Along Came the Devil (2018) AKA Tell Me Your Name | අහිංසකාවියකගේ ජීවිතයම බිලිගත්, බිහිසුණු අමනුෂ්‍යය ආත්මය…!

තමන්ගෙ අම්මගෙ මරණයෙන් පස්සෙ ඈෂ්ලිටයි එයාගෙ අක්කා ජෝර්ඩන්ටයි බොහොම කටුක ළමා කාලයක් තමයි උරුම වුණේ. ඒකට හේතුව වුණේ එයාලගෙ තාත්තගෙ දරුණු හැසිරීම. එයාලගෙ තාත්තා හැම වෙලාවෙම වගේ මේ පොඩි කෙල්ලො දෙන්නට හොඳටම තරවටු කරනවා. මේ වගේ නොයෙක් ප්‍රශ්න නිසා මෙයාල ගම් පළාත දාල වෙනත් ප්‍රදේශයක පදිංචියට යනවා. කොහොමින් කොහොම හරි කාලය ගතවෙලා ඈෂ්ලි වගෙම ජෝර්ඩනුත් තරුණ වයසට පත්වෙනවා. අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ලැබුණු නිසා ජෝර්ඩන්ට ඈෂ්ලිගෙන් ඈත්වෙන්න සිද්දවෙනවා. ජෝර්ඩන් ඉගෙනීම් කටයුතු වලට දුර බැහැරකට ගිය නිසා ඈෂ්ලි ආපහු එයාල කලින් ජීවත් වුණු ගම් පළාතට ඇවිත් එයාලගෙ නැන්දා, ටානියාගෙ ගෙදර නතරවෙනවා.ඈෂ්ලිගෙ ජීවිතේට කණකොකා අඬන්න පටන්ගන්නෙ ටානියාගෙ ගෙදරට ආවට පස්සෙ. ඈෂ්ලිට නොයෙක් විදිහෙ අමුතු ශබ්ද වගෙම කම්පන ඇහෙන්න, දැනෙන්න පටන්ගන්නවා. පාර්ටියකට ගිය වෙලාවක අමුතු කාන්තා රූපයකුත් ඈෂ්ලිට පේනවා. ඉතින් මේ සිද්දවෙන අමුතු දේවල් එක්ක ඈෂ්ලි හිතන්නෙ එයාගෙ මැරුණු අම්මා ආපහු ඇවිත් කියලයි. ඉතින් ඒ ගැන හරියටම දැනගන්න කියල ඈෂ්ලියි එයාගෙ යාළුවා හැනායි එකතුවෙලා පොඩි යාතුකර්මයක් වගේ වැඩක් කරනවා. ඒත් ඒකෙන් වෙන්නෙ මේ දේවල් තවත් දරුණු වෙන එක විතරයි. හැනා දැනගන්නවා ඈෂ්ලිගේ ගෙදර ඉන්නෙ දරුණු අමනුෂ්‍ය ආත්මයක් බව. හැනා ඒ ගැන ඈෂ්ලිට කිව්වත් එයාට මේ සිද්දවෙන කිසිම දෙයක් ගැන තේරුම් ගන්න බැරිවෙනවා. කොහොම වුණත් ටිකෙන් ටික ඈෂ්ලිගේ හැසිරීම වගෙම ආසාවනුත් වෙනස් වෙන්න පටන්ගන්නවා. ඉතින් මෙතනින් එහාට මම කතාව ගැන කියන්න යන්නෙ නැහැ… ඈෂ්ලිට මොකක්ද මේ සිද්දවෙන්න යන්නෙ කියල බලන ඔයාලට දැනගන්න ලැබෙයි…සත්‍ය සිදුවීම් පෙළක් පාදක කරගනිමින්, Drama | Horror | Thriller යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2018 අගෝස්තු මස දහවැනිදා පටන් තිරගත වීම ඇරඹූ මෙම සලරුවේ අධ්‍යක්ෂණය Jason DeVan විසින් සිදුකර ඇති අතර තිර පිටපත නිමවා ඇත්තේ Jason DeVan, Heather DeVan හා Dylan Matlock විසිනුයි. The Handmaid’s Tale කතා මාලාවේ සහ Sharp Objects (2018) හා Under the Silver Lake (2018) යන චිත්‍රපට වලට රංගනයෙන් එක් වූ Sydney Sweeney විසින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට රංගන දායකත්වය ලබාදී තිබෙනවා. සෙසු චරිත සඳහා Madison Lintz, Jessica Barth, Bruce Davison සහ Matt Dallas තම රංගනයෙන් දායකවී තිබෙනවා. මිනිත්තු 89ක් පුරාවට ගලායන කතා පුවතක් රැගත් මෙම සලරුවට 4.3/10 IMDb අගයක් සහ Google පරිශීලකයින්ගේ 72%ක මනාප ප්‍රතිශතයක් හිමිවී තිබෙනවා.

“මම කිසිම මනුස්සයෙක් නොදැකපු තරම් අමනුෂ්‍යයෝ දැකල තියෙනවා.”

– මයිකල්

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-DL | x264 | 720p | 700MB |

6C6CF3F3BAE14E24E0111F35566C9D4617B20B15

Direct Download

| WEB-DL | x264 | 480p | 350MB | 

| WEB-DL | x264 | 720p | 650MB | 

| WEB-DL | x265 | 720p | 470MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!