A Quiet Place (2018) | නිහඬ ලොවක රුදුරු රකුසන්…(Bluray Updated)

මම උස්මහත් වුන ලෝකය මිට වඩා බොහොම වෙනස්, කොටින්ම පොඩි උන් හැටියට අපිට නිශ්ශබ්ද වෙන්න කිව්වේ පන්තියේ ගුරුවරුන් පමණයි…. එහෙම ජිවිතයක් ගෙව්ව අපිට ඇත්තටම අද නම් ඒක හිතාගන්නත් බැරි දුර අතීතයක්…. ඇත්තටම අපේ ඒ සුන්දර ලෝකය අද නටබුන් ගොඩක්… මොකද ශබ්දය කියන දෙයත් එකක් මනුස්සයා කියන සතා බොහොම බැදිල ඉන්න විත්තිය, මනුස්සයෙක් වන ඔබට මම පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නෙව. උප්පතියේ ඉදලම මර හඬ දෙමින් මේ ලෝකය වෙත එන අපි අවසාන ගමන් යන්නේ තවත් පිරිසක් අපි වෙනුවෙන් මර හඬ දෙන තැනට වැඩ සිද්ධ කරලා, ඔව් මම පිලිගන්නවා, එහෙම වෙන්නත් වාසනාවක් තියෙන්න ඕන… නමුත් අද මේ ලෝකය ඔය දෙකම කරන්න හැකි තැනක් නෙමෙයි…

සමාවෙන්න, මම කවුද කිව්වෙත් නැහැ… සෑහෙන කලකින් කට ඇරල මනුස්සයෙක් එකක් කතා කරල නැහැ. ඉතින් මගේ හැදියාව කොහෙන් ගිහින්ද මම දන්නෙත් නැහැ. මගේ නම ලී ඇබොට්… අපි ගෙවන්නෙ බොහොම කටුක ජිවිතයක්, අඩුම තරමේ අපි වාසනාවන්තයි මෙහෙම හරි ජිවිතයක් ගෙවන්න, මගේ දරු පැටියා ඒ තරම් වාසනාවන්ත වුනේ නැහැ. නමුත් මම හිතන්නේ ඒ මගේ වරද, මගේ අවාසනාව, මට තව ටිකක් ඉක්මන් වෙන්න හැකි වුනා නම්… නමුත් ඒ තමයි මේ ලෝකය… දැනට අවුරුද්දකට ටිකක් කලින් කාලෙක තමයි මේ විනාශය අපේ ලෝකයට සිද්ධ වුනේ. අපි තවමත් උන් කවුදැයි දන්නේ නැහැ, කොහෙන් ආවාදැයි දන්නේ නැහැ… අපි දන්නේ එකම දෙයක්, පොඩි හරි හඬක් නැගුවොත් ඒ තමයි අපේ මරණය… උන් පිටසක්වල ජීවීන් පිරිසක්… උන්ගේ ආහාර වෙන්නේ අපි, ඇත්තටම නම් ආහාරද, අපි උන්ගේ දඩ කෙලියේ කෙලි බඩුද කියලත් මට නම් විශ්වාස නැහැ… අපේ දන්නා හඳුනන ලෝකය මේ නිසාවෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා, කතා බහක් නොමැති ලෝකයක් ගැන ඔබට හිතාගන්නත් බැහැ නේද ? කතාව විතක් නෙමෙයි අපිට නැති වුනේ, කොටින්ම කිසිදු හරි යන්ත්‍රයක් භාවිතයට ගන්න බැහැ මොකද ඒකත් ශබ්දයක්…. ඉතින් හිතාගන්න හැකියාවක් ඇති නෙව මේ වෙනකොට තත්වය, නමුත් ඉතින් බොහොම දෙනෙක් මේ තරම් කාලයක් අපිත් එකක් ඉන්න තරම් වාසනාවන්ත වුනේ නැහැ මුල් දවස් කිහිපයේම ශබ්දය නිසාවෙන් ඔවුන් මෙලොව හැර ගියා…

