Parmanu: The Story of Pokhran (2018) | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම!

ඉන්දියානු ඉතිහාසය පුරාවට…
ස්වර්ණමය අකුරින් ලියවුණාවූ සුවිශේෂී අවස්තාවන් කොතෙකුත් තියෙන්නට ඇති.
නමුත්, මේ සියල්ල අභිබවා යමින්…
වර්ෂ 1998 දී සිදුවූ එක්තරා ඓතිහාසික මෙහෙයුමක් නිසාවෙන්…
ඔවුන්ගේ සමස්ත ඉරණමම කණපිට හැරවුණා!
එතෙක් කාලයක් පුරාවට ලෝකය හමුවේ තවත් එක රටක් පමණක් වූ ඔවුන්,
එදායින් පසුව, ලෝකයට තවත් නැගී එක බලවත් රටක් බවට පත් වුණා!
මුළු ලෝකයටම බලවතා සහ අසල්වැසි හිතවතා යන රටවල් ඔවුන්ගේ සම්පූර්ණ බලය යොදවා…
මොවුන්ගේ ඉරණම නතර කිරීමට උත්සාහ දැරුවත්…
ධෛර්‍යමත් මිනිසුන් හයදෙනෙකුගේ නොපසුබට උත්සාහය සහ විචක්‍ෂණශීලී නුවණ හමුවේ…
ඔවුන් එදා සමස්ත ලෝකයක් පරදමින් නැගී සිටියා!
ඔපරේෂන් ශක්ති!
එහෙමත් නැත්නම් පෝක්රන්-II
ඇමරිකාව, චීනය ආදී න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන් සමගින්…
ඔවුන්ව න්‍යෂ්ටික බලය සහිත නැගී එන ලෝක බලවතෙකු බවට පත්කරන ලද…
එදාමෙදා තුර ඉන්දීය ඉතිහාසය තුල ඔවුන් අත්පත් කරගන්නා ලද දැවැන්තම ජයග්‍රහණය…
එදාමෙදා තුර ඇමරිකානු ඉතිහාසයේ දැවැන්තම බුද්ධි අංශ පරාජය…
එදාමෙදා තුර ඉන්දීය හමුදාව විසින් මෙහෙයවන ලද දැවැන්තම රහසිගත මෙහෙයුම…
එදාමෙදා තුර ලෝක ඉතිහාසය තුල රටක් විසින් සාර්ථකව නිමාකරගන්නා ලද දැවැන්තම රහස් මෙහෙයුම…
ඒ ඓතිහාසික රහසිගත මෙහෙයුමේ…
ඔබ කිසිදා නොඇසූ, නොදන්නා පසුබිම් කතාව…
මේ අයුරින් ඔබ හමුවේ ගෙනහැර පෑමට…
අවසරයි එසේනම් සියලු දෙනාගෙන්!

Smiling Buddha

Smiling Buddha, එහෙමත් නැත්නම් පෝක්රන්-I තමයි ඉන්දියාව විසින් සිදුකරන ලද පළවෙනි න්‍යෂ්ටික බෝම්බ අත්හදා බැලීම වුණේ. වර්ෂ 1974, මැයි 18 වෙනිදා, ඉන්දියාවේ රාජස්තාන ප්‍රාන්තයේ පිහිටි, ඉන්දීය හමුදාවට අයත් පෝක්රන් පර්යේෂණ කලාපයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත උදෑසන 8:05 ට, ඉන්දීය ඉතිහාසයේ පළවෙනි න්‍යෂ්ටික පිපිරවීම් අත්හදා බැලීම සිදුකරනු ලැබුවා. මෙය භූගත පුපුරවා හැරීමක් වගේම, මෙහිදී යොදාගනු ලැබුවේ විඛණ්ඩන බෝම්බ (Fission Bombs).

මෙහෙම කිව්වම සමහර අයට ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්, Smiling Buddha කියන්නේ ඉන්දියාවේ පළවෙනි න්‍යෂ්ටික පුපුරුවා හැරීමේ අත්හදා බැලීම නම්, ඔපරේෂන් ශක්ති මේ තරම් වැදගත් ඓතිහාසික මෙහෙයුමක් වෙන්නේ ඇයිද කියන කාරණාව. ඒකට හේතුව තමයි, Smiling Buddha කියන්නේ Peaceful Nuclear Explosion එකක්. එහෙමත් නැත්නම්, සාමකාමී න්‍යෂ්ටික පුපුරුවා හැරීමක්. නමුත්, පෝක්රන්-II කියන්නේ එහෙම සාමකාමී පුපුරුවා හැරීමක් නෙමෙයි. අන්න ඒ හේතුව නිසයි, පෝක්රන්-II මෙහෙයුම මේ තරම් සුවිශේෂී, ඓතිහාසික එකක් වෙන්නේ.

