Chaplin (1992) | චාලි චැප්ලින්ගේ ජීවන චාරිකාව

අද මම ලිපිය ලියන්නේ හොඳ මූඩ් එකකින් නම් නෙවෙයි. මම වෙනදට අපේ ගෙදර අයටත් පෙන්නන්නයි මේ උපසිරැසි හදන්නේ. මේ සැරේ නම් මට කිසිම ප්‍රශංසාවක් ලැබුනේ නෑ. මොකද මේ ෆිල්ම් එක හතර අතේ කැරකි කැරකි, තේ බොන ගමන් බලන්න පුළුවන් එකක් නොවන නිසා. ෆිල්ම් එකේ සමහර දෙබස් මග ඇරුන ම සමහර කොටස් තේරෙන්නේ නැතුවම යනවා. ඒ නිසා මාව දිරි ගන්වන්න අද නම් කමෙන්ටු ඕනිමයි.සමාවෙන්න ඕනි පවුල් ප්‍රශ්න මුලටම දැම්මට. මම දැක්කා, කාලෙක ඉඳන් සමහර අය කමෙන්ට් දාලා තිබුණා, මේ චිත්‍රපටයටත් සබ් දෙන්න.මේ චිත්‍රපටය මම හුඟක් කැමැත්තෙන් සබ් කළේ. මොකද මේක කවුරුත් ආදරය කරන අයන් මෑන් – Robert Downey Jr. ගේ රංගන වෘත්තියේ හැරවුම් ලක්ෂයක් වුන චිත්‍රපටයක් නිසා. චාලි චැප්ලින් නමැති, අපි කවුරුත් දන්න, අසහාය රංගධරයාගේ ස්වයං චරිතාපදානය ඇසුරෙන් නිමැවුණු මෙය සම්මාන කිහිපයකටම නිර්දේශ වුනු අතර, Downey Jr. ට තමන්ගේ පළවෙනි, හොඳම නළුවාට හිමි සම්මානය ලැබෙන්නෙත් මේ වෙනුවෙනුයි. 1992 නිකුත් වුන රිචඩ් ඇටෙන්බරෝ අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට IMDB 7.6 ක අගයක් ලැබිලා තියෙනවා. ඒ වගේම ඔයාලා ගොඩක් දෙනෙක් හඳුනන X Files වල මෝල්ඩර් – David Duchovny ත් මෙහි සුළු චරිතයකට පණ පොවනවා. අනික මෙහි චාලි චැප්ලින්ගේ මව ලෙස රඟපාන Jeraldine Chaplin, ඇත්තටම චාලි චැප්ලින්ගේ වැඩිමහල් දියණියයි. දැන් මම චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්කෝ.චාලි චැප්ලින් කොමඩි රංගන ශිල්පියෙක් නිසා අපි හිතන්නේ, ඔහු හැමවෙලේම සතුටින් ඉන්න ඇති කියලනේ. නමුත් මේ පුද්ගලයාගේ ජීවිත කතාව බොහෝ හැලහැප්පීම්, දුප්පත්කම් වලින් පිරුණු, අවසානයේදි ඒ දුප්පත්කමින් ගොඩ ඇවිත් සුඛෝපභෝගී ජීවිතයක් ගෙවුවත් කරදරවල අඩුවක් නොවුණු ජීවිත කතාවක්. චාල්ස් ස්පෙන්සර් චැප්ලින් ලෙස 1889 දී ලන්ඩන් නුවර ඉපදුණු චාලි කුඩා කාලයේ ඉඳන්ම දරිද්‍රතාවයෙන් පිරුණු ජීවිතයක් ගත කළේ. මොකද ඔහුගේ තාත්තා ඔහු ඉපදුණු කාලෙම වගේ ඔවුන්ව හැර ගිහින් තිබුණ නිසා, පවුල නඩත්තු කරන්න වෙලා තිබුනේ අම්මාට. ඒ වගේ කාලෙකදි අම්මටත් පිස්සු හැදුනම චාලිගෙයි, ඔහුගේ සොහොයුරු සිඩ්නිගෙයි ජීවිත කොයිතරම් අසීරු තත්වයකට පත්වෙන්න ඇත්ද? නමුත් චාලි තමන්ගේ හැකියාවෙන් ඒ අසීරු ජීවිතයෙන් ගොඩ ඇවිත් ලෝකයේ විශිෂ්ටම කොමඩි රංගන ශිල්පියා බවට පත් වුණු අයුරු මෙම චිත්‍රපටයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම ලෝකයෙන් නැගුණු අපවාද, ගැරහීම් වලට නිරතුරුව ලක්වුණු මේ පුද්ගලයා එවැනි තත්වයකට පත්වුණේ ඇයි, ඔහු ඊට සුදුසු ද කියලා ඔබට හිතා බලන්නත් මෙයින් අවස්ථාව ලැබෙනවා.

ඒ වගේම මේක බැලුවම කෙනෙක්ට හිතෙයි, මේකෙන් චැප්ලින්ගේ චරිතයට හානියක් වෙනවද කියලත්. ඒත් මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නේ, චැප්ලින් තමන්ගේ ජීවිතය ගැන තමන්ම ලියූ චරිතාපදානයෙන් ගත්ත කොටස් වලින්. ඒ වගේම කියන්න ඕනි, මේ චිත්‍රපටය බැලුවම චාලි චැප්ලින් ගැන මගේ තුළ තිබුණු කැමැත්ත වැඩි වුනා මිස අඩු වුනේ නම් නෑ. අනික Downey Jr. ඒ චරිතයට කරන්න පුළුවන් උපරිම සාධාරණය කරලා තියෙනවා. චාලි චැප්ලින් ගැන සිංහලෙන්ම කියවන්න ඕනි නම් පහත තියෙන ලින්ක් එකෙන් ගිහින් බලන්න. එහෙනම් හැමෝම මේ නිර්මාණයට කැමතිවෙයි කියලා හිතනවා.

ආයෙත් හමුවෙනතුරු ජය වේවා!

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 750MB |

D05AA151264F064F3B81CBDCA9A401AAF1AEBC76

Direct Download

| Bluray | x264 | 720p | 750MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Chaplin (1992) | චාලි චැප්ලින්ගේ ජීවන චාරිකාව

  • July 29, 2018 at 21:56
    Permalink

    නියමයි සහෝ..❤️❤️❤️ එලම

    Reply
  • July 31, 2018 at 15:46
    Permalink

    niyamai.. meka therenne nathi nisa sub enakam hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!