Veere Di Wedding (2018) | මොන මගුලක්ද මන්දා…(18+)

ආයුබෝවන් හැමෝටම. අද අරන් එන්නේ 2018 අවුරුද්දේ දැනට ඉන්දියාවේදී වැඩියෙන්ම ආන්දෝලනයට ලක්වෙච්ච චිත්‍රපටිය කිව්වොත් හරි මම හිතන්නේ. හොඳ කෙසේ වෙතත් වැඩිපුර බැනුම් අහගත්තු චිත්‍රපටියක්. එහෙම උනා කියලා කිසිම පාඩුවක් වෙච්ච නැති චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය Shashanka Gosh.රංගනයට එකතු වෙන්නේ කරීනා කපුර්, සෝනම් කපුර්, ස්වරා භාස්කර් සහා ශිඛා තල්සානියා සමඟ සුමීත් ව්‍යාස්. ඔව් තනිකරම ගැහැණු කිහිපදෙනෙක්ගේ කරමතින් දුවපු චිත්‍රපටියක්. චිත්‍රපටියට අදාල කරුණු කිහිපයක් දාන්නම්.

1) 18+ එකක්. ඔව් අනිවාර්යෙන්. අසභය වචන භාවිතය සහ සමහර දසුන් නිසා මේක ඒ කැටගරියට දාන්නම වෙනවා.
2) පකිස්තානය සහ කුවේට් රටවල් වල මේ චිත්‍රපටිය තහනම් කරා. හේතුව, අර උඩ කියපු අසික්කිත අන්තර්ගතවීම් නිසාම තමා.
3) මේකට නොබැන්න මිනිහෙක් නැති තරම්. හැබැයි බනින සංඛ්‍යාවට අනුලෝමව හෝල් වලට ගිය සංඛ්‍යාවත් වැඩි වුණා. අවසානයට ප්‍රතිඵලය උනේ මේ චිත්‍රපටිය HIT එකක් එකක් වීම. කවුරුත් හිතුවේ නැහැ ආදායම අතින් මේ තරම් සාර්ථක වෙයි කියලා. වියදම කෝටි 42යි. නමුත් සමස්ත ආදායම කෝටි 138යි.
4) 2018 වසරේ දැනට වැඩිම ආදායම් ඉපැයූ චිත්‍රපට 10 අතරේ තියෙනවා, මතක හැටියට.
5) IMDb අගය බොහොම අඩුයි. හරියටම කිව්වොත් 3යි. මනාප 9000කට වැඩි සංඛ්‍යාවකින්.
6) කරීනා එයාගේ දරු ප්‍රසුතියට පස්සේ මුලින්ම කරපු චිත්‍රපටිය. සෝනම්ගේ විවාහයෙන් පස්සේ රිලීස් කරපු පලවෙනි චිත්‍රපටිය.
7) චිත්‍රපටිය එන්න කලිනුත් නඩුවක් දාගත්තා, Veeray Ki Wedding කියලා චිත්‍රපටියක් එක්ක. ඒ මේකේ නමට සමාන නමක් තියෙන නිසා. ඒත් නඩුවෙන් මෙයාලා පැරදුනා.
8) Lust Stories (2018) නොබලපු කෙනෙක් නෑනේ. ඒකෙ අර මිල කරන්න බැරි දර්ශනයක් තිබ්බා මතක ඇතිනේ. ඔන්න ඊට සමාන දර්ශනයක් මේකෙත් තියෙනවා, අපරාධේ කියන්න බෑ. ඉතින් 18න් උඩ අයට දාන්නම එපැයි නේද?
9) කතාව ගැන කිව්වොත්, ලෝකේ කාපු කෙල්ලෝ හතරදෙනෙක් ගැනයි කතාව යන්නේ. ඉස්කෝලෙන් සමු අරන් අවුරුදු 10කට පස්සේ මෙයාලා හම්බ වෙනවා. ඒ හම්බෙන්නේ මෙයාලගෙන් එක්කෙනෙක් කසාද බඳින නිසා. අවුරුදු 10 ඇතුලත එයාලගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙලා තිබ්බා. එයාලා ආදරයට, කසාදයට, ලිංගිකත්වය දක්වන ප්‍රතිචාර වගේම සමාජය දිහා බලලා ඒ එක්ක ගැටෙන ආකාරය තමා මේ චිත්‍රපටිය පුරාම පෙන්නන්නේ.
10) ටයිම් පාස් කරන්න හොඳ චිත්‍රපටියක්. කොමඩි ටිකකුත් තියෙනවා. ඉතින් මහ බරපතල දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ජීවිතේට ආදර්ශ ටිකකුත් නොදෙනවම නෙමේ. අර කිව්ව සීන් එක බලාගන්නත් එපැයිනේ.

ඔබ සැමට උච්ඡ සුවය ලැබේවා!


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | ESub | 700MB |

| HDRip | x264 | 720p | 1.4GB |

Direct Download

|  HDRip | x264 | Esub | 420MB | 

| HDRip | x264 | ESub | 720MB | 

| HDRip | x264 | 480p | 300MB | 

| HDRip | x264 | 720p | 930MB | 

|  HDRip | x264 | 720p | 1.4GB | 

|  HDRip | x265 | 720p | 520MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Veere Di Wedding (2018) | මොන මගුලක්ද මන්දා…(18+)

  • August 23, 2018 at 19:23
    Permalink

    onna gattha sub thenzxx

    Reply
  • August 28, 2018 at 07:07
    Permalink

    meke dan link ekak vath namakvath copy ganna bane api kohomada dan film eka download karanne

    Reply
  • August 29, 2018 at 02:14
    Permalink

    Meke dana hashtag dan copy karanna bane… ?????

    Reply
  • August 29, 2018 at 11:02
    Permalink

    torrent eka copy kara ganna barinam,mona magulakatada eka dala theyanne eka ain karala dapalako,

    Reply
  • August 17, 2019 at 18:46
    Permalink

    Ko ban nane film eka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!