Sacred Games [S01 : E04] | රෑ මැදියමේ මාරාන්තික මෙහෙයුම! (18+)

වෙලාවකට මට හිතෙනවා,
අපේ කට්ටියට මේ කතා මාළාව එපා වෙලා වත්ද කියලා…
මුලදී තිබ්බ උනන්දුව, උද්යෝගය,
පහුගිය ටිකේදි දකින්න ලැබුනේ නැද්ද කියලත්,
නොහිතෙනවා නෙමෙයි.
වාහනයක් දුවන්න නම් ඉන්ධන ඕනේ!
ඒ වගේම…
යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන්න නම් ශක්තියක් අවශ්‍ය වෙනවා.
ඒ වගේම…
උපසිරැසිකරුවෙක් ක්‍රියාත්මක කරන්න නම්,
ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව, උද්යෝගය, දිරිගැන්වීම අවශ්‍ය වෙනවා!

මේ හතරවෙනි කොටසත් එක්ක කතා මාලාවෙන් හරියටම බාගයක් ඉවර වෙනවා. තව කොටස් හතරයි ඉතුරු වෙන්නේ. නිකමට මං මෙහෙම අහන්නම්. පුළුවන් නම් උත්තර දෙන්න. මොකද, උපසිරැසිගන්වන මට වත් මේ ප්‍රශ්න වලට කිසිම විදියක උත්තර හම්බෙලා නැහැ.

  • දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අතුරුදහන් වෙලා ඉඳපු, සටකපට, අතිශය දරුණු ගයිතොන්ඩේ එක සැරේටම ආපහු මතු වුනේ ඇයි?
  • මෙහෙම මතුවෙච්ච ගයිතොන්ඩේ, සර්ටාජ් කියන පොලිස් නිලධාරියට කතා කරලා අනාගත තර්ජනයක් ගැන කියන්නේ ඇයි?
  • ගයිතොන්ඩේ සහ සර්ටාජ් එකිනෙකා සම්බන්ධ වෙන්නේ කොහොමද?
  • ගයිතොන්ඩේ සහ සර්ටාජ්ගේ පියා එකිනෙකා සම්බන්ධ වෙන්නේ කොහොමද?
  • ගයිතොන්ඩේ කියන විදියට දවස් 25කින් මුම්බායි නගරයට සිද්ධවෙන මේ මහා ව්‍යසනය මොකක්ද?
  • මේ ව්‍යසනයෙන් ත්‍රිවේදි කියන පුද්ගලයා ඇරෙන්න අනිත් හැම කෙනෙක්ටම මැරෙන්න සිද්ධවෙන්නේ ඇයි?

මේ තමයි දැනට තියෙන ප්‍රධානම ප්‍රශ්න කීපය. මේ ඇරෙන්නේ මීට සම්බන්ධ අතුරු ප්‍රශ්න මහ ගොඩක් තියෙනවා. කතාව බලන අය දන්නවා ඇති, කතා මාලාව ඉදිරියට ඇදෙන්න ඇදෙන්න ප්‍රශ්න එකිනෙක වැඩිවෙනවා මිසක්, මේ තාක් එක ප්‍රශ්නයකට වත් පිළිතුරු හම්බුනේ නම් නැහැ. අතිශය ප්‍රථම ආරම්භක කතාවේදීම, කතා මාලාවේ ප්‍රධාන දුෂ්ඨ චරිතය ඝාතනය කරමින්, ප්‍රේක්ෂකයා හට අතිශය තියුණු තිගැස්මක් ඇති කරමින්, සියලු දෙනාගේම අවදානය දිනාගන්න මේ කතාමාලාවට හැකියාව ලැබුණා.

