක ලේ වගුරවාගෙන පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් සටන් ජවනිකා වලින් පිරුණු සලරුවක් නෙවෙයි කියලත් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මම මේ බයිස්කෝප් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. බයිස්කෝප් ඒක බලලා ඔබේ අදහස් පහල අදහස් තීරුවේ සටහන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මගේ අදහසට වඩා බයිස්කෝප් රසිකයන්ගේ අදහස් වටින බවයි මගේ අදහස. ඒ අදහස් මේ පිලුම බාගන්න එක අපරාදයක් වෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්න අයට උදව් වෙයි කියලත් හිතනවා. ඉතින් … සමුගන්න අවසරයි. ඔයාලට ජය!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| BluRay | x264 | 720p | 930MB | YTS |

Direct Download

| BluRay | x264 | 720p | 930MB | YTS |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Assassins (1995) | ඝාතකයෝ

  • September 2, 2018 at 15:46
    Permalink

    Assassins sub wada karanne natha………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!