ඔපරේෂන් ශක්ති හෙවත් පෝක්රන්-II

පෝක්රන්-II කියන්නේ, වර්ෂ 1998 මැයි මාසයේදී, ඉන්දියානු හමුදාවේ මෙහෙයවීම මත, ඉන්දියාවේ රාජස්තානයේ පිහිටි පෝක්රන් අත්හදා බැලීමේ කලාපයේදී සිදුකරන ලද න්‍යෂ්ටික පිපිරීම් මාළාවක්. මෙහිදී, 1998 මැයි මස 11 වෙනිදා පළමුවෙන්ම Fusion Bomb හෙවත් විලයන බෝම්බයක් පුපුරුවා හරිමින් ඉන්දියාව න්‍යෂ්ටික බලය සහිත ලෝක බලවතුන්ගේ ලැයිස්තුවට එකතු වුණා. එතකින් නොනැවතී, එදිනම තවත් Fission Bombs(විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් සහ, ඊට දින කීපයකට පසුව, එනම් මැයි 13 වෙනිදා තවත් Fission Bombs (විඛණ්ඩන බෝම්බ) දෙකක් පුපුරුවා හරිමින් ඉන්දියාව ඉමහත් වූ සාඩම්බරයෙන් පෝක්රන්-II හෙවත් ඔපරේෂන් ශක්ති මෙහෙයුම නිමා කරනු ලැබුවා. ඒත් සමගින්, එවකට ඉන්දීය අගමැති තනතුර හොබවන ලද අතල් බිහාරි වජ්පායි මහතා මාධ්‍ය හමුවක් කැඳවමින්, ඉන්දියාව සම්පූර්ණයෙන්ම න්‍යෂ්ටික බලය සහිත රටක් බැව් නිළ වශයෙන් ලෝකයටම ප්‍රකාශ කරනු ලැබුවා.

ඔබ දන්නවාද? පෝක්රන්-II මෙහෙයුම සාර්ථකව නිමාකර ගැනීම සඳහා අදාළ ව්‍යාපෘති කටයුතු වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් ඉටුකරන ලද ප්‍රධාන පුද්ගලයෙකු වන්නේ, පසුකලෙක ඉන්දියාවේ ජනාධිපති තනතුර දැරීමට තරම් සුදුසුකම් සපුරන ලද, ආචාර්‍ය A.P.J. අබ්දුල් කලාම් මහතා බව!

මෙහෙයුම සඳහා යොදාගන්නා ලද සිලින්ඩරාකාර හැඩැති න්‍යෂ්ටික බෝම්බ

 

මෙහෙයුම සඳහා යොදාගන්නා ලද පෝක්රන් අත්හදා බැලීම් කලාපය පිහිටා ඇති ටාර් කාන්තාරය

 

පෝක්රන්-II මෙහෙයුමේදී න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා යන ආකාරය

 

