Kireedam (2007) | පියකුගේ සිහිනය සැබෑ කරවූ නිර්භීත පුතෙක්

කොහොමද යාලුවනේ, මම අද ඔයාලට අරගෙන ආවේ ඉන්දියාවේ සුපිරි නළුවෙකු වන අජිත් කුමාර් ගේ පොඩ්ඩක් පරණ ෆිලුමක්. මගේ පළවෙනි සබ් එකට අදහස් දක්වපු kasun sudangama කියන කෙනා මේ ෆිලුමට සබ් එක කරන්න කියලා ඉල්ලිමක් කරලා තිබුනා, ඉතින් ඒ ගැන පොඩ්ඩක් සලකා බලලා ෆිලුමත් හොඳ නිසා මේකට සබ් එක කරන්න ඕන කියලා හිතුනා, මේක මීට කලින් දෙන්න හිටියට පොඩ්ඩක් පරක්කු වෙලා දෙන්න වුනාට සමාවෙන්න. මේක මගේ පස්වෙනි උපසිරසිය.මේ දවස් වල සබ් කරන්න වෙලාවක් බොහොම අඩුයි ,මොකද මේ දවස් වල ටිකක් කාර්්‍ය බහුල නිසා. 2007 තමයි මේක රිලීස් වෙලා තියෙන්නේ.මේකටIMDB 6.7/10 ලබාගෙන තියෙනවා.

සක්තිවෙල් -ශක්ති (අජිත් කුමාර්) කියන්නේ අවංක පොලිස් නිලධාරියෙකු වන රාජරාජන් (රාජ් කිරන්) ගේ පුතා. රාජරාජන්ගේ එකම හීනෙ තමයි එයාගේ පුතාව පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක උසස් නිලධාරියෙක් වෙනව දකින එක.ඉතින් එයා පොලීසියට බැදෙන්න ඕන සුදුසුකම් ඉගෙන ගන්නවා. දවසක් ශක්තියි එයාගේ යාළුවෝයි හොර වැඩක් කරල එන ගමන් දිව්‍යා (ට්‍රීෂා) ව දකිනවා. එයාගේ බල්ලා හින්දා මෙයාලව අහු වෙන්න හදනවා.කොහොම හරි එතනින් පැනල බේරිලා යද්දී ශක්තිගේ මූන දිව්‍යා දකිනවා.

කොහොමහරි අන්තිමේදී ට්‍රීෂාත් එක්ක ශක්ති ආදරෙන් බැදෙනවා.ඔහොම ඉන්න අතරෙ ශක්තිගේ තාත්තාට ස්ථාන මාරුවීමක් හම්බ වෙනවා ගොඩක් කාලහාල තියෙන දරුණු ප්‍රදේශයකට.ඉතින් එතන ඉදන් තමයි මෙයාලගේ පවුලට කරදර එන්න පටන් ගන්නෙ.දවසක් ඒ පළාතෙ ඉන්න මැරයට රාජරාජන් පහර දෙනවා.ඒකට එයා රාජරාජන්ට ගහනවා ශක්තිව දකිනවා.ශක්ති ඔහුට හොදටම පහර දෙනවා. අන්තිමේදී ශක්ති චණ්ඩියෙක් විදිහට තමයි හැමෝම පිලීගන්නෙ.මෙයාගෙ නම කියල ඒ පළාතේ මිනිස්සු කප්පම් ගන්නවා. මේක දැන ගත්තු ඔක්තිට හොදටම කේනිත යනවා.මෙයා මැරයෙක් කියලා ට්‍රීෂගේ පවුලේ අය මේ සම්බන්දෙ නවත්තන්න කටයුතු කරනවා.

අන්තිමට ඔක්තිගේ තාත්තට පහර දුන්න අයගෙන් පලි ගනීවිද, අනාගතේ එයා පොලිස් නිළධාරියෙක් වලො තාත්තගේ සිහිනය සැබෑ කරයිද, එයාගේ ආදරය එයාට ලැබෙයිද කියලා දැන ගන්න නම් ෆීල්ම් එක බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRip | x264 | 720p | 1.1GB |

db7c1fd79a1dffa3f8f96a75163327cb4cf0e645

Direct Download

| DVDRip | x264 | 1CD | 820MB |

| DVDRip | x264 | 720p | 1GB |

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *