Padman (2018) | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත…

කොහොම හැම කෙනෙක්ටම. පෑඩ් මෑන් දෙන්නේ නැද්ද කියල තමා පහුගිය ටිකේ ගොඩක් අය මේල් එව්වේ මැසේජ් කලේ. මේ වෙනකම් නොදෙන්න වුණ හේතුව උනේ හරි හමන් උපසිරසියක් ආවේ නැති එක. ඇවිල්ල තිබ්බේ මහා කාසි කබල් උපසිරසියක්. බයිස්කෝප් වෙබ් අඩවියෙන් හින්දි සිනමාපටයක් උදෙසා මම ලබා දෙන පළමුවන සහ අවසන් හින්දි උපසිරැසිය වේවි මොකද ඇත්තටම මට වඩා සුදුසුකම් තියෙන හින්දි බාශාව ගැන හසල දැනුමක් තියෙන උදවිය ඉන්නවා අපේ අඩවියේ. මේක ඇවිල්ලා දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවා වගේ සිදුවීමක් නිසා ප්‍රේක්ෂක ඔබගේ මනාපයෙන් සෙනසුරු දසාව හේතුවෙන් මට ලැබුන එකක්. මතක ඇති කියල හිතනවා අපේ වෙබ් අඩවියේ දෙවනියට තියපු මනාප විමසුම. එකෙන් කොහෙවත් උන්න මට මේ ෆිල්ම් එකට උපසිරසි කරන්න පැවරුණා. මතක ඇතුව ආයේ වෝට් කරනකොට මේ වගේ වින්නැහි නම් කරන්න එපල්ලා. මේ ෆිල්ම් එකට පසුබිම් වෙච්ච සවිස්තරාත්මක සත්‍ය කතාව මෙතනින් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එකේ එන සිංදු ටිකට සබ් කරලා දුන්නේ වගේම සැහෙන්න උදව් කලේ ගයේෂා සත්සරණී, එයාටත් ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි කියන ගමන් ෆිල්ම් එකේ විස්තරය දිහාවට හැරෙමු.

ඉතිං මේ සිනමාපටය IMDB 8.3, කුණු තක්කාලි දර්ශකයේ 100% වැනි ඉහල අගයන් වාර්තා කළා වගේම ඉන්දියානු රුපියල් බිලියන 1.2ක ඉහල ආදායමක් ලබාගත්ත. මේ නිර්මාණය අක්ෂේ කුමාර්, රාධිකා ආප්තේ, සෝනම් කපුර්. (සෝනම් නම් ඊයේ පෙරේදා දවසක විවාහ උනා ඒ දුක තාම තියෙනව 🙁 ) ආදීන්ගෙන් හැඩවෙලා තියෙනවා. එහෙමනම් ඉතිං මං ගැන විස්වාසය තිබ්බ හැමෝටම බොහොම ස්තුතියි, උපසිරසිකරණයේදී උදව් වෙච්ච ගයේෂා සත්සරණීටත් බොහොම ස්තුතියි, කලින් කිව්වා වගේ සිංදු ටික එයා තමයි කරල දුන්නේ. ඉතිං මේක හැම දෙනෙක්ම බැලිය යුතු ඉතාම වැදගත් කතාවක්, තමන්ගේ උපන් බිමට ආදරය කරන, මිලියන ගානක් හොයන්න පුළුවන්කම තියාගෙන ඉතාම අඩු මුදලකට තමන්ගේ මිනිස්සුන්ට විතරක් නෙමේ ලෝකේ රටවල් 6ක මිනිසුන්ට තමන් දුක් විඳලා හොයාගත්ත නව නිර්මාණයෙන් පිහිට ලබාගන්න හයියක් වෙච්ච දිරිය මිනිසෙකුගේ කතාවක්. ඒ විතරක් නෙමේ හැම විශිෂ්ඨ මිනිසෙකුගේම පසුපස බිරිඳක් ඉන්නවනම් ඒ බිරිඳ මහා කැපකිරීමක් කල ගැහැනියක් කියල කියනවනේ. ඒත් මේ කතාවේදී නම් ඒ දේ හරියටම එහෙම වෙන්නේ නෑ.කාන්තාවන් වෙනුවෙන් කැපවුණු පිරිමියෙකුට ඔහුගේ බිරිඳ විසින්ම උපකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම පුදුමයක් වෙන්නත් බෑ ඉතිං එක අතකට.ඒත් ඉතිං හැම කන්තවම එහෙම නෑ. එහෙම නොවන කෙනෙක් නිසා තමා අද මේ විදියට ලෝකය ඉදිරියේ කතා කරන්න පුළුවන් මිනිහෙක් බිහිවෙලා තියෙන්නේ. ඉතිං මේ වෙනුවෙන් ඔවුන් හරි අපුරු ප්‍රචාරක ව්‍යාපාරයක් අරගෙන ගියා. ඒ තමා සැනිටරි පෑඩ් එකක් එක්ක තමන්ගේ චායාරුපයක් පලකරන්න කියල එකිනෙකාට අභියෝග කරගැනීම. ඉතිං ඒ අභියෝගය බාරගත්ත පිරිසකගෙන් කොටසක් තමයි මේ ඉන්නේ.

