Traffik (2018) | දුරකතනයක් නිසා හැමදෙයක්ම හෙලිවෙයිද?

ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන අපේ බයිස්කෝප් අඩවියෙන් ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කෝප් එක ගැන මට කිව්වෙ ඉසුරු සම්පත් මලයා, අයියේ සුපිරම බයිස්කෝප් එකක් ඇවිල්ලා තියෙනවා කරමුද කියලා. මම මෙකේ ට්‍රේලරේ බැලුවට පස්සෙ තමයි තේරුණේ මේක පට්ට පතුරු පහරක් කියලා. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒක IMDB දර්ෂකයේ සටහන් වෙන්නෙ 6.6 ලෙසින්. එහෙනම් වැඩි කථා බතා නැතිව මේකේ ස්ටෝරිය පැත්තට යමු.

බ්‍රියා කියන්නෙ සුන්දර යුවතියක්. ඇය කුඩා පත්තරයක පුවත්පත් කාලා වේදිනියක්. යම් හෙතුවක් නිසා ඇයගේ රැකියාව අහිමි වෙනවා. ඒ අතරේ ඇයට පන මෙන් ආදරය කරන ජෝන් ඔහු වාහන අලුත් වැඩියා කරන කෙනෙක්. ඔහු ඇයට ඇයගේ උපන්දිනය දවසේ ඇයට මංගල යෝජනාවක් ගේන්න ඉන්නෙ. ඒකට ඔහුගේ මිතුරෙක් වෙන ඩැරන් සහා මලියා එකතු වෙනවා. ඩැරන් මොලේ අමාරු කාරයෙක් එහෙම කිව්වට, ඔහුට පිස්සු නැහැ. මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලනකොට තේරේයි. ජෝන් බ්‍රියා ගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගකුත් දෙනවා. ඒකත් ඔයාලම බලන්නකෝ. ඒ තෑග්ග දෙන්නෙ තවත් විශේෂ තැනකට එක්ක යන පොරොන්දුවත් එක්ක ජෝන් හිතාගෙන ඉන්නෙ බ්‍රියාගේ උපන්දිනයට සප්‍රයිස් එකක් ඒ කිව්වෙ පුදුකිරිමක් කරන්න. ඔවුන් යන්නෙ කැලිෆෝර්නියාවේ ඉහල පැත්තට වෙන්න තියෙන ජනගහනය අඩු ප්‍රදේශයක සුන්දර නිවහනකට. බ්‍රියා ඒ තැන දැක්කට පස්සේ ඇත්තටම සප්‍රයිස් වෙනවා පුදුමයට පත් වෙනවා. මොකද කිව්වොත් , ඒ නිවහන ඇත්තටම ලස්සනයි , ඔයාලට මේ බයිස්කෝප් එක බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් වේවි මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒ වගේම ජොන්ගෙයි බ්‍රියාව පුදුමයට පත් කොරන්න හිතාගෙන මලියායි අර මම කලින් ඔයාලට කිව්ව පිස්සු හාදයා ඩැරනුයි එනවා. ඔවුන් බොහෝම සතුටින් එකිනෙකාට විහිලු කර ගනිමින් බෝහෝම විනෝදයෙන් තමයි ඒ රාත්‍රීය ගත කරන්නෙ.

ඒත් එක සැරේටම කවුරුවත් බලාපොරොත්තු නැති දෙයක් සිද්ධ වෙනවා. බ්‍රියාගේ බෑගය ඇතුලින් දුරකතනයක් නාද වෙන්ව හඩක් ඇසෙන්න පටන් ගන්නවා. බ්‍රියා කියන විදිහට ඒක එයගේ දුරකතනය නෙමෙයි. ඇය බෑගය පරික්ෂා කලාම ඇයට දකින්න ලැබෙන්නෙ සැටලයිට් දුරකතනයක්. එතකොට තමයි  ඇයට සැකයක් ඇතිවෙන්නෙ. ඒක ඇයගේ බෑගයට දාන්න ඇත්තෙ ඇයට ගෑස් පිරවුම් හලේදි හමුවුන අමුතු විදිහට හැසිරුන කාන්තාව කියලා. කොහෙමෙන් කොහොම හරි ඔවුන් ඇය කිව්ව දෙයක උදව්වෙන් ඒ දුරකතනයෙ අගුල් ඇරගන්නවා. ඒ වගේම හැමෝම බියට වගේම පුදුමයට පත් වෙනවා. ඒ දුරකතනයේ තියෙන දේවල් දැකලා. ඒවගේම ඒත් එක්කම ඔවුන් සිටින නිවසේ සීනුව නාද වෙනවා. ඒ සිදුවීමත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මොකද කිව්වොත් ඔවුන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔවුන්, ඔවුන් පසුපස හබා ඒවි කියලා. ඒකත් කොහේවත් යන දුරකතනයක් නිසා මොකද කිව්වොත් ඒකණ්ඩායමට ඒ දුරකතනය ගොඩාක් වැදගත්. මොකද කිව්වොත් ඒ දුරකතනයේ තියෙන තොරතුරු වලින් ඔවුන් හැමෝටම හිරබත් කන්න සිද්ධ වෙන නිසා.

ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි ඔවුන් කොතරම් භයානකද, ඔවුන් මොන වගේ කටයුත්තක්ද කර කර ඉන්නෙ කියලා.  ඒ වගේම ජෝන්ට බ්‍රීයාට ඒ දේවල් වලින් ගැලවිලා යන්න ලෙහෙසි පහසු වෙන්නෙ නැහැ.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 820MB |

1BBC984FE50A6C5D1A0F85F5E61B61C51F44A0F5

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

| Bluray | x264 | 720p | 820MB | YIFY

| Bluray | x264 | 720p | 750MB | 

| Bluray | x265 | 720p | 500MB |

| Bluray | x265 | 720p | 280MB |

| Bluray | x265 | 1080p | 470MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Traffik (2018) | දුරකතනයක් නිසා හැමදෙයක්ම හෙලිවෙයිද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!