Percy Jackson : Sea of Monsters (2013) | මුහුදු රාක්ෂයන්ට අභියෝගයක්…

අදත් මේ හමුවෙන්න එන්නේ නවතම ක්‍රියාදාම සහ ෆැන්ටසි වර්ගයේ චිත්‍රපට උපසිරසක් රැගෙන. නම දකින්න ඇතිනේ ඉහලින්ම තියෙනවා. මේ චිත්‍රපටය ඇත්තටම මේ කතාවට සම්බන්ධ දෙවන චිත්‍රපටයයි. මෙහි මීට කලින් චිත්‍රපටය උනේ Percy Jackson & the Olympians: The Lightning Thief (2010). එහි උපසිරස ඔයාලට අපේ රොයිලි සහෝගේ නොමසුරු දායකත්වයෙන් ලැබිලා තියෙනවා.  අලුත්ම චිත්‍රපටයට දායකත්වය දෙන්න යන්නේ මම ඔන්න. වෙනදා කියන විස්තර ටික කියනවා නම් මුල්ම තිරගත කිරීම උනේ පසුගිය අගෝස්තු 7 වෙනිදා. ඒ වගේම මෙහි පිරිවැය උනේ ඩොලර් මිලියන 90ක් පහුගිය නොවැම්බර් 7 වෙනිදා වෙනකොට ලොව වටා අදායම ඩොලර් මිලියන 197ක් වෙලා තියෙනවා. ඒ වගේම මෙහි IMDb අගය විදිහට වාර්තා වෙන්නේ 6.3ක්.  මෙහි අධ්‍යක්‍ෂණය සිදුකර තිබෙන්නේ Thor Freudenthal විසින් කලින් චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කල Chris Columbus වෙනුවට තමා මේ අධ්‍යක්ෂකවරයා යොදාගෙන තිබෙන්නේ. ඒ වගේ රංගනයෙන් Logan Lerman, Alexandra Daddario, Brandon T. Jackson වගේ නළු නිලියන් දායක වෙනවා.

කලින් චිත්‍රපටය ගැන කියනවා නම් මේ කතාව දිවගියේ රෝම දෙවිවරු වන සියුස්, පොසයිඩන් සහ හේඩිස් කියන දෙවිවරු මනුස්ස ලෝකෙට ඇවිත් කරපු හපන්කන් වල ප්‍රථිපල විදිහට හැදුන අර්ධ දෙවි අර්ධ මනුෂ්‍ය මගේ භාෂාවෙන් කියනවා නම් අර්ධලෝහිතයන්ගේ වික්‍රමයක් ගැනයි. ඒ වෙලාවේ උනේ අකුණු ඇතිකරන උපරණය ඔලිම්පස් වලින් කෙනෙක් හොරකම් කරලා එය නැවත ඔලිම්පස් වලට භාර දීමක්. ඒ වික්‍රමය කලේ පොසයිඩන්ගේ පුත්‍රයා වන පර්සි ජැක්සන් විසින්. මේ වතාවෙත් පර්සි ජැක්සන් තවත් වැඩකට හවුල් වෙන්නයි යන්නේ. ඉතින් මෙදා පොටේ වෙන්න යන්නේ තවත් දෙයක්.

මේ අර්ධලෝහිත එහෙම නැත්නම් අර්ධ දෙවි අර්ධ මිනිස් කොට්ඨාශයට මනුස්ස ලෝකේ එහෙම ජිවත් වෙන්න අපහසු තත්වයක් තියෙන්නේ. ඔවුන් තමන්ගේම කියල කඳවුරක් පවත්වාගෙන යනවා මේ වගේ අනතුරු වලින් බේරෙන්න. මේක තමා මේ කස්ටිය එකතු වෙලා ඉන්න තැන. එක එක දෙවිවරු මනුස්ස ලෝකෙට ආපු ගමන් ඉතුරු කරලා ගිය දේවල් තමා ඔන්න මෙහෙම කඳවුරු බැඳගෙන අරක්ෂා වෙන්නේ. කලින් එහෙමත් නැතිනම් මෙයාල කුඩා දරුවන් අවදියේදී මේ කඳවුර දෙසට ගමන් කරපු අර්ධලෝහිත දරුවන් හතර දෙනෙක් ඉන්නවා එයාලා තමයි ග්‍රෝවර්, ඇනබෙත්, තාලියා සහ ලූක්. මෙයාල මෙසේ ගමන් කරනකොට මගදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා එක ඇහැක් සහිත යෝධ මිනිසුන්ගෙන්. එහිදී ඒක අර්ධලෝහිත දරුවෙක් මිය යනවා. ඇය නමින් තාලියා එහෙමත් නැති නම් ඔලිම්පස් හි අධිපති සියුස්ගේ මනුස්ස ලෝක සංචාරයේ අතුරු ප්‍රතිපලයක්. ඉතින් සියුස් කොහොම උනත් මගේ දුවනේ කියලා මේ මියගිය තාලියා ගසක් බවට පත් කරනවා. ඒ මෙම කඳවුර වටා ආරක්‍ෂිත බාධකයකද සාදමින්. එය පාලනය වෙන්නේ මේ තාලිය මත හදුනා ගස මගින්. මෙසේ අර්ධලෝහිත දරුවන් වෙසෙන කඳවුරට ප්‍රහාරයක් සිද්ධ වෙනවා ඒක දිනකදී. ඒ තවත් අර්ධලෝහිත දරුවෙකුගෙන්. ඔහු මේ තාලියා මත සියුස් විසින් කඳවුර ආරක්ෂා කරන්න නිර්මාණය කල ගසට විෂ කවනවා. එහිදී මේ ගහ කෙමෙන් කෙමෙන් මිය යන්න ගන්නවා.

මෙසේ මිය යන දේවල් බේරාගන්න එක දෙයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒක තියෙන්නේ හිතා ගන්න බැරි තැනක. පුදුම ආරක්ෂාවක් යටතේ. ඉතින් මේ අරුම පුදුම දේ රැගෙන එන්න මේ කඳවුරෙන් දෙදෙනෙක් තෝරා ගන්නවා.  ඒ වගේම කඳවුරට පහර දුන්න කෙනාත් මේ අරුම පුදුම දේ හොයනවා.ඒ මේ වගේ ගහකට පණ දෙන්න නම් නෙමෙයි. එහෙනම් ඔන්න ඔයාලම විසඳගන්න මේකේ මම නොකියපු හරි. එහෙනම් හැමෝටම සුභ දවසක් වගේම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p  | 800MB |

5536BCA1C6D828EF29F368D0F01FA80C3E9CB7B7

Direct Download

| Bluray | x264 | 480p | 320MB |

       

| Bluray | x264 | 720p | 800MB |

       

| Bluray | x264 | 1080p | 1.64GB | YTS |

       

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!