Arrow [Season 1] Complete

ඔන්න ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ආසා කරන ඒ  වගේම ගොඩක් දෙනෙක් ඉල්ලපු ලස්සන Tv Series එකක් පුදුමයකුත් එක්කයි   මම අද අරගෙන ආවේ. පුදුමය තමයි මම ඔයාලට මේ Tv Series එකේ පළවෙනි සීසන් එකේ කොටස් ඔක්කොම එකවර දෙනවා. ඉතින් ත්‍රාස්‍ය, භිතිය, කුතුහලය පිරුණු Arrow Tv Series එකයි මේ. (සිංහල උපසිරැසි බාර අරගෙන ටිකක් වැඩිපුර කල් ගියාට වාසල ස‍හෝදරයා තරහා වෙන්නේ නැතිවෙයි කියලා හිතනවා ?

දැනට imdb අගය 8.1 වගේ ඉහල අගයකත් තියෙන මේ Tv Series එක  2012 ඔක්තොම්බර් 10 ප්‍රචාරය පටන්ගෙන මේ වෙනකොටත් රූපවාහිනියේ තිරගත වෙනවා.  ඒ වගේම Stephen Amell (ඔලිවර්) ,  Katie Cassidy (ලෝරල්), Willa Holland (තියා) , David Ramsey ( ඩිග්ල්) , Colin Donnell (‍ටොමී) වැනි ප්‍රසිද්ධ දක්ෂ නලු නිළියන්ගෙන් මේ කතාව ගොඩක් රසවත් වෙලා තියෙනවා.

කතාවෙන් කියවෙන්නේ මෙහෙමයි. ඔලිවර් කියන කොල්ලා එයාගේ තාත්තත් එක්ක බෝට්ටුවක යද්දි ඒ බෝට්ටුව මුහුදුබත් වෙලා මුහුදේ අතරමං වෙනවා. අන්තිමේට ඉතිරි වෙන්නේ ඔලිවර් විතරයි. ඊට අවුරුදු 5කට පස්සේ මෙයාව දූපතක ඉදලා හොයාගන්නවා. ඒත් කවුරුවත් දන්නේ නෑ මෙයාට මේ දූපතේදි මොකද වුනේ, මෙයා මොනවද කලේ කියලා.

ඔලිවර් ගෙදර එන්නේ නිකන් නෙවෙයි. හිතේ ප්ලෑන් එකකුත් තියාගෙන. ඒ තමයි එයාගේ තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන එක. එයාලගේ නගරය  දූෂණය කරපු අයගෙන් නගරය ‍බේරගන්නයි මෙයා ප්ලැන් කරන්නේ. ඒකට මෙයා කොළ කබායක් දාගත්ත දුනු ඊතල වලින් සටන් කරන වෙනස්ම කෙනෙක් වෙනවා. මේ වැඩේ කරද්දි මෙයාට ගොඩක් බාධක එනවා. තරහා කාරයෝ ඇතිවෙනවා. ඒ වගේම මෙයාට උදව් කරන්නත් කට්ටිය එකතු වෙනවා. තව අන්තිමේට මෙයාට ලොකු අභියෝගයකටත් මුහුණ දෙන්න වෙනවා.

ඉතින් අපේ කතාවේ වීරයා ඔලිවර් තාත්තගේ අන්තිම කැමැත්ත ඉටු කරන්නේ කොහොමද, එයාට කවුරුද උදව් කරන්නේ, ඇත්තටම එයාට අර දූපතේදි මොකක්ද වුනේ කියලා දැනගන්න මේ කතාව බලන්නකෝ… . .

 

Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDTV | x264 | 480p | 2.9GB | (Complete S01)

Direct Download

| HDTV  | x264 | 480p | 2.9GB | (Complete S01)

  

 

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Arrow [Season 1] Complete

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!