Shooter [S03 : E04] | ගෝඩ් බොක්ස්

ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක් අර ජිමි පූල් පැනලා යද්දී හිටිය ආරක්ෂකයාගෙන් ප්‍රශ්න කරන්න ගියා. අපි දැක්කා එවෙලේ මිනිහා බාමා ගොවිපලට ගිහින් මැරුම් කනවා.. ඉතින් ස්වැගර් හැරිස් එක්ක රෙඩ් බාමාව මුණ ගැහෙන්න යනවා.. එතැනදී හැරිස්ව දැන අදුරගන්න රෙඩ් බාමා ඊට පස්සෙ ඊට පස්සෙ හැරිස්ව අල්ලගන්න මිනිස්සුන්ව යවනවා.

ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්න පුළුවන් උනා අර්ල් ස්වැගර්ගෙ අතීතය… අතීතය කිව්වේ අර්ල් ස්වැගර් වියට්නාම යුද්ධය අතරතුරදී හමුදාවේ රහසිගත ඒකකයකට සම්බන්ධ වෙන සිද්ධියක් තමා පෙන්නුවේ.. ඒ වගේම අර්ල්ගෙ මිත්‍රයෙක්ගෙන් දැනගත්ත් තොරතුරුත් එක්ක බොබ් ලී නිගමනයකට එනවා රජය විසින් කරගෙන ගිය ෆීනික්ස් වැඩසටහන නම් වූ රහසිගත වැඩසටහන පසු කලෙකදී ඇට්ලස් විදිහට නම වෙනස් වෙන්න ඇති කියලා.. ඒකත් එක්කම පැහැදිලි වෙනවා රජයේ ඉහල තනතුරුවල ඉන්න ගොඩදෙනෙක් මේකට සම්බන්ධ වෙන්නෙ ඇයි කියලා..

ඒ වගේම අයිසැක් සහ නාදින් දෙන්නා කාර්ලිටා කෘස්ව හොයාගෙන ගිහින් අන්තිමේ කාර්ලිටාගෙ රවටිමකට ලක්වෙනවාත් දැකගන්න ලැබුනා.. දෙන්නව රැවට්ටුවට මොකද කාර්ලිටා යන්නෙ ඇට්ලස් ඒකට සම්බන්ධය දෙයක් ලබා දීලා තමයි.. ඉතින් ඒ වගේම හැරිස් දැන් ස්වැගර් කණ්ඩායම එක්ක ඉන්න නිසා හේයස්ට වගේම ඇට්ලස් එකට සම්බන්ධ තොරතුරු බොහොමයක් ගැනත් කට්ටියටම දැනගන්න ලැබෙනවා..

ඉතින් අද කොටස ගැන කිව්වොත් අද ඔන්න අයිසැක් සහ නාදින් දෙන්නට කාර්ලිටා දාලා ගිය හෝඩුවාවේ මාර්ගයෙන් ඇට්ලස් එකට කිට්ටු වෙන්න ක්‍රමයක් ලැබෙනවා. ඒවගේම හැරිස් පස්සෙන් රෙඩ් බාමා ආව නිසා හැරිස්ව වෙනත් දිහාවකට පිටමන් කරනවා.. හැබැයි ඒ වැඩෙත් හරියන්නේ නෑ.. මොකද රෙඩ් බාමා හැරිස්ව අල්ලන් යන නිසා.. ඉතින් අද දැක බලාගන්න පුළුවන් හැරිස්ව මුදාගැනීමේ ස්වැගර් ඇතුළු කණ්ඩායමේ මෙහෙයුම. ඒ වගේම රෙඩ් බාමාට හැරිස්ව අවශ්‍ය ඇයි කියන කාරණෙත් දැනගන්න ලැබෙනවා..

හොදයි එහෙමනම් මම මෙච්චරයි කියන්නෙ.. කට්ටිය බලලම කතාවේ මොකද වෙන්නෙ කියලා දැනගන්නකො.. දැන් දැන් කට්ටියට කතාව එපාවෙලාද කියලත් හිතෙනවා බාගත කිරීම් ප්‍රමාණය දැක්කහම.. හරි එහෙමනම් ලබන සතියේ ආයේ හමුවෙන තුරු ඔබ සැමට ජය.

 Torrents Download

| HDTV | x264 | KILLERS | 264MB |

BB2AA0EBF8B325D2B7D41437CF4E5559525A573D

Direct Download

| HDTV | x264 | 480p | 153MB |

 

| HDTV | x264 | KILLERS | 264MB |

 

| HDTV | x264 | 720p | 886MB |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Shooter [S03 : E04] | ගෝඩ් බොක්ස්

  • July 14, 2018 at 11:54 am
    Permalink

    sub ganna bane Shooter [S03 : E04] eke

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *