Enakkul Oruvan (2015) | මා තුලද මා මිනිසෙක්…

හැමෝටම ආයුබෝවන් කට්ටියට මාව මතකද දන්නේ නැහැ මාස ගානකින් මේ පැත්තට එන්න බැරිවුනා. මම නම් මේ දවස්වල තොප්පිගල කැලේ තමයි ඉන්නේ පාඨමාලාවකට ඇවිල්ලා. පාඨමාලාව ඉවර වෙන්නත් ලගයි ඉතින් පොඩි නිදහක් ලැබුනා. ඒක නිසා ආව ඔයාලට දමිල ෆිලුමකට උපසිරැසියක් අරගෙන. මෙහෙට ඉන්ටර්නෙට් යන්න සිග්නල් නැහැ, පොඩි කන්දක් තියෙනවා ඕක බඩගාලා තමයි ෆිලුමත් ඩවුන්ලොඩ් කරගත්තේ ලැප් එකකින්. ඉතින් වෙනදා වගේම ආසා ලිවීමකින් තමයි මේකත් කෙරුවේ. ලයින් 1800 කට වඩා හදාගෙනම කරන්න වුනා.

මෙම චිත්‍රපටියේ ප්‍රධාන රංගන නළුවා ලෙස සිද්ධාර්ත් නාරයන් රංගනයෙන දායකත්වය දක්වයි. දීපා සන්දිහා ප්‍රධාන නිළය ලෙස රංගන දායකත්වය සපයයි. 2015 වර්ෂයේ මාර්තු 06 වෙනිද තිරගත වුන මෙම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය ප්‍රසාද් රමාරා සහ අධ්‍යක්‍ෂණය සීවී කුමාර් විසින්ද වේ. IMDb අගය 7.9/10 ලබා ගෙන ඇති අැති අතර, මිනිත්තු 136 පුරා මෙම චිත්‍රපටිය ධාවනය වේ.

මෙම කතාවේ ආරම්බයේ සිටම චිත්‍රපටය වර්ණ සහ කළු, සුදු  වශයෙන් කතා දෙකකින්  සමන්විතය. එකක් සිහිනය, අනෙක යථාර්ථය වේ. මැඩ්රාස් තදාසන්න නගරය තුල සිනමාශාලාවක රැකියාව කරන විකී නිරහංකාර චරිතයකි. ඔහු සාමානයයෙන් රසවත් නොවන ජවිතයක් ගත කරන කෙනෙකි. නමුත් මොහු ලොකු ප්‍රශ්නයකින් පෙලෙන්නෙක්. නින්ද නොයන රෝගයක් මොහුට ඇත. එවැනි නින්ද නොයන රාත්‍රියක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු විසින්  ලුසියා නම් මැජික් ෆිල් පෙත්තක් ඔහුට ලබා දෙනවා. ඒ නින්ද නොයෑමේ රෝගයට බේතක් වශයෙන්. ලුසියා නම් පෙත්ත මගින් හොදින් නින්ද යෑමත් ඒ වගේම නින්දෙන් තමන් ආසා කරන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මේ විදියට නිදාගත්තාම විකීට නින්දේදී පෙනෙන හීන වල ඉතා ජනප්‍රිය නළුවෙකුගේ චරිතයකි. එම නළුවාගේ නම විග්නේශ්. ඔහුගේ සැබෑ ජීවිතයේ සහ ඔහුගේ හීන ලෝකයේ ජීවත් වන ආදරවන්තිය දිව්‍යා වේ. විකීගේ අභිලාෂයන්, සැලසුම්, අදහස්, පරිකල්පනයන් මේ සිහින හා බැදී තිබේ. මොහුගේ සිහිනය සමග කතාව අවසන් වෙන්න යනකොට ටිකක් විතර වෙනස් වෙනවා සිහින ලෝකය ඇත්ත වෙනවා. ඇත්ත ලෝකය සිහින වෙනවා.

කතාව බලලම රසවිදින්න. මම නවතින්නම් තව අලුත් දමිල චිත්‍රපටියකින් ඔබ හමුවන තුරු හැමෝටම ජය……..!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| DVDRip | x264 | 720p | 1GB |

3661c70dfea680640a9452153498b50f4e38c944

Direct Download

| DVDRip | x264 | 720p | 1GB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Enakkul Oruvan (2015) | මා තුලද මා මිනිසෙක්…

  • July 19, 2018 at 20:16
    Permalink

    Siddarthge anith film valath link dennako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!