කොනක් පටක් සොයාගත නොහැකි, පැටලුනු නූල් බෝලයක් බඳු වූ අභිරහසක් විසඳමින් ඉදිරියට ඇදෙන්නා වූ සර්ටාජ් සහ රෝ නිලධාරිවරිය, අවසානයේ ගයිතොන්ඩේගේ අපරාධ ජාලයේ දැවැන්තයෙකු වන බන්ටි අල්ලාගැනීමට උපක්‍රමයක් යොදනවා. ඔබ හිතන්නේ මොකද? බන්ටි වගේ කෛරාටිකයෙක් මේ වගේ උපක්‍රමයකින් අල්ලගන්න පුළුවන් වේවිද? ඒ වගේම, අනිත් පැත්තෙන් ගයිතොන්ඩේ තමන්ගේ කතාව බොහොම ලස්සනට කියාගෙන එනවා. පේන විදියට නම්, මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙලා, අපේ හිත් කුතුහලයෙන් අවුස්සන්න සමත්වෙලා තියෙන ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ අවසාන කොටසෙදි වගෙයි. සමහර විට වෙන්න පුළුවන් මෙන්න මේක තමයි කියලා ඔබ අනුමාන කරගෙන ඉන්න පුළුවන්. ඒත්, මතක තියාගන්න, “සිතු දේ නොම වෙයි… නොසිතූ දෙයක්ම සිදුවෙයි…” කියලා.

දහ අටදහස ඉක්මවූ මනාප ප්‍රමාණයකින් Imdb දර්ශකය 9.3ක් වැනි අති දැවන්ත අගයක් කරා කරකවමින්, Top Rated TV ලැයිස්තුවේ 25 වන ස්ථානය තම නමට වෙන්කරගෙන සිටින, වසරේ පෙරලිකාරම කතා මාලාව! ඔබ තවමත් අපත් සමගින් එකතු වී නැද්ද? හිත හිතා සිටින්න කාලයක් නෙමෙයි මේ… නුදුරු අනාගතයේදීම මුම්බායි නගරය සහමුලින්ම විනාශ වී යෑමට නියමිතයි. එකතු වන්න අපත් සමගින්, ඉමක් කොනක් නොපෙනෙන අභිරහස් සමුදායක් විසඳමින්, මේ බිහිසුණු ගැටලුවේ පතුලටම ගමන් කිරීමට!

ඉවසලා ඉන්න…
අවසානය ළඟ ළඟ එනවා!
හැබැයි, තව දුර යා යුතුයි!
දින එකිනෙක ගතවී යනවා!
විනාශය ළඟ ළඟ එනවා!
නමුත්, අපි කොතනද?
ඒත් මතක තියාගන්න,
ඊළඟ කෑල්ල අතිශයින් රසවත් ? 
ඇඟිලි ගණින්න…
ඔබ පුන පුනා බලාසිටි විනාශය ළඟ ළඟ එනවා!

 හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| WEBRIP | x265 | 720p | 247MB |

22950741ab45b259a0a0277226a52e0d29fa6fbf

| WEBRIP | x264 | 480p | 2.2GB | Complete Pack

D89AEE5BB066873BB615AC92F9BC08BAE68684E2

| WEBRIP  | x264 | 720p | 3.1GB | Complete Pack

89B1AC910E374B70BD11DC719BCBD3904CF197BE

Direct Download

| WEBRIP | x264 | NEFilx | 322MB |

| WEBRIP | x264 | 720p | 460MB | Mkvcage |

| WEBRip  | x265 | 720p | 235MB | Dual Audio | 8Bit |

| WEB-DL | x264 | 480p | 2.2GB | Complete Pack

| WEB-DL | x264 | 720p | 4.3GB | NetFlix | Complete Pack

| WEBRip | x265 | 720p | 1.92GB | Dual Audio | PSA | Complete Pack

        අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්.     
(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

5 thoughts on “Sacred Games [S01 : E04] | රෑ මැදියමේ මාරාන්තික මෙහෙයුම! (18+)

  • July 17, 2018 at 6:09 pm
    Permalink

    Meeka supiri ban man ada balanna gathe 99data card dagena 2k balala thunaine kiyala hitha hadaganna haduwa withri hathrth awith

    Reply
  • July 19, 2018 at 12:19 am
    Permalink

    ඊලඟ කොටස ඉක්කමට දාපන් දෙයියෝ

    Reply
  • July 19, 2018 at 12:40 pm
    Permalink

    Great job.. wish u all the best

    Reply
  • July 19, 2018 at 1:13 pm
    Permalink

    bro… where’s the next one. pls give it soon…

    Reply
  • July 19, 2018 at 7:17 pm
    Permalink

    niyamai… ithuru tikath puluwan ikmanata denna saho…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!