Real (2017)| ඇබ්බැහි වීම. [18+]

ආයුබෝවන්! අද මම අරගෙන ආවෙ 2017 වර්ෂයේ ජූනි 28 වන දින තිරගත කිරීම ආරම්භ කල Action ගණයට අයත් වෙන IMDb 5.2 ක් ගත්තු කොරියානු චිත්‍රපටියකට උපසිරැසියක් අරගෙන. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙ වෙන ජන්ග් ටේ යොන්ග් ට පණ පොවන්නෙ හැමෝම දන්න අනන්තෙන් ආපු තරු කුමාරය තමයි. ඒ කියන්නෙ කිම් සූ හ්යුන්. මේ චිත්‍රපටිය අති සාර්ථක චිත්‍රපටියක් වෙයි කියල තමයි මමත් අනිත් හැම දෙනාමත් හිතාගෙන හිටියෙ. ඒත් හැබැයි මේ චිත්‍රපටියෙ තියෙන සංකීර්ණ බව නිසා සහ තේරුම් ගැනීමේ අපහසුව නිසාම වෙන්නට ඕනෙ කිසිම කෙනෙක් නොහිතපු විදියෙ අඩු රේටින්ග්ස් මේකට ලැබුනෙ. හැබැයි මේ චිත්‍රපටිය මනසින් බැලුවොත් නම් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා. මටත් හරියටම තේරුම් ගියෙ දෙවැනි පාර බලද්දි තමයි.

හැබැයි මේ නිර්මාණයේ ක්‍රියාදාම වලින් නම් අඩුවක් නැහැ. ඒ හේතුව නිසාම සහ කුතුහලය නිසා මේ චිත්‍රපටිය බලන්න මම ආරාධනා කරනවා. ඉතින් සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි.. ජන්ග් ටේ යොන්ග් කියන්නෙ එකම ශරීරයක ආත්ම දෙකක් එහෙමත් නැතිනම් පෞර්ෂ දෙකක් තියෙන රෝගියෙක්. එක පෞර්ෂයක මෙයා අති සාර්ථක කැසිනෝ එකක අයිතිකාරයෙක් වගේම මැරයෙක්. ඒ වගේම තමයි විශේෂ මත් ද්‍රව්‍යයකටත් මෙයා ඇබ්බැහි වෙලා ඉන්නවා. මෙයාගෙ අනිත් පෞර්ෂය ස්වාධීන වාර්තාකාරයෙක් හැටියට තමයි පෙනී සිටින්නෙ. ඒ කියන්නෙ මෙයා අපරාද හොයාගෙන විමර්ශනය කරලා ඒක ප්‍රවෘත්ති හැටියට නාලිකාවලට විකුණනවා. ඉතින් මේ මැර ජන්ග් ටේ යොන්ග්ට ඕනෙ වෙනවා මෙයාගෙ අනිත් පෞර්ෂය නැති කරල දාන්න.එහෙමත් නැතිනම් මරල දාන්න.හැබැයි මෙයා දිවිනසා ගන්නෙ නැතුව ඒ පෞර්ෂය නැති කරන්න විදියක් නැහැ.නමුත් මෙයාගෙ දොස්තර මෙයාට වෙනස්ම විදියෙ අදහසක් දෙනවා. කොහොම හරි මේ වැඩේ හරි ගියා කියල තමයි ජන්ග් ටේ යොන්ග් හිතන්නෙ.ඒ වුනාට එයාගෙ අනිත් පෞර්ෂය වෙන කෙනෙකුගෙ ශරීරයකින් මතු වෙලා මේ ජන්ග් ටේ යොන්ග්ව හොයාගෙන එනවා. මෙයා එන්නෙ ලොකු අනතුරකට පත් වුණු කෙනෙකුගෙ සිරුරකින්. මෙයාගෙ මූණ සම්පුර්ණයෙන්ම විනාශ වෙලා නිසා මෙයාට ප්ලාස්ටික් සැත්කමක් කරනවා.ඒ සැත්කම කරන්නෙ ජන්ග් ටේ යොන්ග්ගෙ මූණ තියෙන විදියටමයි. ඒ වගේම තමයි කටහඬ පවා අනිත් ජන්ග් ටේ යොන්ග් වගේ හදා ගන්නවා.

ජන්ග් ටේ යොන්ල දෙන්නම තමන් තමයි ඇත්තම කෙනා කියල හිතාගෙන ඉන්නෙ.ඉතින් හැබෑම ජන්ග් ටේ යොන්ග් කවුද? මේ විශේෂ මත් ද්‍රව්‍ය මොකක්ද? අන්තිමට කවුද ඉතුරුවෙන්නෙ කියන එක බලලම තේරුම් ගන්න කියල මම ඉල්ලනවා. කතාව තේරුණේ නැතිනම් මට බනින්න එහෙම එපා හොඳද? එහෙනම් අදට ගිහින් එන්නම්. බුදුසරණයි!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p  | 1.1GB |

BEEA487C178E5FF7B5BC3A9F4E2FF46FD8EBDC63

Direct Download

| Bluray | x264 | 480p | 500MB |

       

| Bluray | x264 | 720p | 1.1GB |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Real (2017)| ඇබ්බැහි වීම. [18+]

  • October 4, 2018 at 1:11 pm
    Permalink

    Download wenne ne aluth webpage ekak open wenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!