Warrior (2011) | නැවත පැමිනිමට අවසරයි !

ඔන්න මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙවෙනි උපසිරැසි නිර්මාණය විදියට ඉතාමත්ම අනර්ඝ ඉහළ ගණයේ චිත්‍රපටයක් අරගෙන ආවා. මේක IMDB Top List එකේ 144 වෙනි ස්ථානයට පත්වෙලා තියනව 8.3 ක අගයක් ලබාගෙන.

මේකෙ කතාව මෙහෙමයි. ටොමී සහ බ්‍රෙන්ඩන් කියල සහෝදරවරු දෙන්නෙක් ඉන්නවා. මෙයාලගෙ තාත්ත හොඳ සටන් පුහුණුකරුවෙක්. පවුල් ආරවුලක් හින්ඳ මෙයාලගෙ පවුල දෙකඩ වෙලා තියෙන්නෙ. මෙහෙම තියෙද්දි දවසක් ටොමී එයාග තාත්තව බලන්න එනවා. සෑහෙන කාලෙකට පස්සෙ. ඒ තාත්තව බලන්නම නෙවෙයි. එයාගෙ හිතේ තියෙන්නෙ යටි අරමුණක්. ඒ සටන් තරඟාවලියකට ඔහුගෙ තාත්ත ලවා පුහුණු වෙන්න. මෙයාගෙ සහෝදරය බ්‍රෙන්ඩන්, ඔහු විද්‍යා ගුරුවරයෙක්. ඔහුගෙ දුවගෙ රෝගී තත්වයකට බෙහෙත් කරන්න ගිහින් ඔහු බංකොලොත් බාවයට පත් වෙනවා. ඔහුට ඒකෙන් ගොඩ එන්න සටන් කරන්න යන්න වෙනවා. අවසානේ මේ දෙන්නම එකම තරඟාවලියකට වැටෙනවා. මේ අයගෙ ජීවිතේ හැල හැප්පීමුත් එක්ක අවසානයේදි මොකද වෙන්නෙ කියල බලන්න අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය නරඹන්න. පවුලේ සැමට නැරඹිය හැකි ගොඩක් ලස්සන හිතට වදින චිත්‍රපටයක්. අනිවාර්යෙන්ම නරඹන්න.

මීට කලින් පළ කළ ලිපිය.

2012 වසරට පා තබන්න ලංවන මොහොතෙ නැවතත් බයිස්කොප් ලැබැඳියන් සමග එක්විමට සිතුනු හෙයින් නව්‍යකරණය වන ලෝකයෙ සිට තවත් එක් කතාවකට පමණක් සිමා නොවි ඊට එහා යමක් ඔබට ලබාදිමේ අදිටනින් මේ සිනමා කෘතිය ඔබ සමග නැරඹිමට සිතුවෙමි. මෙය එක්තරා විදියක ක්‍රියාදාම චිත්‍රපටියක් ලෙසද හැදින්විය හැක. මන්දයත් මෙහි අන්තර්ගත කතාව වන්නෙ බොක්සින් ක්‍රිඩාව තම සිහිනයටත් එහාගිය මෙන්ම ඉලක්කයකටත් වඩා තම අභිප්‍රාය කරගත් තරුණයින්ගෙ කතාවක් හෙයිනි. කට්ටියට මතක ඇති ගිය වසර අගබාගයෙදි නිකුත් වුනු The Fighter (2010) චිත්‍රපටිය. ඒක සම්පුර්ණයෙන්ම බොක්සින් සම්බන්ධ කතාවක්. නමුත් මේක ඊට වෙනස්. මේක තුල බොහොමයක් තියෙන්නෙ කික්බොක්සින් සම්ප්‍රදාය. එකයි මේකෙ විශේෂත්වය.

තම පියාගෙන් ලද ශිල්පය මත යැපෙමින් ජිවිතය ගෙවන්නට සැරසෙන සහෝදරයන් දෙදෙනෙකි. වැඩිමහල් සහෝදරයා ශිල්පය අදහන්නෙක් මිස දක්ෂයකු නොවන්නෙකි. ඔහු තමන්ගේ බිරිඳට හා දූවරු දෙදෙනාට පණ මෙන් ආදරය කරන්නෙකි. ඔහු මුදල් අතින් බංකොලොත් වීගෙන එන්නෙකි. බාල සහෝදරයා මත්පැන් සදහා ලොල්වුවෙකි. ඔහුගේ පුහුණුකරු වන්නේ පියායි. නමුත් සොයුරන් දෙදෙනාම පියාට එතරම් කැමැත්තක් නොදක්වයි.

මේ සොයුරන් දෙදෙනාටම එකම සිහිනයක් තිබේ. මේ සිහිනය ලංවිමට හැකි, දාරාගැනිමට නොහැකි තරම් දෙයකි. තම ජිවිතයම ක්‍රිඩාව වෙනුවෙන් කැපකරන මේ සහොදරයන් දෙදෙනාගෙ බැඳීම පිලිබඳව ඔබට වටහා ගනු බැරිතරම්ය. නමුත් දැන් අවස්ථාව පැමින ඇත. එනම් ශුරතාවක් පෙනෙන මානයක ඇත. මෙහි වටිනාකම ඉතිහාස ගතයි. සොහොයුරන් දෙදෙනාම එකම කිරුලකට තරඟ වදියි. ජයග්‍රහකයා සියල්ල රැගෙන යයි. ජයග්‍රහකයා කවුරුන්ද කිසිවකු නොසිතන අවසනයක් රැගත් මෙම සිනමා කෘතිය තුලින් සහොදර බැදිමක ඇති වටිනාකම ගෙනහැර දක්වයි. IMDB 8.3 රැගත් මෙම සිනමා නිර්මාණය මහත් අදර්ශ රැසක් ගෙන හැරපාන නිර්මාණයකි.

 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| Bluray | x264 | 720p | 800MB |

e60017ed9fe3b40dbf149cf28b8def1bcc106d42

Direct Download

| Bluray | x264 | 720p | 800MB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Warrior (2011) | නැවත පැමිනිමට අවසරයි !

  • July 17, 2018 at 11:39 am
    Permalink

    නියමයි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *