Tremors: A Cold Day in Hell (2018) | බින්කුන්ඩෝ 6 : සිතල අපායේ දවසක්

ආයුබෝවන් යාලුවනේ . ඔන්න ඉතින් මමත් මගේ පළමු උපසිරැසිය අරගෙන ආවා , මේක බාර ගත්තේනම්….මේ මොකක්ද මේ.. කියල හිතනවා නේද?. ඔව් ඇත්තම කියනවා නම් මේ චිත්‍රපට මාලාවේ පලවෙනි චිත්‍රපටය එනම් Tremors (1990) තමා මගේ ජිවිතේ පලවෙනි උපසිරැසිය. සරලවම කියනවා නම් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක මගේ ගමනේ පළමුවන පඩිය. ඉතින් මට එක්තරා විදියක කඩයිමක් මේක. මේ චිත්‍රපටයයේ පලවෙනි කොටස බලල මේ අවුරුද්දට අවුරුදු 21 පිරෙනවා. ඉතින් ඇත්තටම මගේ ජිවිතේ බලපු මුල්ම චිත්‍රපට හතර පහෙන් එකක් කියල කලින්ම කියල තියෙනවා නේ. ඉතින් කොහොමහරි ඔන්න ඒ චිත්‍රපටයේ හයවන කොටස තමා මම මේ ඔයාලට අරගෙන එන්නේ.චිත්‍රපටය ඇවිත් නම් මාස දෙකක් වෙනවා. හෝල් වලට නෙවිනේ ආවේ. කෙලින්ම ඩිජිටල් පිටපත් නිකුත් උනේ. ඒත් වෙබ් අඩවියේ වැඩ සමග පුද්ගලිකව යෙදුන වැඩ ටිකක් හින්දා මේක ටිකක් පස්සට ගියා. අනික මේක ගොඩක් අමාරු උපසිරසියක් කරන්න. හේතුව සම්පුර්නම ඇමරිකානු ඉංග්‍රීසි වලින් දෙබස් තියෙන්නේ. ඒවා කෙලින්ම සිංහලට හරවන්න ගියොත් නම් සබ් එක තේරුම් ගන්න මටම එපා වෙනවා. ඉතින් බොහෝ වෙහෙස වෙලා මම මේ උපසිරැසිය නොකඩවා පැය 14 ක ටයිප් කිරීමකින් ඔයාල වෙත අරගෙන එන්නේ. මම මුල් චිත්‍රපට වල යොදා ගත්ත බින්කුන්ඩා වැනි වචන ඒවිදියටම මේකේ යොදා ගත්තේ මට මුල් චිත්‍රපටය අවුරුදු ගණනකට කලින් බලනකොට හිතට ආව එකම නම හින්දා. කොහොම හරි IMDb 5.1 වන මේ චිත්‍රපටය දැන් බලන්න අවස්ථාව ඔයාලට තියෙනවා.

කතාව නම් ටිකක් විතර වෙනස් කලින් ඒවාට වඩා. කලින් කොටස් පහම තිබ්බේ කාන්තාර හා සම්බන්දවනේ. මේකේ කතාව ගලාගෙන යන්නේ ආක්ටික් ප්‍රදේශයයේ. හරියටම කියනවා නම් කැනඩාවේ උතුරු ප්‍රදේශයේ. ඉතින් ඒ ප්‍රදේශයට වන බින්කුන්ඩන් පහරදීමක් සහ උන් මර්ධනය කරන්න කතා නායකයෝ ගන්නා උත්සාහය තමා පෙන්නන්නේ. කොටින්ම මේකේ එකෙක් අල්ලගන්නවත් එක්ක. මෙම චිත්‍රපට මාලාවේ හිටිය ප්‍රධාන චරිතවලින් එකක් වන බර්ට් මේකෙත් දකින්න පුළුවන්. ඒවගේම මුල් චිත්‍රපටවල දක්නට ලැබුන වැල් ගේ දුවක් නමින් පැරණි චිත්‍රපටය මෙම අලුත්ම චිත්‍රපටයට සම්බන්ද කරන්න මෙහි නිර්මාණකරුවන් වගබලාගෙන තියෙනවා. ඒවගේම කලින් චිත්‍රපට වගේ නැතුව බින්කුන්ඩෝ චිත්‍රපටය මුල ඉඳන්ම එලියට ගන්නත් උත්සාහකරලා තියෙනවා. ඉතින් කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. පරණ චිත්‍රපට පහට සම්බන්දයක් නැති උනත් ඒවා බලල හිටියොත් හොඳා කියල කියනවා. මොකද චරිත අඳුනාගන්න සහ සත්වවර්ගය ගැන අවබෝදයක් එකෙන් ගන්න පුළුවන්.

Tremors (1990)
Tremors 2: Aftershocks (1996)
Tremors 3: Back to Perfection (2001)
Tremors 4: The Legend Begins (2004)
Tremors 5: Bloodlines (2015)

ඉතින් ඔන්න එහෙනම් චිත්‍රපටය රසවිඳින්න කියන ගමන් ඉක්මනටම තවත් චිත්‍රපටයක උපසිරැසිය අරගෙන එනවා කියල කියන ගමන් සමුගන්නවා.

බුදු සරණයි.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 700MB |

852958D990823091C024802173511365C76F2D9B

Direct Download

| Bluray | x264 | 480p | 400MB |

| Bluray | x264 | 720p | 700MB |

| Bluray | x264 | 720p | 850MB | Mkvcage

| Bluray | x265 | 720p | 720MB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Tremors: A Cold Day in Hell (2018) | බින්කුන්ඩෝ 6 : සිතල අපායේ දවසක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!