Tik Tik Tik (2018) | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..?

දැන් මම ඔබතුමන්ලට කියන්න යන කාරණාව මේ කාමරෙන් එළියට යන්න බෑ…!
මීට දවස් දෙකකට කලින් චෙන්නයි වලට වැටුන උල්කාපාතය ගැන ඔබතුමන්ලා දන්නවා.
අපේ ගණනය කිරීම් වල හැටියට තව දවස් හතකින්…
තවත් උල්කාපාතයක් අපිට කඩා වැටෙනවා.

ටික් ටික් ටික් … ඉන්දියානු සිනමාවේ අභ්‍යාවකාශය හා බැඳුනු කතාවකින් සමන්විත ප්‍රථම චිත්‍රපටය..! දමිළ සිනමාවේ ඉතිහාසය අලුතින් ලියවුන මේ චිත්‍රපටය මීට පෙරත් දමිළ සිනමා ඉතිහාසයේ ” Miruthan ” චිත්‍රපටයෙන් නව පිටුවක් පෙරලු ජයම් රවීගේ අලුත්ම චිත්‍රපටය ටික් ටික් ටික්..! ඉතින් බලන්න පුලුවන් හොඳ පිටපතක් නිකුත් වෙලා සැලකියයුතු දින ගණන් ගතවුනාට පස්සේ සිංහල උපසිරැසිය ගෙන්න සිද්දවුනේ කාලය පිළිබඳව ආපු ගැටලු නිසාවෙන්..! මුලින්ම මේ චිත්‍රපටය සඳහා උපසිරැසි කරන්න අවස්ථාව ලබාදීම පිළිබඳව අප අඩවියේ සහොදරියක් වෙන හෙළලී හේමමාලි නංගිට ස්තුති කරන්න කැමතියි..! මොකද මේ චිත්‍රපටිය එයා උපසිරැසිකරන්න බාරගත්ත එකක් නිසා. අපේ සංස්කාරක මඩුල්ලේ සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතිය පිරිනමන ගමන්ම මම කතාව පැත්තට අවදානය යොමු කරන්න කැමතියි..!

2018 ජුනි මාසේ 22 වෙනිදා තිරගත කරපු මේ චිත්‍රපටියේ බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියානු රුපියල් කෝටි 37 ක් උපයා ගන්න සමත් වෙලා තියෙනවා. තිරගත වෙලා පලවෙනි දෙවෙනි දවස් කීපයේදි කෝටි 03 හා 12 බැගින් උපයා ගත්ත මේ චිත්‍රපටය ශක්ති සුන්දර් රාජන්ගේ ගේ රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් හැඩුවූවක්..! ජයම් රවීගේ රංගනයෙන් සපිරි මෙම සිනමා පටය සඳහා IMDB හි අගය 7.1/10 ක් ම ලැබිලා තියෙනවා.

ඉන්දියාවේ සිතියම පවා වෙනස් වීමට යන උවදුරක් සිද්දවන්නට යන අවස්ථාවක්..! කෝටි 04 ක මිනිස් ජීවිත නැතිවීමට යන අවස්ථාවක්..! එය වලක්වාලීමට ඇත්තේ දින හතක් වගේ පොඩි කාල අවකාශයක්..! මේ සේරම කරන්න ඒ කිව්වේ මේක නවත්තන්න තියෙන එක විකල්පය තියෙන්නේ මහ පොලොවේ නෙවෙයි..! අනික ඒ දේ ගන්න වෙන්නෙත් හොරකන් කරලා. ඒක හොරකන් කරන්නත් හොඳ දක්ෂ හොරෙකුත් ඕන. මෙන්න මේ වගේ උභතෝකොටික ගැටලු රාශියක් සහිත කාතවකින් සමන්විත මේ චිත්‍රපටය තවත් විදියකින් කිව්වොත් ඉන්දීය සිනමාවේ ප්‍රථම අභ්‍යාවකාශ චිත්‍රපටය, දමිළ සිනමාවේ නව පිටුවක් පෙරලා හැරවුම් ලක්ෂයක් බඳුවු මේ සිනමා සිත්තම නරඹා රසවිඳින්නට කියා මා සිනමාලෝලි සියලුම රසික රසිකාවියන්ට ආරාධනා කරනවා.

මේ වගේ චිත්‍රපටියකට මම මේ ලිව්වා වගේ ලිපියක් කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව දැන දැනත් මට මේ ලිපිය ලියන එක මෙතනින් නවත්තන්න වෙනවා. මොකද මම කිව්වා වගේ මට මේ වැඩ කරන්න තියෙන කාලය බොහොම අඩුයි..! අනික මම දැම් මේකට සබ් එක කරලා ඉවර කරෙත් රාජකාරියක ඉන්න ගමන් ලැප්ටොප් පරිගණකයේ වේගයෙන් අඩුවී යන බැටරි බලය හමුවේ මට මේ වැඩේ නවත්තන්න වෙනවා. මොකද මේක දැන් මේල් කරන්නත් ඕන තවත් වෙලාව ගියොත් තවත් පරක්කු වෙනවා එහෙනම් අදට මම ගියා. වටිනා අදහස් එහෙම දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් අදට සමුගන්නවා. ඔබ සියලු දෙනාට කඳ සුරිඳු පිහිටයි


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 400MB |

25BDA33FE1516B7D1D35C884C8C0BDA9D2EE6B1A

Direct Download

| HDRip | x264 | Esub | 400MB | 

| HDRip | x264 | Esub | 700MB | 

| HDRip | x264 | 720p | 1.4GB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

6 thoughts on “Tik Tik Tik (2018) | ශ්‍රී ලංකාවට අඩි දාහක සුනාමියක් එයිද..?

  • August 10, 2018 at 2:26 am
    Permalink

    1.4gb eka banna ba error kiyanawa

    Reply
  • August 10, 2018 at 10:54 pm
    Permalink

    Fatta bn.thanx aaaaah😋

    Reply
  • August 11, 2018 at 12:36 am
    Permalink

    torrent hash tag eka weradine

    Reply
  • August 11, 2018 at 4:04 pm
    Permalink

    ගොඩාක් ස්තූතියි …❤️❤️❤️

    Reply
  • August 11, 2018 at 7:39 pm
    Permalink

    torrent hash tag eka weradine

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *