Shaadi Mein Zaroor Aana (2017) | කසාදෙට කොහොමහරි එන්න ඕනා…

ආයුබෝවන් යාළුවො ඔක්කොටමට. ඔන්න ඉතින් සෑහෙන දවසකට පස්සේ මම චිත්‍රපටයක් අරගෙන ආව ඔයාලට. ඇත්තටම මේක හින්දි චිත්‍රපටයක්. චිත්‍රපටයේ කතාව ගොඩක් හිතට අල්ලපු හින්ද ආසිරි සහ යශෝද සහෝදරයන්ට හිමිවෙලා තිබ්බත් මගේ දැඩි ඉල්ලුම මට කරන්න ලැබුනා. ඉතින් ඔයාල ඔක්කොටම මම ආරාධනා කරනවා මේක බලන්න කියල. මොකද හිතා ගන්නත් බැරි තරමේ ලස්සන ආදර කතාවක් තියෙන්නේ මේකේ,. කොටින්ම ඔය ජනප්‍රියයි කියන කාන් පවුලේ අයගේ කිසිම චිත්‍රපටයක මේකේ තියෙන මට්ටමේ කතාවක් ලඟදි දැක්කේ නැහැ. සරලවම කියනවා නම් අමුතුම ආකාරයේ ආදර කතාවක් තියෙන්නේ මේකේ.

ඒවගේම කියන්න ඕනා මේ චිත්‍රපටයට තවම හරියට ඉංග්‍රීසි උපසිරසියක් වත් නිර්මාණය වෙලා නැහැ. තියෙන්නේ එකම එකයි. එකත් කවුද කෙනෙක් පර්සියන් උපසිරසියක් ගුගල් ට්‍රාන්ස්ලේට් කරපු එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදියට ගත්තොත් මම ඔයාට ආදරෙයි කියල තියෙන තැන්වල ඉංග්‍රීසියෙන් තියෙන්නේ මම උඹ මරනවා වගේ අදහසක්. මොකද ගුගල් නේ. කොහොම හරි පර්සියානු උපසිරසියේ ටයිම් ලයින් වලට සම්පුර්නම අසා ලිවීමක් කරලා තමා මේ සිංහල උපසිරැසිය ඔයාලට අරගෙන එන්නේ. මම ඉතින් ආසිරි හෝ මයුර නොවන හින්දා සින්දු වලට පද ගැලපීම නම් ටිකක් අවුල් ඇති. ඒත් කතාවට නම් උපරිම සාදාරනය කරලා තියෙනවා කියන්න පුළුවන්. ඉතින් IMDb අගය 7.9 තරම් ඉහල අගයක් ගන්නා මේ චිත්‍රපටයේ සිංහල උපසිරැසිය පළමු වතාවට බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ඔයාලට ගේනවා. ඒත් ඉතින් දන්නවා මේක දාල පැයක් වත් යන්න කලින් තව ලංකාවේ සයිට් දෙක තුනක වැටේවි කියල. මොනවා කරන්නද ලෝකෙන් පරපෝෂිතයෝ අයින් කරන්න බැහැ වගේම දෙයක් නේ,  බයිස්කෝප් සිංහලෙන් කොපි කරන කාලකන්නි වඳ කරන එක.

කොහොම හරි ඔන්න සරලවම මේකේ කතාව ආදර කතාවක්. ගහ ගැනිලි මරාගැනිලි වගේ ඒවා නැහැ. යෝජිත විවාහයක් මගින් එකතුවෙන දෙන්නෙක්ගේ කතාවක් තියෙන්නේ. ඒ දෙන්නා අතරේ ඇතිවෙන ආදරය, ඒ ආදරේට ඇතිවෙන ප්‍රායෝගික ප්‍රශ්න, වෙන්වීම්, පලිගැනීම්, රැවටීම්, බේරා ගැනීම් වගේ සාමාන්‍ය ආදරයක දක්නට තියෙන සියලුම දේ මේකෙත් දකින්න තියෙනවා. එත් සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව. ඒත් එක්කම ඉන්දියාවේ මුල් බැසගෙන තියෙන කාන්තාවට පුරුෂයාට වඩා අඩු සැලකිලි දැක්වීම සහ දැවැද්ද ගැනත් ගොඩක් කතාවෙනවා. වැඩි විස්තර කියන්න යන්නේ නැත්තේ විස්තර කීමෙන් චිත්‍රපටයේ රස වින්දනයට බාදාවක් වෙන හින්ද. අඩුගානේ මේ චිත්‍රපටයටවත් කතාව විස්තර නොකර ඉන්නවා. මොකද කතාව එච්චරම හොඳයි. නැත්නම් පුද්ගලිකවම මම උනත් ටීවී එකේ ගිය කොටසක් බලල ඇති වෙච්ච කැමැත්ත සිංහල උපසිරැසිය නිර්මාණය කරලා කොනක් දකින්නේ නැහැනේ.

ඉතින් එහෙනම් තවත් චිත්‍රපටයක් එක්ක මුණගැසෙන පොරොන්දුවත් එක්ක සමු ගන්නවා.

බුදු සරණයි…!

පසු සටහන
මේ චිත්‍රපටයේ BR එකක් නම් එනකම් ඉන්න එපා,. එන එකක් නැහැ. අන්තර්ජාලයේ තියෙන BR උනත් වෙබ් කොපි තමා. නම වෙනස් කරලා තියෙන්නේ. ඒ වගේම වෙබ් කොපි උනත් එක එක වර්ගවල තියේ. සමහර ඒවගේ ටයිම් ලයින් වෙනස්. ඉතින් මම මේ දීල තියෙන කොපියම ගන්න. බයිස්කෝප් ඩවුන්ලෝඩ් එකේ නිවැරදි පිටපත පලවෙන හින්ද එකෙන් ගන්න. එතකොට අවුලක් නැහැ. නැත්නම් පොඩි වෙනස් කම් ටිකක් වේවි ටයිම්ලයින් වල.


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| WEB-Dl | x264 | 720p | 1.1GB |

741F73440A8154D56126E81832E58893E561216A

   Direct Download 

| WEB-DL | x264 | 720p | 1.1GB |

        

| WEB-DL | x264 | 720p | 1.3GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Shaadi Mein Zaroor Aana (2017) | කසාදෙට කොහොමහරි එන්න ඕනා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!