2017 වර්ෂයේ දෙසැම්බර් 08 වෙනිදා තිරගත වෙන්න නියමිතව තිබුණු චිත්‍රපටයක්, අන්තිමේදී තිරගත වුනේ 2018 වර්ෂයේ මැයි 25 වෙනිදා. ඔව්, මේ චිත්‍රපටය ගැන තමයි කියන්නේ. Padmaavat චිත්‍රපටයත් එක්ක ගැටෙමින් තිරගතවීම ආරම්භ කරන්න තිබිච්ච අකමැත්ත නිසා තිරගත කිරීම සුළු කාලයක් ඉදිරියට ගියපු මේ චිත්‍රපටය, චිත්‍රපටයේ නිෂ්පාදකයින්, ජෝන් ඒබ්‍රහම්ගේ JA Entertainment සහ Kriarj Entertainment යන ආයතන අතර ඇති වූ මතභේදාත්මක තත්වයන් මත දිගින් දිගටම කල් යනු ලැබුවා. මැයි මාසය වනතෙක් චිත්‍රපටය සඳහා පූර්ව ප්‍රචාරක පටයක් හෝ අන්තර්ජාලයට නිකුත් කෙරුනේ නැහැ. මෙවැනි වාතාවරණයක් මත, බොලිවුඩ් ප්‍රේක්ෂකයින් මෙම චිත්‍රපටය කෙරෙහි සිය බලාපොරොත්තු අත්හැරගෙන තිබූ අවස්තාවක තමයි, පෝක්රන්-II න්‍යෂ්ටික අත්හදා බැලීමෙන් හරියටම වසර 20ක් ගතවූ තැන, එනම් 2018 මැයි 11 වෙනිදා පළමු පූර්ව ප්‍රචාරක පටය අන්තර්ජාලයට නිකුත් කරනු ලැබුවේ. Action, Drama, History යන කාණ්ඩ නියෝජනය කරමින්,ඉන්දියානු රුපියල් කෝටි 50ක බරපැනක් දරමින් නිෂ්පාදනය වෙච්ච මේ චිත්‍රපටය, බොහොම සීමීත සිනමාශාලා ප්‍රමාණයක විතරයි තිරගත වුණේ. ඒ වගේම, ප්‍රචාරණ කටයුතු සඳහා පවා බොහොම සුළුවෙන් තමයි සිදුකරලා තිබුණේ. නමුත්, විශ්වාස කරන්න, ආරම්භක දිනයේ පටන් මේ දක්වා ලැබී තිබෙන්නා වූ ප්‍රතිචාරයන්ගේ නම් කිසිම විදියක අඩුවීමක් දකින්නට නැහැ. බොහොම සුළුවට සිය තිරගත වීම ආරම්භ කරපු මේ චිත්‍රපටය, පළවෙනි සතිය තුලදී ලොව වටා ආදායම ලෙස ආසන්නව ඉන්දියානු රුපියල් කෝටි 50 ක ආදායමක් ලබාගනිමින්, සිය නිෂ්පාදන මුදල ආවරණය කරගැනීමට සමත්කම් දක්වනවා. හැබැයි, එතනින් නොනැවතී සිය බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් කෝටි 91 ක මුදලක් උපයාගැනීමට මෙම සිනමා පටය සමත්කම් දක්වනවා. එතකොට ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?

මං මෙහෙම කියන්නම්. නිකමට ගිහිං බලන්න මේ චිත්‍රපටය සඳහා වෙන්වෙලා තියෙන IMDB පිටුවට. එතකොට ඔබටම බලාගන්න හැකියාව ලැබේවි, මේ චිත්‍රපටය සඳහා මනාප ලබාදුන්න ප්‍රේක්ෂකයින්ගෙන්51% ක්ම ලකුණු 10/10 ක මනාපයක්ද, 21%ක් දෙනා 9/10 ක අගයක්ද ලබාදීලා තියෙනවා කියලා. ඒ වගේම, මේ දක්වා Imdb පිටුව තුල මේ චිත්‍රපටය සඳහා ලියවුනු විචාර 73 ක් අතරින්, 68ක් තුලින්ම මේ චිත්‍රපටය අතිශයින් පැසසුමට ලක් කරනු ලබනවා. විචාරකයෝ මේ සිනමා නිර්මාණය පැසසුමට ලක්කරන්නේ කොහොමද කියලා ඔබටම පහතින් බලාගන්න පුළුවන්.

