Kadaikutty Singam (2018) | දඟකාර සිංහ පැටියා

කාර්ති සිවකුමාර් නැත්තන් සුපිරි දමිළ නළු සූර්යාගේ මල්ලි කාර්ති ගැන ඔයාලා කවුරුත් දන්නවනේ..! එහෙනම් අද මම අරන් ආවේ කාර්ති ගේ අළුත්ම චිත්‍රපටියට සිංහල උපසිරැසිය..! හැමදාම එන චිත්‍රපටි රාමුවෙන් පොඩ්ඩක් විතර වෙනස්ම විදියේ වැඩ වලට අතගහන කෙනෙක්නේ කාර්ති කියන්නේ.! ඒ කිව්වේ නිතරම අර කට්ටිය කියනවා වගේ දකුණු ඉන්දියාවේ ගුරුත්වාකර්ෂණය අඩු කේස් තියෙන චිත්‍රපටි.! මම දන්න විදියට කාර්ති කියන්නේ ඒවටම විතරක් හිර වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි.! එහෙම කියලා Action චිත්‍රපටි වලට කැමති අය මේක නොබලා ඉන්න එපා ඒවත් අඩුවක් නැතුව මේකෙත් තියෙනවා.! හැබැයි මේ චිත්‍රපටියේ කතාව නම් ගම් වල වෙන්න පුලුවන් ජාතියේ බොහොම ප්‍රායෝගික කතාවක්..!

Pandiraj කියන අධ්‍යක්ෂකතුමාගෙ අතින් ලියවිලා අධ්‍යක්ෂණය වුන මේ චිත්‍රපටිය දමිළ සුපිරි නළු Suriya විසින් නිෂ්පාදනය කරන ලද්දක්..! සංගීතය D. Imman ගෙන්. 2018 ජූලි මාසේ 13 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ සම්පූර්ණ වියදම ඉන්දීය රුපියල් කෝටි 30 ක් වෙනවා.බොක්ස් ආදායමඉන්දීය රුපියල් කෝටි 73 ක්ම එකතු කරගත්ත මේ චිත්‍රපටිය තෙලඟු භාෂාවෙන් පවා හඬ කවලා ප්‍රදර්ශණය කිරිමටත් සූදානම් කරලා තියෙනවා.

අද එක ගොවියෙක්ගේ මරණය…!
හෙට ලක්ෂ ගානකගේ මරණය..!
ඒක හරි ගොවියෝ විදියට අපි මැරෙන්නේ මොකටද..?
ආත්මගරුත්වයක් නැති එවුන් ජීවත් වෙද්දි අපි මැරෙන්නේ මොකටද..?

කතාව මෙහෙමයි ගුණසිංහම් කියන්නේ අක්කලා පස්දෙනෙක් ඉන්න පවුලක බාලම සහෝදරයා..! ඉතින් පවුලේ ආදරය විතරක් නෙවෙයි ගමේ අයගෙ පවා ගෞරවාදරයට පාත්‍ර වුන කෙනෙක් තමයි ගුණසිංහම් කියන්නේ..! ගොවිතැන රස්සාවටත් වඩා දේවත්වයෙන් සලකගෙන ජීවත් වෙන ගුණසිංහම් කරත්ත තරඟවලට එහෙමත් හරිම දක්ෂයි.! ඉතින් පවුලේ අය හැමෝම කැමැති ගුණසිංහම්ගේ කසාඳේ පවුලේම අක්කලා දෙන්නෙක්ගේ දුවලා දෙන්නෙක් වෙන චෙලලම්මා,ආන්ඩාල් කියන දෙන්නගෙන් කවුරු හරි කෙනෙක් එක්ක වෙනව නම්..! ඒත් ගුණසිංහම් කැමති තමන් ආදරේ කරන තමන්ගේම වංශයට තත්වයට පවා ගැලපෙන කෙල්ලව කසාඳ බඳින්න. කතාවේ ප්‍රදාන වශයෙන්ම ගලාගෙන යන්නේ ඔහොම තමයි. ඒත් කෝ දුෂ්ඨයා නේද..? ඉන්නවා ඉන්නවා එහෙම කෙනෙක් මේකේ ඉන්නවා.

