Kirik Party (2016) | කැම්පස් ජීවිතේ

ආයුබෝවන් සියලු දෙනාටම. ඔන්න අද මම වෙනස්ම විදිහෙ කන්නඩ ෆිල්ම් එකකට සබ් අරන් ආව. මේක කරන්න අරන් ටිකක් දවස් වෙනව. ඒත් හදිස්සියේ අලුත් ෆිල්ම් එකකට(RX 100) සබ් දාන්න සිද්ද වුන නිසා මේක ටිකක් පස්සට දාන්න වුනා. කොහොම නමුත් මේ ෆිල්ම් එක ටිකක් පරණ එකක්, හැබැයි ෆිල්ම් එකනම් සුපිරි.

මේ ෆිලුම 2016 දෙසැම්බර් මාසෙ 29 තමයි තිරගතවීම ආරම්භ කරල තියෙන්නෙ. රන් සම්මාන කිහිපයකින් ම පිදුම් ලබල තියෙන මේ ෆිල්ම් එකට IMDb එකේ 8.6 ක් වගේ ඉහල අගයක් ලැබිල තියෙනව. එතකොටම හිතාගන්න පුලුවන්නෙ ෆිල්ම් එක කොහොම ඇතිද කියල. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Rishab Shetty විසින්, ඒ වගේම ප්‍රධාන චරිත වලට රන්ගනයෙන් දායක වෙන්නෙ Rakshit Shetty සහ Rashmika Mandanna. ඒ විතරක් නෙවෙයි ඉන්දියානු ප්‍රසිද්ධ ගායිකාවක් වන Shreya Ghoshal ගෙ ගීතයකුත් මේ ෆිල්ම් එකේ තීයෙනව. අපි හැමෝටම අපේ පාසල් ජීවිතේ අමතක කරන්න බැරි මතකයන් තියෙනව. ඒ වගේ කැම්පස් එකක කොල්ලො ටිකකගෙ කතාවක් තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.

හරි කතාව පැත්තට හැරුනොත්, කර්නා කියන්නෙ ටිකක් දඩබ්බර කොල්ලෙක්. මෙයාට කැම්පස් එකේ යාලුවො සෙට් එකකුත් ඉන්නව. මෙයා කැම්පස් එකේ පලවෙනි වසරෙ ඉන්න කෙනෙක්. සාන්වි කියන්නෙ ඒ කැම්පස් එකේම හතරවෙනි වසර අවසන් කරන්න ඉන්න කෙල්ලෙක්. කැම්පස් එකේ කොල්ලො කවුරුත් සාන්විට කැමතියී. හැම කෙනාම සාන්විගෙ හිත දිනාගන්න එයාගෙ පස්සෙන් එනව. ඒත් සාන්වි එයාලට කැමති වෙන්නෙ නෑ. ඒ අතරින් එක්කෙනෙක් කර්නා. කර්නට දවසක් සාන්විව ගෙදර ගිහින් බස්සන්න චාන්ස් එක හම්බ වෙනව. ඒකෙන් එයාට සාන්විගෙ ගේ හොයා ගන්න පුලුවන් වෙනව. කර්න කොහොමහරි සාන්විගෙ නම්බරෙත් හොයා ගන්නව. කර්නයි සාන්වියි එකිනෙකාට උදව් කරගන්නව. කොහොමහරි කර්න සාන්විට ගොඩක් ලං වෙනව. මේ අතර සාන්විගෙ කැම්පස් එකේ අවසන් දවස හෙටයි කියල හද සසල කරවන කේදවාචකයක් සිද්ද වෙනව. මම වැඩිපුර විස්තර කරන්න යන්නෙ නෑ. ඉස්සරහට මොකක්ද සිද්ද වෙන්නෙ කියල ෆිල්ම් එක බලලම හොයා ගන්න. හැමෝටම ෆිල්ම් එක බලන්න කියල ආරධනා කරන ගමන්, Junga(2018) ෆිල්ම් එකත් එක්ක නැවත් හමු වීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා. සියලු දෙනාටම සුබ පැතුම්!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRIP | x264 | ESub | 700MB |

Direct Download

| DVDRIP | Esub | x264 | 700MB | 

| DVDRIP | 720p | x264 | 1.5GB | 

| DVDRIP | 480p  | x265 | 330MB | 

| DVDRIP | 720p  | x265 | 420MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Kirik Party (2016) | කැම්පස් ජීවිතේ

  • August 28, 2018 at 11:33 am
    Permalink

    yako right click enable karapalla me mona magulakda thopi kare

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!