මං හිතන්නේ මේ හොඳටම ඇති වේවි මේ මොන මට්ටමේ විශිෂ්ඨ නිර්මාණයක්ද කියලා තේරුම් අරගන්න. 8.6 ක් වැනි දැවැන්ත අගයක් කරා කරකැවූණු Imdbදර්ශකය ඒ පිළිබඳව ඔබට මනා චිත්‍රයක් මවා දේවි. මේ තමයි දැනට 2018 වර්ෂය වෙනුවෙන් බොලිවුඩ් සිනමා නිර්මාණයක් ලබාගත්ත දෙවැනි වැඩිම Imdb අගය සහිත චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ. ඒ විතරක්ද? නැහැ. එදාමෙදා තුර නිෂ්පාදනය කරන ලද ඉන්දීය චිත්‍රපට අතුරින්, Top Rated Indian Movies ලැයිස්තුවේ 109 ස්ථානය සාඩම්බරයෙන් තම නමට වෙන්කරගෙන විරාජමානව වැජඹෙන්නේ මෙම සිනමා නිර්මාණය තමයි. එදා මෙදා තුර තමන්ගේ රංගන ජීවිතය තුල අති විශිෂ්ඨම රංගනයක නියැලෙමින්, තම රංගන ජීවිතය තුල හැරවුම් ලක්ෂ්‍යයක් බවට John Abraham මෙම චිත්‍රපටය පත්කර ගනිද්දී, ඔහුට මනා සහයක් ලබාදීමට Cocktail (2012)Happy Bhag Jayegi (2016),Lucknow Central (2017) යන චිත්‍රපට තුල රංගනයෙන් දායක වූ සුරූපී Diana Pentyසහ, බොලිවුඩ් ක්ෂේත්‍රයේ තවත් දැවැන්තයෙක් වන Boman Irani සමත්කම් දක්වනවා. එමෙන්ම, මේ සියල්ල මෙහෙයවමින්, තිරය පිටුපස හිඳිමින් අධ්‍යක්ෂක Abhishek Sharma විසින් ඉටුකරන්නා වූ කාර්යබාරය අති විශිෂ්ඨයි.

කාටහරි තාමත් හිතෙනවා නම්,
අපෝ මේක කම්මැලි චිත්‍රපටයක් වෙන්න ඕනේ…
මේ වගේ ඒවා නම් බලලා වැඩක් නැහැ කියලා…
වගකීමෙන් කියනවා, 2018 වර්ෂයේ බොලිවුඩ් සිනමාවෙන් නිකුත්වෙච්ච අති විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් විදියට පෙරමුණේම තියන්න පුළුවන් කියලා මේ චිත්‍රපටය අවිවාදයෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්!

එහෙනම්, අරගෙනම බලන්න. අනිවාර්‍යයෙන්ම ඔබට ඔබගේ තීරණය පිළිබඳව පසුතැවිල්ලක් ඇති නොවේවි. හැබැයි, බලන්න එපා කියලා ඔබේ හිත කියනවා නම්, ඔබත් ඔබගේ හිත සමගින් එකඟ වෙනවා නම්, ඔබගේ සිනමා ජීවිතය තුල මගනොහැර ගත යුතුම සිනමා නිර්මාණයක් තමයි ඔබ මේ මගහැර ගන්නේ. තීරණය ඔබ සැම සතුයි. ගිහිං එන්නම්. හැමෝටම ජය!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEB-HD | x264 | 720p | 2.2GB |

F1D51913FE708CB9143457C8CE67D568BC617DF3

Direct Download

| WEB-HD | x264 | 480p | 377MB |

| WEB-HD | x264 | 720p | 2.2GB | 

| WEB-HD | x264 | 1080p | 2.7GB | 

| WEB-HD | x265 | 720p | 514MB | 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

14 thoughts on “Parmanu: The Story of Pokhran (2018) | ලොවක් මුලා කරමින්, රටක් අභිමානයට පත් කල න්‍යෂ්ටික පිපිරීම!

  • July 28, 2018 at 12:31 am
    Permalink

    Download karanna bene machan me link

    Reply
  • July 28, 2018 at 7:28 am
    Permalink

    aiya 720p br rip yts akey thiyena fila akata mey sub aka wedada

    Reply
    • July 28, 2018 at 6:10 pm
      Permalink

      Naha..web-dl oita wada quality ekak enne na

      Reply
  • July 28, 2018 at 11:18 am
    Permalink

    සබ් එක දුන්නට බොහොම තුති ? වෙවා ඔබටජය,සහෝ?❤️

    Reply
  • July 30, 2018 at 9:29 am
    Permalink

    macho sub eka thiynne me film ekene Warrior (2011) | නැවත පැමිනිමට අවසරයි ! [සිංහල උපසිරසි සමඟ]

    Reply
    • August 4, 2018 at 4:29 pm
      Permalink

      Me site eke sub na sub ganna one.baiscopelk.com eken

      Reply
  • August 11, 2018 at 10:57 am
    Permalink

    Download krnna be ne ?

    Reply
  • August 14, 2018 at 8:33 am
    Permalink

    Thanks !!!!!!!!!!!!!!

    Reply
  • August 18, 2018 at 4:27 pm
    Permalink

    Thank you…….obatath baiscop web ekatath.patta oyalage wada congratulations….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!