Sila Samayangalil (2016) | සමහර වේලාවන්හීදී…

මේ වන විට මිලියන 34 කට වැඩි ජීවිත සංඛ්‍යාවක් HIV රෝගයට හිමි කම් කියයි. HIV ලෝකයේ වඩාත් ප්‍රසිද්ධ සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස වර්තමානයේ සලකනු ලබයි. ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් වර්තමාන HIV ජනගහනය මිලියන 37 ක් පමණ බව පවසයි. 2014 දී මිලියන 2.2 ක ජනතාව HIV ආසාදනයට ගොදුරු වී ඇත. ජාතික ආධාරක සින්ටරෝල් සංවිධානයේ දත්ත වලට අනුව ඉන්දියාව විසින් ඇස්තමේන්තුගත වාර්ශික නව HIV ආසාදන වලට ගොදුරු වී ඇති සංඛ්‍යාව 57% ක් දක්වා සමස්ථයක් ලෙස අඩු වී ඇත.(වැඩිහිටි ජනගහනය අතර)මෙය ඉන්දියානු ආණ්ඩුව විසින් සපයනු ලබන ඖෂධ වල වියදම් පිරිවැය ඵලදායී ලෙස විශ්ලේෂණය කිරීමකි. තවමත් වර්තමානයේ 51 % ක් පමණ පුද්ගලයින් HIV ආසාදනයෙන් පෙලෙන බවට ඇස්තමේන්තු කර ඇත.එබැවින් HIV ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වඩාත් ඵලදායි ක්‍රමයක් වනුයේ ජනගහනය දැනුවත් කිරීමයි. AIDS බෝ වන රෝගයක් නොවේ.(වාතයෙන් සහ ජලයෙන් බෝ නොවේ.) එය සිදුවිය හැක්කේ කායික සම්බන්ධතා පැවැත්වීම මඟිනි. ඒ නිසා එය වෙනත් බෝවන රෝග බොහොමයකට වඩා අඩුවේ.

මං අද දවසේ හරිම සතුටෙන් තමා මේ ලිපිය ලියන්නේ, ඒ මොකද අද සමාජයේ වේගයෙන් ව්‍යාප්ත වන HIV රෝගය වැනි සමාජයේ තියෙන ලොකු ගැටලුවකට පිලිමයක් වශයෙන් මට මේ චිත්‍රපටයට සබ් එක කිරීම ලැබීම සම්බන්ධව. අද සමාජයේ කෙනෙකුට HIV වැලදුනා කිව්වාම සමාජය විසින් ඒ මනුස්සයා දෙස බලන්නේ අමුතු ඇසකින්. නමුත් අද සමාජයේ HIV වැලදිය හැක්කේ අන්යොන්‍ය සබඳතාවයන් තබා ගත්තොත් විතරමද. ඉන්දියාවේ පමනක් ඇස්තමේන්තු කරගෙන තිබෙනවා ඉන්දියාව තුල HIV රෝගය සෑදුනු පුද්ගලයින්ගෙන් 34 % ක් පමණ දෙනා වෙන කෙනෙකුගෙන් වෙනත් මාර්ග වලින් HIV බෝ වන බවට. ඒ මොනාද HIV බෝ වන වෙන මාර්ග කියලා අහනවා නම් ඇත්තටම HIV රෝගය වැලදුනු අයගේ රැව්ල කපන රේසර් එකෙන් තමන් රැව්ල කැපුවත් HIV හැදෙන සම්භාවිතාවය වැඩියි. HIV රෝගියෙකුගේ රුධිරය අපගේ ඇඟේ තුවාලයක් මාර්ගයෙන් ඇඟට ඇතුලු වුනත් HIV හැදෙන්න පුලුවන්. මේ වගේ තවත් බොහෝ ක්‍රම වලින් කෙනෙකුට HIV ආසාදනය වනවා. එහෙම එකේ තමන්ගේ ළමයාට හෝ තමන්ගේ ලගින් ඉන්න කෙනෙකුට HIV ආසාදනය වුනොත් ඔබ එදාටත් කියන්නේ මෙයා වැරදි වැඩක් කරලා කියලා නේද, ඇත්තටම කෙනෙකුට HIV ආසාදනය වෙලා නමුත් මොහු කිසිම වරදක් නොකර වෙන මාර්ගයකින් HIV ආසාදනය වුනාම ඒ කෙනාව සමාජයෙන් කොන් කරනවා, එයා කියන දේවල් කිසිවක් ඇහුංකන් දෙන්නේ නැහැ. ඊට පස්සේ එම ලෙඩේ නිසා එයාලා අන්තිමේදී මැරිලා යනවා, නමුත් දෙයක් මතක තියාගන්න, ඒ දෙය ඔබට කවදා හෝ සිද්ධ වුනත් ඒක නේද සිදු වන්නේ, මුලින්ම ඒ කෙනා වැරදි වෙන්නත් පුලුවන් හරි වෙන්නත් පුලුවන්, නමුත් එයා කියන දෙය පොඩි වෙලාවක් අරගෙන අහුංකන් දීල බලන්න, කවුරුත් කැමති නැහැනේ කෙනෙක් වරදක් නොකර ඒ කෙනා වැරැද්දක් තමා කලේ කියලා චෝදනා ලබමින් දවසක මැරිලා යන්න. කරුණාකර එම රෝගීන්ව සමාජයෙන් කොන් නොකර වෙනත් රෝගින් ලෙස සලකා ආදරය සහ දයානුකම්පාව පෙන්වා සලකා බලන්න.

මෙම චිත්‍රපටය හෙලි දක්වනු ලබන්නේ Netflix විසින් වන අතර මෙය තිරගත වන්නේ 2018 මැයි 1 වෙනිදා පටන්ය. Netflix විසින් එලිදක්වනවා කියන්නේ පජාත ෆිලුමක් වෙන්න බැහැනේ නෙද… ඉතින් මෙහි රඟපාන්නේ Prakash Raj, Shriya Reddy සහ Ashok Selvan විසින් වන අතර මෙහි අධ්‍යක්ශනය Priyadarshan විසින් සිදුකර ඇත. මෙහි Imdb Rating එක 7.1 ක් අරන් තියෙනවා. මං කතාව නම් කියන්න යන්නේ නැහැ. අනිවාර්යෙන් හැමෝම බලයි කියලා හිතනවා.

එහෙනම් මම ගියා. ඔබට සුභ දවසක්…!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | Esub | 700MB |

1214c3c71020bc705b906bccdfdb90c95859d32a

Direct Download

| HDRip | x264 | ESub | 440MB |

| HDRip | x264 | Esub | 760MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Sila Samayangalil (2016) | සමහර වේලාවන්හීදී…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!