Ramaleela (2017) | බුද්ධිමත් පළිගැනීම

ඔන්න තවත් සළරුවකට උපසිරැසියක් අරන් මම ආවා. මේක මගේ තුන්වැනි උපසිරැසිය. ටිකක් කල් වෙනවා මේක භාර අරන්. නමුත් රැකියාවේ සහ පෞද්ගලික ජීවිතේ කාර්යබහුලත්වයත් එක්ක ටිකක් ප්‍රමාද වුණා මේ උපසිරැසිය ඉවර කරන්න. ඒ වගේම කියන්න ඕන මේ චිත්‍රපටියට ආපු ඉංග්‍රීසි උපසිරැසියේ ගොඩක් දෙබස් වලට වචන යොදල තිබ්බේ නැහැ. ඉතින් දන්න විදිහට ඒ ටිකත් හැදුවා. චිත්‍රපටිය රසවිඳීමට එය බාදාවක් වෙන්නෙ නැතිවෙයි කියලා මම හිතනවා.

චිත්‍රපටිය ගැන කියන්න කළින් කේරලේ දේශපාලන වටපිටාව ගැනත් පොඩ්ඩක් කියන්න හිතුණා. මොකද මේ චිත්‍රපටිය තුලත් දේශපාල කතාවක් තියෙනවා. ඉන්දියාවේ තියෙන ප්‍රාන්ත 29න් ඉතා ප්‍රභල විදිහට වාමාංශ දේශපාලනය තියෙන ප්‍රාන්තයක් තමයි කේරලේ. අනික වර්තමාන කේරල ව්‍යවස්ථාදායක සභාවේ බහුතර බලය උසුලන්නෙත් මේ වාමාංශික දේශපාලන පක්ෂවලින් සමන්විත සංධානයක්.

ඇයි මෙච්චර වම ගැන කියවන්නේ. මොකද මේ චිත්‍රපටිය තුලත් වමේ දේශපාලන පක්ෂයක් ගැනත් කථා කරනවා. ඇත්තටම කිව්වොත් දේශපාලනය නිසා තම ජීවිතය අහිමි කරගත් තම පියාගේ ඝාතකයාට දඬුවම් කරන්න පුතෙක් ගන්නා උත්සාහයක් ගැන කථාවක් මේ චිත්‍රපටියේ තියෙනවා. බොහෝමයක් මලයාලම් චිත්‍රපටි වල වගේ මේකෙත් තියෙන්නේ “ගේමක්” ගැන කතාවක්. වැඩි දුර විස්තර කිව්වොත් අපරාදේ. කතාව හොඳයිද කියලා බලලම තේරුම් ගන්නකෝ. ..

2018 සැප්තැම්බර් මාසේ තිරගත වීම පටන් ගත්ත මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ අරුන් ගෝපි විසින්. IMDB දර්ශකයේ 7.5/10 ලෙස සටහන් වන මෙහි ප්‍රවීණ මලයාලම් නළු දිලීප්, ප්‍රවිණ දමිල නිලි රාධිකා අතුළු මලයාලම් සිනමාවේ දක්ෂ ජනප්‍රිය නළු නිලියන් රාශියක් රඟපානවා.

මට මේ අවස්ථාව ලබා දුන් සිසිල සහෝට ස්තූතිවන්ත වෙන අතර, චිත්‍රපටිය රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් නැවතත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා….


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 1CD | 700MB |

9d0851b5650e77227b463647674797e28c27dad5

Direct Download

| DVDRip | x264 | ESub | 500MB |

| DVDRip | x264 | 1CD | 700MB |

| DVDRip | x264 | 720p | 800MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ramaleela (2017) | බුද්ධිමත් පළිගැනීම

  • July 30, 2018 at 09:57
    Permalink

    thava thavath malayalam film sadaha subtitle ekathu karanna…!
    Jaya wewa..!!!

    Reply
  • July 31, 2018 at 18:21
    Permalink

    ජයෙන් ජයම වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!