Blindspot [S03 : E22] | ඔබේ ලඟම මිත්‍රයාගෙන් ප්‍රවේශම් වෙන්න..!

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපි ක්‍රමයෙන් Blindspot තුන්වන කතා සමයේ 22 කොටස නැත්තං අවසාන වෙළුමට ඇවිල්ල ඉන්නෙ.. මේක කරන්න හිටියෙ නම් ලහිරු.. කවුරුත් දන්න විදියට ලහිරු විභාග කටයුතු නිසා මේ කාලෙ උපසිරැසිකරණයෙන් ටික දවසකට ඈත් වෙලා තමයි ඉන්නෙ.. ඉතිං ඒ නිසා මේ කොටසත් මම ඉවර කළා.. හරි එහෙනම් කලින් කොටස තුළ වුණේ මොකක්ද කියල මතක් කරගෙන ඉමු..පසුගිය කොටසින්..පහුගිය කොටස තුළදි බ්ලේක් එක්ක එකතුවෙලා රෝමන් එකසත් ජාතීන්ගේ සංවිධානයට ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න හැදුව මතකයිනේ. මුලින්ම අවධානය වෙනස් කරන්න ෆොටෝකොපි මැෂින් එකකට බෝම්බයක් සෙට් කරන්න බ්ලේක්, රෝමන් කටයුතු කරනව.. හැබැයි පැටර්සන්ගෙ උදව් ඇතුව ටාෂා, රීඩ් දෙන්න ඒ බෝම්බය නිෂ්ක්‍රිය කරනව. ඇත්තටම රෝමන් මේක ප්ලෑන් කරන්නෙ ක්‍රෝෆෝර්ඩ්ගෙ උවමනාවක් සම්පූර්ණ කරන්න. ඒ තමයි කෙම්බෙසි සහ ඕඩාන් කියන රටවල් හරහා යන්න තියෙන තෙල් නලයක් ක්‍රෝෆෝර්ඩ්ගෙ ඉඩමක් හරහා යවාගන්න. ඒක කරන්න ඕන නම් ක්‍රෝෆෝර්ඩ්ට කෙම්බෙසි, ඕඩාන් රාජ්‍ය නායකයින්ව ඝාතනය කරල රටවල් දෙක අතරෙ සිවිල් යුද්ධයක් ඇති කරන්න වෙනව. හැබැයි සැලසුම ක්‍රියාත්මක වෙන අතරෙ ජේන්, කර්ට් දෙන්න හොටෙල් එකට ඇවිත් රාජ්‍ය නායකයින් දෙන්න ආරක්ෂා කරනව. ඒ නිසා රෝමන්ට සැලසුම සාර්ථක කරගන්න බැරි වෙනව. මේ අතරෙ කෙම්බෙසි රාජ්‍යයේ රජුගෙ ෆෝන් එක නැති වෙනව.. ඒක හොයනකොට වීඩියෝ එකක තිබිල අහු වෙනව ඒක ගත්තෙ ටාෂා කියල. ඒකෙන් පස්සෙ ටාෂා CIA ඔත්තුකාරයෙක් කියල එළි වෙනව.. හැබැයි ටාෂා මේ ෆෝන් එක හොරකම් කළේ සාක්ෂි ඉතුරු වෙන විදියට නිසා ඇයව CIA 1න් ඉවත් කරනව. මේ ඔක්කොම අතරෙ රෝමන් ජේන්ට තවත් අභියෝගයක් කරනව.. ඔහු වීඩියෝ එකක් මාර්ගයෙන් ප්‍රෙහේලිකාවක් එවනව.. ඒකෙන් කියවෙන්නෙ අවසාන ගේම් එකක් ගැන.. ඒ අනුව “ජයග්‍රාහකයාට හැමදේම උරුම වෙනව” කියල තමයි රෝමන් ප්‍රෙහේලිකාව අදාල කතාව අවසාන කරන්නෙ.

අද කොටසින්..

