Two Countries (2015) | රැවටීමක්ද? ආදරයක්ද?

මුලින්ම බයිස්කෝප් අඩවියෙන් සමාවෙන්න කියලා ඉල්ලනවා. මං මේ උපසිරැස වෙන් කරගෙන ගොඩාක් දවස්. හරියටම කිව්වොත් මැයි මාසේ මං බාර ගත්තේ. පොඩි පොඩි ගැටලු වගයක් නිසා මේක ගොඩාක් පරක්කු උනා. ඒ නිසා සමාවෙන්න. එහෙනම් තවත් පරක්කු කරන්නේ නැතුව වැඩේට එමු.

මේ චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2015 වර්ෂයේ. එතෙක් මෙතෙක් වැඩිම ආදායම් වාර්තා තියපු මලයාලම් චිත්‍රපට අතර මේක තියෙන්නේ #5 වෙනි ස්ථානයේ. ඒ කියන්නේ මීට උඩින් තියෙන්නේ Pulimurugan, Drishyam, Oppam හා Premam යන චිත්‍රපට විතරයි. ඒ විතරක් නෙවෙයි review පැත්තෙනුත් මේකට යහපත් ප්‍රතිචාර හම්බෙලා. ඒ අනුව Times of India මෙයට 5න් 3.5ක් ලබා දීලා තියෙනවා.

මේ චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ Romantic Comedy යටතේ. මලයාලම් කොමඩි ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. හොඳට හිනාවෙන්න ඕනේ නම් මෙන්න චිත්‍රපටි. මෙහි ප්‍රධාන චරිත Dileep, Mamta Mohandas, Aju Varghese යන අය තමා කරන්නේ. මේකේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, උල්ලාස් තමා මේකේ ප්‍රධාන චරිතය. මිනිහා නොම්බර එකේ කපටියෙක්. මෙයා සල්ලි වලට කෑදරකමින් කැනඩාවෙන් කසාදයක් බදිනවා. හැබැයි බැන්දට පස්සේ තමා දැන ගන්නේ කෙල්ලගෙත් පොඩි අවුලක් තියෙනවා කියලා. ඒ අවුල මොකක්ද කියලා මං කියන්නේ නෑ. ? ඒ අවුල මොකක්ද ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැන ගන්න ඉතින් ෆිලුම බලන්නම වෙනවා.

එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ සුන්දර මලයාලම් සිනමා නිර්මාණය සමඟ එකතු වෙන්න කියලා. බොහොම ස්තුතියි ?


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Direct Download

| Bluray | x264 | 720p | 800MB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!