2036 Origin Unknown (2018) නොදන්නා දෙයක මූලාරම්භය…

හැමෝටම සුබ දවසක් වේවා!!! ඔන්න මම අද ඔයාලට අරගෙන ආව මේ වසරේ ඒකියන්නෙ 2018 ජුනි 08 දින රිදී තිරයට ආවඩාපු අලුත් සලරුවක්.

2036 Origin Unknown 2018 නමින් Hasraf Dulull විසින් අධ්‍යක‍ෂණය කරණ ලද මිනිත්තු 94ක ධාවන කාලයකට හිමිකම් කියන Sci-Fi කියන ඛාණ්ඩයට අයත් වූවක් වන මෙය ඒක්සත් රාජධානියෙන් නිර්මාණය කරන ලද්දක් වෙනවා. මෙහි රංගනයටKatee Sackhoff, Julie Cox, Steven Cree වගේ නළු නිලියන් රුසකගේ දායකත්වයක්ද ලැබෙනවා…

මෙහි කතාව කෙටියෙන් කිව්වොත්……..
පෘථිවි පාලනාධිකාරයෙන් අඟහරු වෙත මිනිසුන් සහිත මෙහෙයුමක් දියත් කරණවා. ඒ මෙහෙයුම් යානයට අඟහරු වලදී කිසියම් ප්‍රහාරයකට මුහුණ පාන්න සිද්ද වෙනවා. ඉතිං මේ කණ්ඩායමේ එක විද්‍යාඥයෙක්ට දූල දෙන්නෙක් ඉන්නවා. අනාගතයේ දවසක මොවුන් ලොකුවෙලා අභ්‍යාවකාශ මෙහෙයුම් සඳහා බැඳෙනවා. ඉතිං මේ එක දුවෙක් තමන්ගෙ තාත්තට වුන දේ මුලින්ම හොයාගෙන ඒසිදුවීම ගැන තමන්ගෙ අනෙක් සහෝදරීට හංගනවා. ඉතිං කස්ටිය දන්නවනේ තාත්තලට දූල මොනතරම් ආදරේද කියලා…. ඉතිං මේ අපේ කතා නායිකාව වන මැක් හෙවත් මැකෙන්සි (Sackhoff) වර්ෂ 2036 දී අඟහරු ගවේශනයට යොමුවෙලා තමයි ඉන්නෙ. දවසක් ඇයට සිද්ද වෙනවා ඉහල අණකට අනුව ඈගේ අනුමැතියකින් තොරව අඟහරුවෙත මෙහෙයුමක් දියත් කරන්න. මේ හින්දා ඇයනම් අමනාපයෙන් ඉන්නෙ හැබැයි කණාවට වගේ ඇයට, ඇය දියත්කරපු රෝවර් යානයට කියුබයක්, ඒ කියන්නෙ ඝනකයක් හැඩති විශාල අද්භූත වස්තුවක් හමුවෙනවා… එතනින් පස්සෙ තමයි කතාව සේරම කණපිට පෙරලෙන්න ගන්නෙ… මේ වස්තුව තමයි ඇයගෙ තාත්තගේ යානයට පහදෙන්න හේතුව, ඒවගේම මිනිස්සු හොයාගත්තු තාක්‍ෂණයටත් හේතුව… ඒ වගේම මේ වස්තුව නිසා සමස්ත මිනිස් සංහතියටම පෘථිවියෙන් අතුගෑවිලා යන්නත් වෙනවා… ඒ මොකද කියනවනම් මිනිස්සුම හදපු තාක්‍ෂණය මිනිසුන්ටම එරෙහිව යොදාගන්නවා. ඒකියන්නෙ මං හිතනවා ඔයාල බලල ඇති කියල G.I. Joe: Retaliation (2013) කියන සලරුව. අන්න ඒකෙ කෝබ්‍රා බලකාය වගේ ලොවපුරා ඉන්න රටවල් සේරම ආයුධ සන්නද්ධ සැටලයිට් දෙසිය ගණනක් ස්ථානගත කරලතියෙනවා පෘථීවිය වටේ. ඉතිං ඉතුරුටික මං කියන්න ඕන නෑනේ ඔයාලට…… වෙනසකට තියෙන්නෙ මිනිස්සු මිනිස්සුන්ටම නෙවෙයි ගහගන්නෙ, වෙනකෙනෙක් සේරම සැටලයිට් පාලනය කරලයි මේ දේ කරන්නෙ…

ආ… තව කියන්න දෙයක් අමතක වුනා, ඒතමයි මෙහි A.I. හෙවත් කෘත්‍රිම බුද්ධියක් තියෙනවා ARTI නමින් හඳුන්වන.. හැබැයි මේ කෘත්‍රිම බුද්ධියත් ඒ කියුබයෙම කොටසක් වෙනවා… ඉතින් මොකක්ද මේ කියුබය? ඒකට කරන්න පුළුවන් දේවල් මොනවද? මිනිසුන්ට මේ තාක්‍ෂණය එකපාරටම ආවෙ කොහෙන්ද කියල බලලම දැනගන්න කියන ආරාධනයෙන් අදට මං ඔයාලගෙන් සමුගන්නවා….. යන්න කලින් පුලුවන්නම් කමෙන්ටුවකුත් දාලම යන්නත් කියල ආරාධනා කරණවා, මොකද උපසිරැසි බාගත කරණ අය හුඟක් හිටියට මේ වෙබ් අඩවිය පවත්වාගෙන යාම වෙනුවෙන් කමෙන්ට් එකක් දාන කස්ටිය හුඟක් අඩු නිසා…

නැවතත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම සුභම සුභ දවසක් වේවා කියල ප්‍රර්ථනා කරණවා!!!!!!!!!!!!!!!!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 820MB |

Direct Download

|  WEB-DL | x264 | 480p | 300MB | 

| WEB-DL | x264 | 720p | 590MB |

| WEB-DL | 720p | MkvCage | 750MB | 

| WEB-DL | x264 | 720p | 800MB | YTS |

|  WEB-DL | x264 | 1080p | 1.5GB | YTS

|  WEB-DL | x265 | 720p | 720MB | PSA | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “2036 Origin Unknown (2018) නොදන්නා දෙයක මූලාරම්භය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!