මේක බොහොම සිත්ගන්නාසුළු කොටසක්.. මොකද කතාව රෝමන් සහ රෙමී දෙන්නගෙ ජීවිත පටන් ගත්ත දකුණු අප්‍රිකාවට තමයි හැරවෙන්නෙ. රෝමන්ගෙ සැලසුම අසාර්ථක වුණාට පස්සෙ ඔහු දකුණු අප්‍රිකාවට පැනල යනව. හැබැයි ක්‍රෝෆෝර්ඩ් සූදානම් නැහැ ටොම් (රෝමන්) නිකම්ම අතෑරල දාන්න. මේ වෙනකොට FBI එක ක්‍රෝෆෝර්ඩ් පස්සෙ වැටිල ඉන්නෙ.. අන්න ඒ හේතුව නිසා ක්‍රෝෆෝර්ඩ් පැන ගන්න බ්ලේක් උදව් කරනව.. බ්ලේක් ඇමක් විදියට දාල ක්‍රෝෆෝර්ඩ් පැන ගන්නව. හැබැයි ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ බ්ලේක්, ටොම්ගෙ ජීවිතය බේරගන්න FBI එක එක්ක ගණුදෙනුවක් කරනව.. ඒ තමන්ගෙම තාත්තව පාවල දීල.. කොහොමින් කොහොමහරි ටොම් ක්‍රෝෆෝර්ඩ්ව අල්ලල හිර කරගෙන මරණීය තර්ජන කරනව.. මෙතන්දි අතීත කතාවක් ඉස්මතු වෙනව.. ඒක ඔයාලම බලාගන්න මොකද්ද කියල.. රෝමන්, ක්‍රෝෆෝර්ඩ් පස්සෙ FBI එකෙන් එනව. එතනදි කර්ට් වෙඩි පහරකට ලක් වෙනව. එතනින් එහාට තමයි ඇත්තටම කතාවෙ හැරවුම් ලක්ෂය සනිටුහන් වෙන්නෙ..

* කර්ට්ට වෙඩි පහර නිසා ඔහුට මොකක් වේවිද?
* ජේන් කියනව ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නව කියල.. ඇත්තටම ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවද. නැත්තං ඒක තවත් ඛේදවාචකයක ආරම්භයක් ද?
* ක්‍රෝෆෝර්ඩ් අල්ල ගන්න පුළුවන් වේවිද?
* ටොම්ගෙ ඇත්තම සැලසුම මොකද්ද?
* ජොබ් එක ගහල ගියපු ටාෂාගෙ ඊලඟ සැලසුම මොකද්ද?
* බ්ලේක් කියන්නෙ ඇත්තටම මොන වගේ කෙනෙක්ද?
* අද කතාවෙන් සමුගන්නා චරිත මොනවද?
* අඟේ ඉඳන් කන කාපු මිත්‍රද්‍රෝහියා/ද්‍රෝහියෝ කවුද?

මීටත් වඩා තව ප්‍රශ්න බොහෝ ගාණක් අද කතාව තුළින් විසඳගන්න පුළුවන්.. ඒ අතර හැමෝම බොහොම හොඳින් දන්න කෙනෙක් කරන ඇස් අදහාගන්න බැරි සැලසුමක් නිසා කතාව හතරවන කතා සමයක් දක්වා දිගහැරෙනව.. ඔන්න එහෙනම් 2018 ඔක්තෝම්බර් 18 වෙනිදා හතරවන කතා සමයේ විකාශය ආරම්භ කරන බව CTV ආයතය ප්‍රකාශයට පත් කරල තියෙනව කියන සුබාරංචියත් මේ වෙලාවෙම අරගෙන එනව.. එහෙනම් ඉතිං ඒ කතා සමයත් අපේ බයිස්කෝප් සහෝදරයෙක් හෝ කීපදෙනෙක් එකතුවෙලා අරගෙන ඒවි.. එතෙක් සමු අරන් යන්නම්..

ජය වේවා..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| HDTV | x264 | SVA | 285MB |

FD79E92B8DD65BE584F7D22495F9ED8C2FF36DB7

 Direct Download

| HDTV | x264 | SVA | 285MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *