Sacred Games S01E06 | පළියට පළිය… ලෙයට ලෙය… (18+)

මෙතෙක් කාලයක් ජයග්‍රාහී ගමනක ආපු ගයිතොන්ඩේට හිටි හැටියෙම ඊසා මරු පහරක් එල්ල කරනවා. ඒ විතරක් නෙමෙයි, එතෙක් කාලයක් තිස්සේ තමන්ගේ පණ වගේ ලඟින් ඉඳපු කුකූ තමන්ගේ ජීවිතය අතෑරලා යන්නේ ගයිතොන්ඩේ කබලෙන් ලිපට ඇදලා දාලා.

මේ අතරේ පොලිස් නිලධාරී සර්ටාජ් විසින් ගයිතොන්ඩෙගේ අපරාධ කල්ලියේ ප්‍රබලතම සාමාජිකයෙක් වෙන බන්ටිව කොටුකර ගන්න උත්සාහ කරද්දී, රෝ නිලධාරිනී මාතූර් විසින් අවශ්‍ය තොරතුරු ලබාදෙන පොරොන්දුව පිට බන්ටිව ආරක්ෂාකාරීව රටින් පිටකරන්නයි සූදානම් වුණේ. ඒත්, සර්ටාජ් ප්‍රධාන පොලිස් බල ඇණියේ මෙහෙයුම හමුවේ රෝ මෙහෙයුම සම්පූර්ණයෙන්ම විනාශ වී යනවා පමණක් නොවෙයි, සටකපට, සාහසික බන්ටිට සිය ජීවිතයෙන් වන්දි ගෙවීමටද සිදුවෙනවා.

මේ විදියට තමයි පහුගිය පස්වෙනි කොටසෙදි කතා මාලාවේ වැදගත් චරිත දෙකක් ඒ ආකාරයෙන් ඉවත් වුණේ. ඒ වගේම, අවසානයේදී පොලිස් නිලධාරී සර්ටාජ්ට තමන්ගේ හෘද සාක්ෂියට එරෙහිව යමින් සාක්ෂි දෙන්න සිද්ධවෙනවා. ඒ වගේම, රෝ නිලධාරී මාතූර් හට බන්ටිට සිදුවූ අනතුර සම්බන්ධයෙන් වග උත්තර බැඳීමට සිද්ධවෙනවා. ඒ ආකාරයෙන් කතා මාලාවේ ප්‍රධාන චරිත දෙකක්, කිසිවක් කරකියාගත නොහැකි ආකාරයෙන් අවසන් වෙමින්, පස්වෙනි කතාව අවසන් වෙන්නෙ ප්‍රේක්ෂකයා කුතුහලයෙන් අවුළුවාලමින්.

මේ තමයි හයවෙනි තීරණාත්මක කතාව. තව කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මොකකින් මොකක් වේවිද? පහුගිය කතාව කොච්චර උණුසුම්කාරී වුණාද? විශ්වාස කරන්න, මේ හයවෙනි කතාව ඊටත් වඩා අතිශයින් උණුසුම්කාරී වෙනවා. ඔන්න දෙයියනේ කියලා, කතාවේ මේ තාක් දුරට ප්‍රධාන භූමිකාවක් හොඹවපු චරිතයක් අද කතාවත් සමගින් මෙම කතා මාලාවට සමුදෙනවා. කවුද මේ ඒ තරම් ප්‍රධාන චරිතය? එක්කෙනෙක් විතරද? නැහැ… නැහැ… නිකමට හිතාගන්නකෝ චරිත තුනක් විතර අයින් වෙලා යනවා කියලා ? ඒ වගේම, මේ හයවෙනි කතාවේ අවසානය… නිසැකවම මේ කතා මාලාවේ ප්‍රබලතම අවසානයක් සහිත කතාවක් විදියට මේ හයවෙනි කතාව හඳුන්වන්න පුළුවන්. අවසානයේ සුළු නිමේශයක් ඇතුලත, කිසිම ආකාරයකින් හිතන්නේ නැති විදියට, පෙරළිකාර සිදුවීම් තුනක් සමගින්, ප්‍රේක්ෂකයා කුතුහලයෙන් උච්චතම අවස්ථාවට පත්කරමින් අද කතාව අවසානයට පත්වෙනවා. ඉවසලා ඉන්න.. මතකනේ… ඊළඟ කෑල්ල තවත් රසවත්!

