The Lone Ranger (2013) | රිදී කොල්ලය…

ඔන්න මේ වසරේ ආව Western චිත්‍රපටය අරගෙන එන්නයි සුදානම. මිට කලින් කල උපසිරැස සියල්ලටම වඩා ටිකක් වෙනස් මේක නම්. මේ වසරේ ජුලි 03 වනදා තමයි ප්‍රදර්ශනය ආරම්භ වුනේ. මේක හදන්න දරලා තියෙන්නේ එසේ මෙසේ වියදමක් නෙමෙයි, මෙතෙක් Western ගැන සිනමා පටයක් වෙනුවෙන් වැය කල ඉහලම වියදම වන ඇමරිකානු ඩොලර් මිලියන 225 කට ආසන්න මුදලක්. ලේසි නැහැ නේ ඉතින්.

මේ හුදකලා රේන්ජර්වරයා හා ටොන්ටෝ කියන ඉන්දියානුවා කල්ලි ගැහිලා තියෙන්නේ අදක ඊයෙක නම් නෙමෙයි. කොටින්ම කියනවා නම් මේ දෙන්න මිනිස්සු ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය තුලින් මුලින් දැකලා දැනට අවුරුදු 32 කට ආසන්න කලක් වෙනවා.මේ චිත්‍රපටයට පාදක කරගෙන තියෙන්නේ ඒ පැරණි ටෙලි කතා මාලාවේ චරිතයන්.අධ්‍යක්ෂණය නම් දන්නා හදුනන කෙනෙක් Gore Verbinski එයාව දන්නේ නැති අය අනිවාර්යෙන්ම Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003), Pirates of the Caribbean: Dead Man’s Chest (2006), Pirates of the Caribbean: At World’s End (2007) වගේ නිර්මාණ මතක ඇති නේ. ඒ ඔක්කොම කල අධ්‍යක්ෂකතුමා තමයි ඉතින් මේකත් කලේ. පිටපත නම් ලොකු පිරිසක් විවිධ අධියර වල කල එකක්. හොලිවුඩයේ මම හිතන විදිහට තමන්ගේ සැබෑ ස්වරුපයට බොහොම වෙනස් වැඩිම රචිත ගනනක් කල සුපිරි නළු Johnny Depp ගේ වෙනස්ම මුහුණු වලින් 30 වැන්න මේක කියලා තමයි ආරංචි. මේකෙත් කපිතාන් ජැක් ස්පැරෝස් වගේ නැති වෙන්න පිස්සු නටනවා ටොන්ටෝ විදිහට. ඔහුට අමතරව Armie Hammer,William Fichtner,Tom Wilkinson, Barry Pepper වගේ පිරිසක් රගන මේ සලරුව 6.7 ක IMDB මනාපයක් දිනාගෙන තියනවා.

කතාව වෙන්නේ මෙහෙමයි, කොල්බේ කියන්නේ දියුණු වෙන්න දගලන කාන්තාරය මැද තියන ගමක්. මේ ප්‍රදේශය හරහා යන අන්තර් මහත්ද්විපික දුම්රිය මාර්ගයේ එක ප්‍රධාන නැවතුමක් වන මෙහි ඒ සදහා උර දෙන කෙනා තමයි ලේතම් කෝල් කියන්නේ. ඔහු මේ පළාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද්ධ අපරාධකරුවෙක් වන බුච් කැවෙන්ඩිෂ් ගෙන්වනවා ඔක්ලහෝමා සිට. ඒ මරණ දඩුවම කොල්බේ වලදී දෙන්න. මේ දුම්රියේ බුච් එක්ක එන අනික් හිරකරුවා තමයි ටොන්ටෝ. මේ දුම්රියේම එනවා පලාතට අලුතෙන් පත්වූ නීතිවේදියා. ජෝන් රීඩ්. දුමරිය කොල්ලකෑමට ලක් වෙනවා. බුච් පැන ගන්නවා. දැන් තමා කතාව පටන් ගන්නේ…. මේ දෙන්න කොහොමද එකතු වෙන්නේ? බුච් මොන වගේ අපරාධ කාරයෙක් ද? කොහොමද ඔහු ඇල්ලීමේ මෙහෙයුම පටන් ගන්නේ? එය සාර්ථක වේවි ද? අවසානයේ මේ රිදී කොල්ලයක කතාව මොකද්ද මේ හැමදේම ඔයාලම බලාගන්න.

ක්‍රියාදාම, වික්‍රමයන් හා විහිළු තහළු වලින් පිරුන මේ සලරුව ඔන්න ඔයාලට බාරයි. තවත් උපසිරැසක් එක්ක හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 980MB |

46FD76D8A49FF787A0E0D58A4C9768770F48A414

Direct Download

| Bluray | x264 | 480p | 560MB |

       

| Bluray | x264 | 720p | 980MB | YIFY |

        

| Bluray | x264 | 1080p | 2.1GB | YTS |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!