පහුගිය මැයි 28දා ඔසප් ස්වස්ථතාව පිළිබඳ ජාත්‍යන්තර දිනය ලොව පුරා පැවැත්වුණා. සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු මහත්මිය සහ පුෂ්පා ජයවර්ධන මහත්මියගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව අනාවරණය වෙලා තියෙනවා. එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණක් කියලත් ඒ සමීක්ෂණයේදී එයාල හොයාගෙන තියෙනව. ඉතිං එදින උත්සවයේ පැවති දේශනය අමතමින් වෛද්‍ය අසන්ති ප්‍ර‍නාන්දු බලපිටිය මහත්මිය පැවසුවේ ඒ පිළිබඳ විවෘතව කතා කිරීම වැදගත් බවයි. එතුමිය කරපු කතාව තමා මම පහලින් සඳහන් කරන්නේ.

“සමාජයේ මිථ්‍යා මත තිබෙනවා. මේ පිට වන්නේ අපිරිසිදු රුධිරය බව කියන එක එවැනි මතයක්. එය වැරදියි. මෙහිදී සිදු වන්නේ ගැබ් ගැනීම සඳහා සූදානම් වුණ ගර්භාෂ බිත්තිය, ගැබ් ගැනීමක් සිදු නොවීම නිසා ගැලවී රුධිරය සමග ඉවත්ව යාම යි. ඔසප් වීම සිදු වන දිනවල පිරිසිදුකම ඉතා වැදගත්. ඔසප් දිනවලදී නාන්නට හොඳ නැහැ වගේ අදහස් තියෙනවා. ඒ වුණාට මේ දිනවල නාලා පිරිසිදු වෙන එක ඉතා වැදගත්. අප කියන්නේ සනීපාරක්ෂක තුවා හෝ රෙදිකඩ පැය හතරකට වරක් මාරු කරන්න ය කියලා යි. එහෙත්, සමහර විට, පාසල් දරුවන්ට එහෙම ඒ සඳහා පහසුකම් නැති නිසා උදේ පාසල් පැමිණ, සවස පන්ති ගොස් එනතුරුත් එක ම සනීපාරක්ෂක තුවාය පාවිච්චි කරන අවස්ථා තිබෙනවා. ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් පහසුකම් සැලසීම සමාජ වගකීමක්. ඒ වගේ ම, ඒ දිනවලදී ඔවුන් මුහුණ දෙන ශාරීරික, මානසික ගැටලුවලදී ඔවුන්ට විශේෂයෙන් ම සැමියා, දරුවන් ඇතුළු පවුලේ අයගෙනුත්, සමාජයෙනුත් උපකාර අවශ්‍ය යි. ඒ නිසා ඔසප් ස්වස්ථතාව කියන්නෙ කාන්තාවන්ගේ ගැටලුවක් නෙමෙයි. එය සමාජමය කාරණයක්.”

ඉතිං මං පෞද්ගලිකව හිතනවා මේ ස්භාවික සංසිද්දිය ලජ්ජාවට පත්වෙන්න ඕන කාරණයක් නෙමේ කියල. අපි කන බොන හුස්ම ගන්නවා වගේම ඔපස් වීමත් ස්ත්‍රී පාර්ශවයට පමණක් සිදුවන ඉතාම ස්භාවික සංසිද්දියක්. ඒ වගේම එම සංසිද්දිය වෙනුවෙන් පළඳින සෞඛ්‍ය ආරක්‍ෂිත පළඳනාවක් තමා මේ සැනිටරි පෑඩ් එක. ඉතිං වෛද්‍යතුමිය කිව්වා වගේ මේ පිළිබඳව විවෘතව කතා කිරීම කලයුතු දෙයක් වගේම කිල්ලට අහුවෙන දෙයක්වත් පිළිකුල් දෙයක්වත් ලජ්ජාවට පත්වෙන්න ඕන දෙයක්වත් නෙමේ කියන පණිවුඩය හිතේ තියාගෙන එහෙනම් අපුර්ව මිනිසෙකුගේ කතාවක් බලන්න පෙළ ගැහෙමු.

 

පිරිමියෙක්ගෙන්, පැය භාගයක් ගැහැණියෙකගෙන් වගේ ලේ ගියෝතින්,
ඒ පිරිමියා එතනම මැරිල වැටෙනව.
– Padman (2018) –


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| DVDRip | x264 | Esub  | 700MB |

79DA80921B57647A559B4B778D5C0743992149B6

Direct Download

| DVDRip | x264 | 480p | 390MB |

       

| DVDRip | x264 | Esub | 400MB |

       

| DVDRip | x264 | Esub | 700MB |

       

| DVDRip | x264 | 720p | 1.1GB |

       

| DVDRip | x264 | 720p | 1.5GB |

       

| DVDRip | x265 | 720p | 664MB | HEVC

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “Padman (2018) | උත්සාහය අත් නොහරින තුරා ඔබ පරාද නැත…

  • July 13, 2018 at 8:10 pm
    Permalink

    Thank’s machan sub ekata,allu arjunge new movie eke sub eka ikmanata diyallako machanla.thanks

    Reply
  • July 17, 2018 at 8:49 am
    Permalink

    meka supirima film ekak

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!