කොඩි අරසු කියන්නේ ගුණසිංහම් එක්ක එකම පන්තියේ ඉගෙන ගත්ත හතර වසරේ ඉදලා ගුණසිංහම්ගේ දෑහට පෙන්නන්න බැරි කෙනෙක්.! කොඩිඅරසු කුල භේදය ගැන ලොකුවට හිතලා වැඩ කරන කෙනෙක් බැරිවලාවත් තමන්ට පහල කුලයක කොල්ලෙක් තමන්ගෙ කුලේ කෙල්ලක් එක්ක කතා කරනවා දැක්කත් ඇති. එතනින් එහාට හිතාගන්න පුලුවන්නේ මොනව කරයිද කියලා. ඉතින් ගුණසිංහම්ට අදාල වෙන ඒ වගේ සිද්දියක් නිසා කොඩිඅරසුයි ගුණසිංහමුයි ආයේ පාරක ලොකුවටම රණ්ඩු වෙනවා. ඒකේ ප්‍රථිපලයක් විදියට කොඩිඅරසු ගුණසිංහම්ගෙන් පලිගන්න එක එක විදියේ අමානුෂික වැඩ පවා කරන්න ගන්නවා. පවුලේ අයව පවා භේද කරවනවා.

කතාවේ ඉතිරිය ඒ කිව්වේ ගුණසිංහම්ගේ කසාදේ එයාට ඕන විදියට වෙයිද..? පවුලේ අයට ඕන විදියට වෙයිද..? කොඩිඅරසු කුලභේදය සම්බන්ධව කරන වැඩක් ගුණසිංහම්ට බලපාන්නේ කොහොමද..? කොඩිඅරසු පලිගන්න මොනවද කරන්නේ..? පවුලේ අය භේදවෙලා විසිරුනාට පස්සේ ගුණසිංහම් මොනව කරයිද..? ආපහු පවුල එකතු කරගනිවිද..? මෙන්න මේ දේවල් ටික වෙන්නේ කොහොමද කියලා බලාගන්න ඕන නම් චිත්‍රපටිය බලලම ඉන්න. බලලා අදහස් උදහස් එහෙමත් දාගෙන යන්න කියනින් ගමන් අදට සමුගන්නවා. ආයේ එහෙනම් Race 3 චිත්‍රපටියෙන් ඉක්මණටම හම්බෙමු.

ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HQ HDRip | x264 | ESub | 400MB |

4475A8C117CCFAB60DD716254AAD75019300427

| HQ HDRip | x264 | ESub | 700MB |

DBEE10D11FA4A353A9C7646CB60C4F798916E007

Direct Download

| HQ HDRip | x264 | SD | 270MB | 

| HQ HDRip | x264 | ESub | 430MB | 

| HQ HDRip | x264 | ESub | 710MB | 

| HQ HDRip | x265 | 720p | 875MB | 

| HQ HDRip | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

8 thoughts on “Kadaikutty Singam (2018) | දඟකාර සිංහ පැටියා

  • August 19, 2018 at 9:05 pm
    Permalink

    DBEE10D11FA4A353A9C7646CB60C4F798916E007 sab no mach

    Reply
  • August 20, 2018 at 9:03 pm
    Permalink

    720p walata sub match wen nehe macho..eka hadanna

    Reply
  • August 21, 2018 at 12:05 pm
    Permalink

    මට දැනගන්න පුලුවන්ද මේ usersdrive kiyana link eken ඩවුන්ලෝඩ් කරන්න ආවම කරන්න ඕන විදිය කවෘහරි

    Reply
    • August 21, 2018 at 8:17 pm
      Permalink

      I.m not robert kiyana ekata tik eka danna.ita psse picturs wagyk tornna ei eka hriyta teruwhma download krnna denwa

      Reply
  • August 22, 2018 at 4:07 pm
    Permalink

    Thanks machan link valata

    Reply
  • September 1, 2018 at 5:51 pm
    Permalink

    meke torrent aken dawunlod kara ganne kohomada?????????

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/baiscoped/public_html/wp-includes/functions.php on line 3743

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (0) in /home/baiscoped/public_html/wp-content/plugins/really-simple-ssl/class-mixed-content-fixer.php on line 111