John wick | ජෝන් වික් Movie Collection

1.John wick (2014) | ජෝන් වික්

2014 තිරගත වුනු සුපිරි ඇමරිකන් සලරුවක් තමයි මේ පාර මම අරන් ආවෙ. කාලයක් තිස්සෙ බලන් හිටියා හොඳ කොපියක් එනකල්.  මේක නම් එක හුස්මටම දිගටම බලන් ඉන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්.
ඉතින් හිත හිතා ඉන්නෙ නැතිව මේ දැන්ම බාගත කරගෙන බලලා කොහොමද කියලා කමෙන්ට් එකකුත් දාන්නකො.
මේකෙ කතාව කෙටියෙන් කියනවනම්, කලින් කුලී මිනීමරුවෙක් විදියට වැඩ කරලා ඒ ජීවිතෙන් මිදිලා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක් තමයි මේ ජෝන් වික්. කසාදයක් එහෙම බැඳගෙන පාඩුවෙ ඉද්දි, හදිසියෙම ඔහුගෙ බිරිඳ මිය යනවා. ඒත් ඇය මියගියාට පසුව ඔහුට ලැබෙනව ඇයගෙන් අගනා තෑග්ගක්. ඒ පුංචි බලු පැටියෙක්. කොහොමහරි රස්තියාදු කොල්ලො ටිකක් මෙයාගෙ මේ පුංචි බලු පැටියව මරලා, එයාගෙ කාර් එක හොරකම් කරනවා. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියලා ඔයාලම මේක බලලා දැනගන්න.

සුපිරි චිත්‍රපටියක්. අනිවාර්යෙන් බලන්න. බාගත කරගෙන යන ගමන් කමෙන්ටුවකුත් දාලා යන්න, දිරිගැන්වීමක් විදියට.  ?

2.John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා.

ඉතින් සියලුම දෙනාට හොඳක්ම වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා! මේ වතාවෙ අරගෙන ආවෙ ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය මූවි එකක්, මේ ෆිල්ම් එක හසන්ත අයිය තමයි මට බාර දුන්නෙ, ඒ වගේම මේ ෆිල්ම් එකේ යම් යම් ගැටලුකාරී තැන් විසඳගන්නත් හසන්ත අයිය මට ගොඩක් උදව් කළා, ඒක නිසා බොහෝම ස්තූතියි කියල මේ වෙලාවෙ හසන්ත අයියව ආදරෙන් මතක් කරනව, ජෝන් වික්: මේ ෆිල්ම් එකේ පළමු ෆිල්ම් එක නිදහස් වුනේ 2014දි කියල ඔයාලට මතක ඇති, මේ ඒකෙ දෙවනි ෆිල්ම් එක, නිදහස් වෙන්නෙ මේ අවුරුද්දෙ පෙබරවාරි මාසෙ 9 වෙනිද රුසියාවෙදි, IMDB 8.2 ඉහළ අගයක් ලැබිල තියෙනව, මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Chad Stahelski. ප්‍රධාන චරිතය Keanu Reeves.

ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කෙරුවොත්, යම් සලකුණක් තියෙනව, ඒ සලකුණට යටත්ව තමයි සියලුම දෙනා ජීවත් වෙන්නෙ, කාටවත් ඒ සලකුණට විරුද්ධ වෙන්න බෑ, දුෂ්ට චරිතය විදිහට රඟ දක්වන්නෙ සැන්ටිනෝ කියල කෙනෙක්, ඒ වගේම ජෝන් දරුනු චරිතයක් කියන්න ඔයාල දන්නවනෙ, ඉතින් මේ සැන්ටිනෝ ජෝන් ට කියනව ජියානා කියන කාන්තාව ඝාතනය කරන්න කියල, ඒකට ජෝන් මුලින් කැමති වෙන්නෙ නෑ, නමුත් ජෝන් කලින් ඉඳලම සලකුණට බැදිල ඉන්න කෙනෙක්, එයා සැන්ටිනෝගෙ යෝජනාව ප්‍රතික්ෂේප කෙරුවට, එතන පවතින නීතියට විරුද්ධයි, ඊට පස්සෙ සැන්ටිනෝ ජෝන්ගෙ ගෙට බෝම්බ ගහල විනාශ කරනව, තවත් පැත්තකින් වින්ස්ටන් කියල කෙනෙක් ඉන්නව, ඔහු ජෝන් ට කියනව සලකුණට කාටවත් විරුද්ධ වෙන්න බෑ කියල, ඒක නිසා සැන්ටිනෝගෙ යෝජනාවට ජෝන් අකමැත්තෙන් හරි කැමති වෙනව, ජෝන් ඒ වැඩේ කරන්නෙ කැමැත්තෙන් නෙමෙයි, නමුත් ජෝන් ඒ වැඩේ කෙරුවට පස්සෙ කෙලින්ම ආපහු එන්නෙ සැන්ටිනෝව හම්බ වෙන්න, මොකද ජෝන් ට ඕනෙ සැන්ටිනෝගෙන් පළිගන්න, එයාගෙ ගෙට බෝම්බ ගහපු නිසා, ඉතින් ජෝන් ට ලොකු සටනක් දෙන්න වෙනව සැන්ටිනෝගෙ සාමාජිකයන්ට විරුද්ධව, සිද්ධිය කොහොමද වෙන්නෙ කියල අපි බලමු, වැඩිය විස්තර කරන්නෙ නෑ අලුත් ෆිල්ම් එකක් නිසා, එහෙමනම් සියලුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!

 

හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1.John wick (2014) | ජෝන් වික්

Torrent Download

| Bluray | x264 | 720p | 740MB | YIFY |

75329C300B952E843E071CD2603BB5960C171ACF

Direct Download

| Bluray  | x264 | 720p | 740MB | YIFY |

2.John Wick Chapter 2 (2017) with Sinhala subtitles | ජෝන් මහත්තයා.

Torrent Download

| Bluray | x264 | 720p | 900MB | YIFY |

B8C9A7DBA20AC83B7EB81CA10D4657E3E4BD4F76

Direct Download

| Bluray  | x264 | 720p | 900MB | YIFY |

 

අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “John wick | ජෝන් වික් Movie Collection

  • January 11, 2019 at 00:18
    Permalink

    Thanksz baiscope for your service

    Reply
  • January 23, 2019 at 23:04
    Permalink

    Tnx bro. Meka dunna eka loku deyak

    Reply
  • July 10, 2019 at 15:13
    Permalink

    john wick 3 ekath onee…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!