Ira (2018)| ආදරේ නාමෙන්, සහෝදරිය වෙනුවෙන්…

ඔන්න සෑහෙන කාලෙකට පස්සෙ ඔයාල වෙනුවෙන් මේ වසරේ මාර්තු මාසෙ නිකුත් වෙච්ච මලයාලම් චිත්‍රපටියක් අරගෙන ආවා. චිත්‍රපටිය ගැන පොඩි හැඳින්වීමක් කරන්නං. පැය 2යි විනාඩි 19ක් පුරා ධාවනය වන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ  Saiju S.S.  කියන අධ්‍යක්ෂකවරයා. තිර රචනය Naveen John ගෙන්. සංගීත අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Gopi Sundar කියන සංගීත අධ්‍යක්ෂකවරයා. Unni Mukundan, Gokul Suresh, Miya, Niranjana Anoop, Lena, Shanker Ramakrishnan කියන කට්ටිය ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වනවා. IMDb දර්ශකයේ 7.6ක් වගේ ඉහළ අගයක් ගන්නත් මේ චිත්‍රපටිය සමත්වෙලා තියෙනවා.

කතාව මෙහෙමයි, මූන්රයිස් කියන රෝහලේදි සිද්ධ වෙන දූෂිත ඇමතිවරයෙකුගේ මරණයකින් තමයි කතාව පටන්ගන්නෙ. ඇමතිවරයා හෘදයාබාධයක් නිසා මැරුණත් ඔහු දූෂිත කෙනෙක් නොවෙන බව ඔප්පු කරලා ජනතා අනුකම්පාව ලබාගැනීමේ අදහසින් ඇමතිගේ පුතා මේක ස්වාභාවික මරණයක් නෙමෙයි, මිනීමැරුමක් කියලා කියන්න වෙනම සැලැස්මක් හදනවා. ඒකට මෙයා මිනීමරුවා විදිහට චෝදනා කරන්නෙ රෝහලට අළුතින් බැඳුනු ආර්යන් කියන වෛද්‍යවරයාට. කොහොම හරි පොලිසියත් එක්ක එකතුවෙලා ආර්යන්ව මිනීමරුවා කරන්න ජේකබ් චන්දි කියන මිය ගිය ඇමතිගේ පුතා උත්සාහ කරනවා.

මේ අතරෙ මේ මරණය ගැන පරික්ෂණ කරන්න මධ්‍යම පොලිසියේ නිලධාරියෙක් වෙස්වලාගෙන එනවා. ඔහුට තේරුම් යනවා ආර්යන් කියන්නෙ අහිංසකයෙක්, මේ වගේ මිනීමැරුමක් කරන්න එයාට පුළුවන්කමක් නෑ කියලා. එතන ඉඳන් රජීව් කියන මේ නිලධාරියා ආර්යන්ගෙ නිර්දෝෂි බව ඔප්පු කරන්න උදව් කරනවා. කොහොම හරි මේ මරණයට සම්බන්ධයක් තියෙන වෙනම අතීත කතාවකුත් තියෙනවා. ඒ ගැන කියන්න ගියොත් එහෙම කතාවෙ තියෙන කුතුහලය නැතිවෙනවා. ඒ හින්දා ඒ ගැන නොකිය ඉන්නං. චිත්‍රපටිය කොහොමද කියල ඉතිං එහෙනං ඔයාලා බලලම තීරණය කරන්න. තවත් සබකින් හමුවෙනකං ගිහින් එන්නං. ජයවේවා!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | Esub  | 700MB |

148089946615EAE5A98095857E7EE3717AAEEDCB

Direct Download

| DVDRip | x264 | Esub | 400MB |

       

| DVDRip | x264 | Esub | 700MB |

       

| DVDRip | x264 | 720p | 1.4GB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!