විසිතුන් දහස ඉක්මවූ මනාප සංඛාවකින් Imdb දර්ශකය 9.3ක් වැනි දැවැන්ත අගයක් කරා ලඟා කරමින්, Top Rated TV ලැයිස්තුවේ 27 වන ස්ථානය තමන් සන්තක කරගෙන සිටින්නා වූ, 2018 වර්ෂය උඩි යටිකුරු කරන ලද, ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයා Netflix හි බොලිවුඩ් චණ්ඩ මාරුතය… ඔබ තවමත් අපත් සමගින් එකතු වුනේ නැත්නම්, හිත හිතා ඉන්න කාලයක් නෙමෙයි මේ… බිහිසුණු අවසානයක් සඳහා තවත් කොටස් දෙකක් පමණයි ඉතුරුව ඇත්තේ… එකතු වන්න අපත් සමගින්… මතක ඇතුව ඔබගේ ආසන පටි තදකර ගන්න… දැවැන්ත ප්‍රචණ්ඩකාරී කුණාටුවක් හමන්නයි මේ සූදානම!

දවසක් පරක්කුයි…
ගිය සතියේ නම් සති අන්තය වෙනුවෙන් දවස් දෙකට කතා දෙකක් දුන්නා.
මේ සති අන්තයේ දීපු එකම කතාවත් පරක්කු වෙලා දෙන්න වුණේ.
මොනවා කරන්නද ඉතිං…
අන්තිම කතාවට මුලින් තිබ්බ ප්‍රතිචාර වලින් බාගයක් වගේ හම්බුනේ.
හයවෙනි කතාව කරන්න කියලා හිතාගෙන පටන්ගන්න හදනකොට,
හැමදාම මතක් වෙන්නේ අඩු ප්‍රතිචාර ප්‍රමාණය.
ඉතිං හැමදෙයක්ම එපා වෙලා ඒක එතනින් නවත්වලා වෙන වැඩක් කරන්න ගන්නවා.
පටන්ගන්නකොටම මං කිව්වා,
“ඉල්ලුමට සරිලන සැපයුම”
ඉන්ධන නැතුව පණ නැති යන්ත්‍රයක් වත් වැඩ කරන්නේ නැහැ.
ඉතිං, පණ තියෙන මනුස්සයෙක් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRip | x264 | 720p | 819MB |

c5a960e6ac3816e3d97cffd313ce5bdcb28c3d94

| WEBRIP | x264 | 480p | 2.2GB | Complete Pack

D89AEE5BB066873BB615AC92F9BC08BAE68684E2

| WEBRIP  | x264 | 720p | 3.1GB | Complete Pack

89B1AC910E374B70BD11DC719BCBD3904CF197BE

Direct Download

| WEBRIP | x264 | NEFilx | 280MB |

  

| WEBRIP | x264 | 720p | 400MB | Mkvcage |

| WEBRip  | x265 | 720p | 250MB | Dual Audio | 8Bit |
  

| WEB-DL | x264 | 480p | 2.2GB | Complete Pack

| WEB-DL | x264 | 720p | 4.3GB | NetFlix | Complete Pack

| WEBRip | x265 | 720p | 1.92GB | Dual Audio | PSA | Complete Pack

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Sacred Games S01E06 | පළියට පළිය… ලෙයට ලෙය… (18+)

  • July 22, 2018 at 20:18
    Permalink

    puluwan ikmanata ithuru tikath denna saho… ela tnx.

    Reply
  • July 23, 2018 at 10:01
    Permalink

    ස්තුතිය සහෝ…. උබල නැත්නම් ෆිල්ම් බලලත් හමාරයී….??

    Reply
  • July 24, 2018 at 17:43
    Permalink

    Meeka patta ban anee deepan mee para balan idala pissu haduna hewwa hewwa hambune na eng ekawath

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!