The Proposal (2009) | මෙහෙමත් මගුල්!…

ප්‍රධාන සංස්කාරකතුමී – මාග්‍රට් ටේට් ඉස්සරහ දොරෙන් ඇතුළු වෙද්දිම කාර්යාලේ ඇතුළ මීයට පිම්බා වගේ වුනා. ” එයා එනවා” කියන පණිවුඩේ පරිගනක තිරෙන් තිරේට දිස් වෙන්න ගත්තා, මෙච්චර වෙලා අල්ලාප සල්ලාපයේ හිටපු සේවිකාවෝ දෙන්නා ඔලුව නවා ගෙන හෝ ගාලා වැඩ කරන්න ගත්තා. සමහරු කකා හිටපු කෑම එක පැත්තක හංඟල වැඩට බැස්සා. අන්තිම මොහොතේ පණිවුඩේ ආව තවත් සමහරු මුළු මුළු වල හැංගුනා. හැබැයි, ප්‍රධාන සංස්කාරකතුමීගේ සහයකයා – ඇන්ඩෘ පැක්ස්ටන් විතරක් වෙනදා වගේම මූණේ හිනාව පුරව ගෙන, එක අතකින් කෝපි කෝප්පෙකුත් අල්ල ගෙන, ඇය එනකල් බලා හිටියා. ඒත්, ඒ හිනාවට යටින් තිබුනේ කවදා මේ වධකාරිගෙන් නිදහස් වෙන්නද කියන සිතිවිලිවිල්ල විතරයි!

ඊටත් විනාඩි 15කට විතර පස්සේ, සේවකයන්ට බොහොම තදින් සලකන, කතාවෙන් ඕනම කෙනෙක්ව නම්ම ගන්න පුලුවන්, කාටවත් දෙවෙනි නොවෙන කෙනෙක් වුන මාග්‍රට් කියනවා එයයි, එයාගේ සහයකයා ඇන්ඩෘයි බඳින්නයි යන්නේ කියල. මේ කතාව කනින් කන ගියාම විසුමක් නැති වුනේ අසරණ ඇන්ඩෘට! ඒ වෙද්දී, ඇන්ඩෘවත් දැනන් හිටියේ නෑ, මාග්‍රට් මෙහෙම කරන්නේ එයාගේ වීසා කාලය අවසන් වුන නිසා කියනෙක ගැන! ඒත්, ඒ තරම් ලේසියෙන් මේ දෙන්නට විවාහ වෙන්න ලැබෙන්නේ නෑ. එහෙමනම්, බොහොම රසබර සිනමා අත්දැකීමක් විඳගන්න එක්කාසු වෙන්න…!

කාලෙකට පස්සේ තමයි චිත්‍රපටයකට අත ගැහුවේ. ඒකත් අසංක අයියගේ ඉල්ලීමට. චිත්‍රපටියේ නම The Proposal 2009. මං හිතන්නෙ නම කිව්ව ගමන් බොහෝ දෙනා දන්න චිත්‍රපටයක්, සමහරවිට බලලත් ඇති. පුදුමේ කියන්නේ මේක අපේ උපසිරැසිකරුවන්ට මඟ ඇරුනෙකයි. 2009 වසරේ ආව චිත්‍රපටයක්නේ. පමා වෙලා හරි සිංහල උපසිරැසිය අද මේ විදියට දෙන්න අවස්ථාව සැලසුවට අසංක අයියට ස්තූතිවන්ත වෙනවා.

මේ වෙද්දී IMDb දර්ශකයෙ 6.7 ක අගයක් රඳවගන්න මේ චිත්‍රපටය ඇතුළත් වෙන්නේ හාස්‍යජනක, ආදර, නාට්‍යමය වර්ගයට. අධ්‍යක්ෂණය කරල තියෙන්නේ Anne Fletcher. මේ චිත්‍රපටයේ මාග්‍රට් ටේට් ගේ චරිතයට පණ පොවන්නේ හැමෝම දන්න සුපිරි නිළිය Sandra Bullok. Best Performance by an Actress in a Motion Picture- Comedy or Musical කියන කැටගරිය යටතේ ඇය මෙහි කරන විශිෂ්ට රංගනය වෙනුවෙන් Golden Globe සම්මානය සඳහා නිර්දේශ වෙලා තියනවා, ඊට අමතරව තවත් සම්මාන 19 කට නිර්දේශ වුන මේ අපූරු සිනමා සිත්තම දිනා ගන්නට සමත් වූ සම්මාන ගණන 7ක්. අනෙක් වැදගත්ම දේ තමයි ඇන්ඩෘ පැක්ස්ටන්ගෙ චරිතෙන් හමු වෙන්නේ සුපිරි නලු Ryan Reynolds වීම. ඉතින් මේ දෙන්නා ඉන්නවා කියන්නේ ආයිත් අටුවා ටිකා ටිප්පනි ඕනම නෑ කියලයි මං හිතන්නේ.
ආරාධනා කරනවා, හැම කෙනෙක්ටම මේ අපූරු සිනමා සිත්තම නරඹන්න කියල!

ආයුබෝවන්!

පෙර පලකරන ලද ලිපිය

මේ කියන්න යන්නෙ අලුත් වගේම ගොඩක් රසවත් චිත්‍රපටයක් ගැනයි.. IMDB රේටින්ග්ස් වල 6.7/10 ක් ලබාගෙන තිබෙන මෙම චිත්‍රපටය ඔයාල හැමෝම ආසාවෙන් රසවිදියි කියල හිතනව..

මෙන්න මෙහි කතාව, මාගරට් කියන්නෙ විශාල පොත් ප්‍රකාශන සමාගමක ඉහළම තනතුරක් දරන, ඒ වගේම ඇයගේ සේවකයන්ට බොහොම තදින් සලකන විදේශික කාන්තාවක්.. ඇන්ඩෲ කියන්නෙ ඇගේ කාර්යාල සහායකය.. දවසක් ඇයට ඉහළ නිළදාරින් කතා කරල කියනව ඇයගේ වීසා කාලය අවසන් වී ඇති බැවින් නැවතත් තම මව් රටට යන්න කියල.. ඒකට අකමැති වෙන ඇය තීරණය කරනව ඇමරිකානුවෙක්ව කසාද බදින්න.. හැම දේකදිම වගේ මෙතනදිත් ඇයට මතක් වෙන්නෙ ඇගේ කාර්යාල සහායකය වන ඇන්ඩෲවම තමයි.. ඇන්ඩෲගෙ සිහිනය තමයි මෙම ආයතනයේ ඉහළ නිළයකට පත් වීම.. ඒ අනුව ඔහුත් තීරණය කරනව ඇයව බදින්න.. නමුත් මෙහෙම පුරවැසි භාවය ලබාගැන්මට ව්දේශිකයන් ඇමරිකානුවන් හා විවාහ වීම සුලබ දෙයක් නිසා ඔවු දෙදෙනාට පරීක්ෂන ගොඩකට මුහුණ දෙන්න වෙනව..

ඇත්තටම කතාව බොහොම ලස්සනයි.. ආදරණීයයි.. ඔයාල හැමෝම මේ ආදරණීය කොමඩි චිත්‍රපටය රසවිදියි කියල හිතනව!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 750MB |

73E52C4008843AE9D4CB759723428CDDA9111AD9

Direct Download

| Bluray | x264 | 480p | 300MB |

| Bluray | x264 | 720p | 750MB |

| Bluray | x264 | 720p | 1.4GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “The Proposal (2009) | මෙහෙමත් මගුල්!…

  • August 12, 2018 at 2:45 am
    Permalink

    ගොඩාක් ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *