10,000.B.C (2008) | දෛවය වෙනස් වේ!

ඔන්න මගේ පළවෙනි සබ් 1ත් අරන් බයිස්කෝප් 1ට ආව. බයිස්කෝප් එකේ පලවුනු පළවෙනි සබ් එකේ ඉඳල මම බැලුව. පස්සෙ මට හිතුන මමත් සබ් එකක් දුන්නොත් හොඳයි කියල, ඒත් මට සිංහල ටයිප් කරන්න බෑ. පස්සෙ බොහොම අමාරුවෙන් සිංහල ටයිපින් පුරුදු උනා. පළවෙනි සබ් එක විදිහට මම දෙන්න හිටියෙ හිoදි film එකක්(acid factory 2009 ) බාගයක් ටයිප් කරල නිකමට බැලුව ටොරන්ට් file වලට seeds ල ඉන්නවද කියල, ඒකෙ ටොරන්ට් වලට seeds ල අඩුයි. ඉතින් ඒ වැඩේ අත ඇරල දාල විකියගෙනුත් අහල මේ වැඩේට බැස්ස. අයියෝ වඩේට අත ගැහුවට පස්සෙනෙ සිංහල සබ් ගැහිල්ලෙ අමාරුව තේරුනේ. වැඩේ කරන කොට තමයි මේක film එක බලන තරම් ලේසි නෑ කියල තේරුනේ. lines 70 ක විතර අඩුවක් තිබ්බ, ඒටිකත් දාලම සබ් 1 ඉවර කලා. මේකෙ වැරදි නම් ඇති. ඊලඟ සබ් වලදි ඒවත් හදාගෙනම දෙන්නම්.  මේකෙ තියෙන අඩුපාඩු ටිකත් පෙන්නල පොඩි comment  1කුත් දාල යන්න.
කියෙව්ව වැඩිද මන්ද, කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ, ඉස්සල්ල සහෝදරයෙක් මේ ගැන හොඳ පෝස්ට් 1ක් දාල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කිවුවොත් ලස්සන කතාවක්,  මේක පුරාවෘතයක් ගැන කතාවක් (හුඟක් අය ඒවට කැමතීනෙ) මේකෙ ඉන්නව  යාගායි කියල ගෝත්‍රයක ලමයෙක් ඩිලේහ් කියල. ඒ ළමය තමයි මේකතාවෙ ප්‍රධානිය, මේ ගෝත්‍රයට හම්බවෙනව වෙනත් ජාතියක් විසින් පාහර දුන්නු ගමක සිටි නිල් ඇස් සහිත ගෑණු ළමයෙක්, ඇයව යාගායි ගම්මානයට ගෙනා පසු එහි සිටින අනාවැකි කාරිය ළමයා පිළිබඳව අනාවැකියක් පවසනව. පිරිමි ලමයා ගෝත්‍රයේ නායකයා වෙන හැටි, ගෝත්‍රය සතුරු ආක්‍රමණයකට මුහුන දෙන හැටි, පසුව පැහැරගෙන ගියවුන්ව මේ තරුණ නායකයා බේරගන්න ආකාරය ගැන කියවෙනව. තව පොඩ්ඩෙන් කතාවෙ ඔක්කොම ටික කියනව. ලඟදීම තවත් සිoහල උපසිරසියක් සමග නැවත් හමුවෙමු .
කලින් පළවූ ලිපිය 

ගොඩක් අය බලල ඇති කියල හිතෙන ෆිල්ම් එකක් ගැනයි අද කියන්න යන්නෙ..10 000 BC කියන්නෙ යෝධ සිනමා කෘතියක්..ලොකු වියදමක් කරල තියෙනව..ඒ වගේම කතාවත් හොදයි..කම්මැලි නැතිව බලන්න පුලුවන් එකක්,නමුත් නොගැලපෙන තැන් තියනව වගේ හිතෙනව..

කොහොම උනත් මෙන්න මෙහෙමයි කතාව..නමේ හැටියටම මේක මීට වසර 10 000කට පමණ ඉහත යුගයේ සිදුවීමක්..ඒ කාලෙ මිනිසුන් ගෝත්‍ර විදියට ජීවත් වෙනව..මේ එක ගෝත්‍රයක කතාවක් තමයි මේ..
මේ ගෝත්‍රයේ ඉන්නව අනාවැකි කියන්න පුලුවන් එකම එක කාන්තාවක්..ඇය දිනක් වෙනත් විනාශ වුනු ගෝත්‍රයකින් ඉතිරි වී පැමිණෙන කුඩා ගැනැණු ළමයෙක් දැක අනාවැකියක් කියනව,ඇය නිසා මහා විපර්‍යාසයක් වෙන බවට.මේ දරුව මේ ගෝත්‍ර සමගම ලොකු මහත් වෙනව,කුඩා කළ සිටම තනි වූ පිරිමි ළමයෙක් ඇයත් සමග ආදරයෙන් වෙලෙනව පුංචි කාලෙ ඉදලම..මේ දෙන්නත් ගෝත්‍රයේ අනික් අයත් ටික කලක් සතුටින් ඉන්නව..නමුත් එක් දිනක් මේ ගෝත්‍රය ආක්‍රමණයට ලක් වෙනව..මෙතැනදි අර තරුණිය පැහැරගන්නව සතුරන් විසින්..ඉහත කී තරුණයත් තවත් දෙදෙනෙකුත් තීරණය කරනව සතුරන් පිටුපස හබා යන්න..
මේ සිද්දියෙන් ඇත්තරම මුලු ගෝත්‍රයෙම දෛවය වෙනස් වෙනව..විස්තරේ කියවල බලන්න හිතුන නම්

Ps :-මේක Independence Day හා The Day After Tomorrow යන චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගෙ තවත් නිර්මාණයක්..


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 850MB |

85A8BE637B5E80EA7F7E411FE969AF0FE1C80AFC

Direct Download

| Bluray | x264 | 720p | 850MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!