Loving Pablo (2017) | කුඩු රජා…

මේ මට අඳුරන නංගි කෙනෙක්ගෙන් ආපු කෝල් එකක්,

“,හෙලෝ, දමින්ද අයියෙ ඔයා දන්නව කිව්ව අර ඩොක්ට කොහේද ඉන්නෙ අයියෙ? අනේ අයියෙ මට කියන්න විස්තර. දැන් නම් මට එපා වෙලා ඉන්නේ. අපේ ලොකු මල්ලි අද ගෙදර බඩු මුට්ටු පොලොවෙ ගහලා මටත් ගහල, අම්මටත් බැනලා සල්ලි අරං ගියා කුඩු බොන්න.’

මේ අපේ ගමේ මගේ හොඳම යාලුවෙක්,

“,දමින්ද අයියේ උඹ මගේ හොඳම යාලුවෙක් නම් මට මේ උදව්ව කරපන්, රුපියල් 2000 ක් දීපන් බුදු අයියේ. මට බොරු කියල වැඩක් නෑ.. ඇත්තම කියන්නම්.මට ඉන්න බෑ බං. කරන්න දෙයක් නෑ දැන් පුරුදු වෙලා ඉවරයි බං.’.

හරි එහෙනම් අපි පටන් ගමු.හැමෝටම ආයුබෝවන්.මම කවුද කියල ඔයාල දන්නවා. මේ මගේ 12 වෙනි එක. මම සබ් දෙන එක නවත්තන්න හිටියෙ වැඩත් එක්ක කරගෙන යන්න අමාරු නිසා.ඒත් ඉතින් විමා කිව්වා කොහොමද වැඩ කරගන්න විදිය කියලා. මම නම් හිතන්නෙ විමා වගේ එකෙක් ඇමරිකාවෙ ජනාධිපති උනොත් කවදාවත් ලෝක යුද්දයක් ඇති වෙන එකක් නෑ.හේතුව පොර දන්නවා ප්‍රශ්නයක් සාමකාමීව විසඳන්න.

මේ කථාව නම් හොඳම එකක්.අහල තියෙනවද පැබ්ලෝ එස්කොබාර් කියල කෙනෙක් ව? මතකද අර American Made කියන ෆිල්ම් එකේ පයිලට් කෙනෙක් කුඩු ඇද්දෙ කුඩු රජෙක් ගෙන්.අන්න ඒ කුඩු රජා තමයි පැබ්ලෝ.මෙයා තමයි ලෝකෙ හිටපු ලොකුම කුඩු බෙදුම්කරු. ලෝකෙට මෙයාගෙන් උන සැපයුම 80% ක්.මේ කථාවෙන් ඔයාලට බලන්න පුලුවන් එයා ගැන. මේකෙ කථාව ගැන නම් මම මුකුත් කියන්නෙ නෑ. පැබ්ලෝ එස්කොබාර් ගෙ නම ඇහුවම හැමෝම දන්න නිසා එයා ගැන බලන්න ෆිල්ම් එක බලලම ඉන්න මහත්වරුනේ. මේක ඇත්ත කථාවක්.එක නිසා හොඳට බලන්න. IMDB වලත් දැනට 6.3 ක් අරගෙන තියෙනවා.

එතකොට අර උඩ තියෙන දෙබස්? ඒකත් ඇත්තම කථාවක්.ඒ නංගි තාමත් එයාගෙ මල්ලි වෙනුවෙන් වියදම් කරනවා.එයා බඳින්න හිටපු කොල්ලත් එයාව අතෑරියා මල්ලි සැරින් සැරේ ගිහින් ඒ කොල්ලගෙ ගෙදරටයි ඔෆිස් එකටයි කරදර කරලා. එතකොට මගේ යාලුවා? එයාට දඬුවම් දුන්නා ගාල්ල මහාධිකරණයෙන්. මේ ලස්සන ජීවිත අවලස්සන කරාට ඒවා විකුනන එවුන්ටත් ශාප වේවා.. තරුණ ඔයාලා කවදාවත් මේ වගේ දේවල් අත්හදා බලන්නවත් එපා.

එහෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න.මේක මගේ අන්තිම එක වෙන්න පුලුවන්. මේ වැඩේට කථා කරපු විකියට ගොඩක් ස්තුතියි. ඒ වගේම ආදරෙයි විමාට.ආදරෙයි අපේ රසිකයොන්ටත්. ජයවේවා බයිස්කෝප් ටීම් එකට.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

 | WEB-DL | x264 | 720p  | 900MB |

635BD9394ECF98390B5BBA33DF4D5E32C0D90378

Direct Download

| WEB-DL | x264 | 480p | 380MB |

       

| WEB-DL | x264 | 720p | 900MB |

       

 | YIFY | WEB-DL | x264 | 720p | 1GB |

       

 | WEB-DL | x264 | 1080p | 1.6GB |

       

  | WEB-DL | x265 | 720p | 800MB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!