Money Heist aka La casa de papel [S01 : E03] | හොරා පොලිස්… සටන……

අද හැමදේකටම කලින් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ඔයාලා පොලීසියේ පැත්තද ගන්නේ? නැත්නම් මංකොල්ලකරුවන්ගේ පැත්තද ගන්නේ?

දෙලොවක් අතර අතරමං වන ප්‍රශ්නයක් ඇහුවා කියලා මට බනින්න එපා, තාම සැලසුම හරියට දන්නේවත් නැතිව කොහොම මේවට උත්තර දෙන්නද? නේද? ?

පසුගිය කොටසින්,

වෙඩි වැදුනා කියලා බිම වැටුන රියෝ, මෙන්න අපි හැමෝවම මවිත කරමින් යහතින් ඉන්නවා දකිනකොටම කතාව ගැන කුතුහලය කෙසේද යන්න ඔබට වැටහෙන්නට ඇති. 99.9 කින් මුහුන අසලින් ගිය උන්ඩයකට රියෝට සිහිය නැතිවෙලා තියෙන්නේ බැලින්නම්. කොහොමද ඒකෙත් හැටි.
ඒ වගේම රියෝ හා ටෝකියෝගේ හුට පටය කරළියට එනවා, නමුත් එය වසා දමන්නට දෙදෙනාට හැකියාව ලැබුනත්, බර්ලින්ගෙන් බේරෙන්නට රියෝට හැකියාවක් ලැබෙන්නේ නෑ.

පසුගිය කොටසින් තමයි පොලීසිය නිළ වශයෙන් මංකොල්ලයට මැදිහත් වන්නේ. මෙහිදී පොලිසිය පමණක් නොව බුද්ධි අංශයද මැදිහත්වනවා. ඊට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශයද මැදිහත් වන්නේ ඇලිසන් පාකර් නිසාවෙනි.

ඇය බ්‍රිතාන්‍ය තානපතිගේ එකම දරුවායි. බ්‍රිතාන්‍ය උසස් පාසලේ අධ්‍යාපන චාරිකාව රෝයල් මින්ට් වෙත පැමිනි අතරතුරයි. ඇයව මේ කලබැගෑනියට එක්කාසු වන්නේ. මේ වන විට නිළවශයෙන් ප්‍රාණ ඇපකරුවන් 63ක් සිටිනවා. එයින් බ්‍රිතාන්‍ය උසස් පාසලෙන් 17කුත්, ආරක්ෂක අංශයෙන් 11කුත්, රෝයල් මින්ට් ආයතනයේ සේවකයින් 35කුත් අයිතිවනවා.

මේවන විට සියල්ලන්ටම සමාන ඇදුම් ලබා දී ඇත. කිසිවෙකුට කිසිවෙක් වෙන් කර හඳුනාගත නොහැක. කවුරුන් කොල්ලකරුවන්ද කවුරුන් ප්‍රාණ ඇපකරුවන්ද වග. මංකොල්ලයේ සැලසුම එතරම් සූක්ෂම බව ඔබට පසක් වනවා නොඅනුමානයි.
අනෙක් පසින් පොලීසිය වැඩ ආරම්භ කරන්නේ, මෙවැනි කටයුතු පිළිබඳව හසල පළපුරුද්දක් ඇති පරික්ෂකවරියක් සමඟයි. ඇය නමින් රැකල් මුරලියෝ. ඔහුගේ නියෝජ්‍ය පොලිස් පරීක්ෂක වන්නේ ඒන්ජල් රූබියෝයි. සහයට බුද්ධි අංශ හා ආරක්ෂක අංශ සිටිනවා.

පරීක්ෂකතුමියත් සමඟ ප්‍රොෆෙසර් සන්නිවේදන කටයුතු අරඹන්නේ මේ අතර වාරයේයි. සෑම පියවරක් පාසාම ප්‍රොෆෙසර්ගේ තීක්ෂණ බුද්ධිය මනාවට පැහැදිලි කරනවා, ඔබටද එය පැහැදිලි ඇති.

සියල්ල පෙර සැලසුම් කල මංකොල්ලයක පොලීසියව අල්ලේ නටවන්න මංකොල්ලකරුවන් සමත් වන්නේ කිසිඳු සටනකින් තොරව සහජ බුද්ධිය යොදාගෙනයි.පළමු වටය මංකොල්ලකරුවන් ජය ගන්නේ නිතරඟයෙනි…

එපමණක් නොව පොලීසියට වඩා පියවර ගනනාවක් ඉදිරියෙන් සිටින්නට දැනට මංකොල්ලකරුවන් සමත්ව ඇත. පසුගිය කොටස අවසාන වන විට ඔවුන් රෝයල් මින්ට් එකට ඇතුලුවූ රාජකාරිය ආරම්භ කරන්නට, ඔවුන්ට හැකියාව ලැබෙන්නේ පොලීසියේ අසංවිධානාත්මක බව නිසාවෙනි. ඔවුන් දිනකට ආසන්න වශයෙන් යූරෝ මිලියන 200ක් අච්චුගසන්නට සූදානම්. පෙර සඳහන් කල පරිදි ,බැංකුවේ ඇති කිසිදු මුදලක් මොවුන් කොල්ල කන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය මුදල් ඔවුන් සකසා ගනී. එය කිසිවෙකුටවත් ලුහුඹැඳිය නොහැකි මට්ටමේ ඒවාය. ???

ඉතිං මෙවැනි මංකොල්ලයන් මින් පෙර දැක තිබේද?
මංකොල්ලයේ ප්‍රධාන පරීක්ෂකවරයා, කොල්ලයේ මහ මොළකරුත් සමඟ එකම අවන්හලේ එකම මේසයේ අසුන් ගත්තත් හදුනාගැනීමට නොහැකිනම්. එවැනි සෙල්ලමක් කරන්න පුලුවන් කිනම් විදිහේ සැලසුමකටද කියා ඔබට සිතින් මවාගන්න කියා ඉල්ලන්න කැමතියි. රැඳී සිටින්න දිගටම, ඉස්සරහට තවත් රසවත් දේවල් ගොඩක් තියෙනවා. තවම ආරම්භය පමණයි.

අද කොටස කුතුහලයෙන් පිරීයන කොටසක් නිසාවෙන් කිසිවක් කියනවාද? නැද්ද ?
ම්ම්ම්….. ඔයාලම අරගෙන රස විඳින්නකෝ. කිව්වාම කුතුහලය නෑනේ. ? ඒත්….. චුටි දෙයක් කියන්නම්, අවුරුදු ගණනක සැලසුමක් වුනත් මිලි තත්පරයක අත්වැරැදීමකින් වරදින්න පුලුවන්. ගිහින් එන්නම්. හැමෝටම ජය…!!! ?✌

Torrents Download

| WEBRip | x265 | 720p | 5GB |S01-S02

218C934C894F0CE3DF26A30A96204DAFC697EFA2

Direct Download

| WEBRip | x264 | 720p | 350MB |

| WEBRip | x265 | 720p | 260MB |

| WEBRip | x265 | 720p | 3GB |
Complete S01
|

</p

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Money Heist aka La casa de papel [S01 : E03] | හොරා පොලිස්… සටන……

  • August 9, 2018 at 10:24 pm
    Permalink

    බොහොම ස්තූතියි සබ් එකට
    හදිස්සි වැඩිහින්ද සීසන් එකම බැලුව english වලින් හඩකවපු season 2 download කරගන්න link එකක් දෙන්න පුලුවන්ද

    Reply
  • August 10, 2018 at 11:59 am
    Permalink

    මෙකේ කොටස් ටික ඉක්මනට දාපන්කෝ බන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!