Hulk (2003) | ඩොක්ටර් බෲස් බැනර් නොහොත් හල්ක්…

I don’t know who am I. I don’t know what I’m becoming. But I know one thing for sure. You wouldn’t like me when I’m angry.
~ Bruce Banner ~
ඔය උඩින් දාපු කොටස මම මීට කළිනුත් දැම්මා මතක ඇති The Incredible Hulk ෆිල්ම් එක ගේනකොට. කට්ටිය ඒක දැන් බලලනෙ ඇත්තෙ. හැබැයි ඉතින් මේක ඒකට සම්බන්ධ නෑ. මේකෙ නම තමයි The Hulk. නිකුත් වුණේ 2003 වර්ෂයේ ජූනි 20 වෙනිදා. ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ Ang Lee. මෙයා තමයි Life of Pi ෆිලුම අධ්‍යක්ෂනය කරන්නෙ වගේම නිෂ්පාදනය කරන්නෙත්. කතාවට පාදක වෙන්නෙ අපි කවුරුත් දන්න Stan Lee විසින් නිපදවපු Hulk චරිතය තමා. Stan Lee කියන්නෙ ඉතින් Marvel විශ්වයේ චරිත බොහොමයක් නිර්මාණය කරපු පුද්ගලයෙක්නෙ. ඔයාලට සුපුරුදු පරිදිම මේ ෆිලුමෙදිත් එයාව දැක ගන්න පුලුවන්. බෲස් විද්‍යාගාරයට එන මුල්ම දර්ශනයේදී එතනින් එළියට එන ආරක්ෂකයින් දෙන්නගෙන් වයසක කෙනා තමා එයා. එයත් එක්ක එන අනිත් කෙනා තමා ඔයාලා බලලා තියෙන The Incredible Hulk රූපවාහිනී කතාමාලාවේ හල්ක්ට පනපොවන කෙනා වෙන්නෙ. නළු නිළියො මෙහෙමයි.
  • බෲස් බැනර් නැත්නම් බෲස් ක්‍රෙන්ස්ලර් විදිහට Eric Bana
  • බෙටී රොස් විදිහට Jennifer Connely
  • ඩේවිඩ් බැනර් විදිහට Nick Nolte
  • ජෙනරල් රොස්, නැත්නම් බෙටීගේ තාත්තා විදිහට Sam Elliott
ෆිලුම සඳහා රඟපෑමෙන් දායක වෙනවා. IMDb අගය 5.7ක්. ඔයාලට විනාඩි 138ක් පුරාවට ෆිලුම රසවිඳින්න පුලුවන්. කතාව පොඩ්ඩක් කියන්නම්.
අපි හැමෝම දන්නවනෙ ඩොක්ටර් බෲස් බැනර් කියන්නෙ අසාමාන්‍ය බලයක් තියෙන, තරහා ගියාට පස්සෙ කොළ පාට විශාල යෝධයෙක් බවට පත්වෙන කෙනෙක්නෙ. මෙයාටෙ මෙහෙම වෙන්නෙ එයාගෙ තාත්තා එයාටම කරගත්ත පරීක්ෂණයක් නිසා. පස්සෙ බෲස්ගෙ තාත්තා, ඒ කියන්නෙ ඩොක්ටර් ඩේවිඩ් බැනර් බෲස්ගෙ අම්මව මරනවා. එදා ඉඳලා බෲස් හැදෙන්නෙ වෙන තැනක. හැබැයි එයාට එයා පොඩි කාලෙදි වෙච්ච ඒ කිසිම සිදුවීමක් හරියට මතක නෑ. යන්තම් කොටස් විතරයි මතක තියෙන්නෙ. ඉතින් කාලය ගෙවිලා ගිහින් එයාගෙ තාත්තා ආයෙත් එනවා බෲස්ව හොයාගෙන. එයත් එන්නෙ හොඳ දේකට නෙවෙයි. බෲස්ගේ බලය එයාගෙ ඇඟට ගන්න කියලා හිතාගෙන තමයි එන්නෙ. ඉතින් එතන ඉඳලා ඉතුරු ටික ඔයාලට බලලම දැනගන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් තවත් සබ් එකකින් හම්බවෙමු. එතකම් Baiscopelk එන හැමෝටම බුදු සරණයි…!!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p  | 900MB | YIFY |

C63511EEA52E2F4E33026A6A8FE2AB297A87082B

Direct Download

| Bluray | x264 | 720p | 900MB | YIFY |

       

| Bluray | x264 | 1080p | 1.9GB | YIFY |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

One thought on “Hulk (2003) | ඩොක්ටර් බෲස් බැනර් නොහොත් හල්ක්…

  • January 31, 2019 at 15:15
    Permalink

    Tnx bro. Meka balala nathuwa hitiye. dn ithin bagaththa balanna thama thiyenne

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!