මම තනිවම නෙමෙයි මේ ලෝකයේ ජීවත් වන්නේ, මගේ බිරිද, පුතණුවන් සහ මගේ බිහිරි දියණිය… කිසිම පියෙක් තමුන්ගේ දුවනියට එවැනි දෙයක් නම් පතන්නේ නැහැ නමුත් ඇය නිසාවෙන් අපේ ජිවිත එක්තරා විදිහකට තරමක් හරි බේරුණා කිව්වොත් මම නිවැරදි, ඒ ඇය නිසාවෙන් අපි පැරණි ලෝකයෙන් මිදෙන්නට පෙර ම සංඥා භාෂාව ඉගෙනගෙන තිබූ නිසාවෙන්… නමුත් ඉතින් පාළු ප්‍රදේශයක ගොවිපලක දිවිගෙවන අපිට කරදර එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ, ඒ මගේ බිරිද නැවතත් ගැබ්ගැනීමත් එක්කයි…. නිහඬතාවය රජයන ලෝකයක කුඩා බිලිඳෙක් කොහොම නම් ජිවත් වෙන්න ද? මම කොහොම මගේ පවුල ආරක්ෂා කරගන්න ද ? ඔබට අපේ කතාව ටික වෙලාවක් බලන්න අවසරයි නමුත් මම පතනවා ඔබට නම් මෙවැනි අත්දැකීමක් මෙවැනි ලෝකයක් කිසිදාක උරුම නොවේවා…

— ලී ඇබොට්

ඉතින් මේ තමයි ඇබොට් පවුලේ කතාන්දරය. විනාශ වුන ලෝකයක දිවි ගලවාගත් පවුලක් වටා ගෙතෙන මේ අපූරු නිර්මාණය John Krasinski අතින් තමයි නිර්මාණය වන්නේ. ඇත්තෙන්ම තමුන්ගේ දියණියගේ උප්පතියත් එකක් හැගුම්බර කාලයක ඔහු අතට ලැබෙන මේ පිටපත ඔහු බොහොම ආදරයෙන් වැළද ගන්නේ මේ තුලින් ඔහුගේ දරුවන්ට ත්‍යාගයක් ලෙස ප්‍රධානය කිරීමේ අරමුණෙන්. දැන් ඔබ බලයි Drama, Horror, Sci-Fi, Thriller වගේ කාණ්ඩ නියෝජනය කරනා සලරුවක් තමුන්ගේ කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරනා පියා මොන වගේ පුද්ගලයෙක්ද කියල… නමුත් ඔහුට අනුව නම් කතාව භයානක වුවත් මෙහි ඇතුලත ගැබ්ව ඇති හරය නම් තමුන්ගේ පවුල වෙනුවෙන් ඔහු ඕනෑම දෙයක් කිරීමට සුදානම් බවයි… ඉතින් ඔහුට මුලින්ම මෙහි ප්‍රධන චිරිත නිරුපනය වෙනුවෙන් වෙනත් නිළියක් තෝරාගෙන තිබුනත් ඔහුගේ සැබෑ ජිවිතයේ බිරිදගේ දැඩි පෙරැත්ත කිරීම නිසාවෙන් ඇයව මේ සඳහා යොදාගන්නට සිද්ධ වෙනවා. ඇය නමින් සුපිරි නිළි Emily Blunt, ඔබ නම් ඇය දැක ඇති මිට පෙර සුප්‍රසිද්ධ Sicario, Edge of Tomorrow, My Summer of Love, The Devil Wears Prada වැනි නිර්මාණ තුලින්. ඉතින් ලී ඇබොට් ලෙස අධ්‍යක්ෂවරයා තමුන්වම යොදාගන්නට තීරණය කරන හේතුව ඉතින් කලින් විස්තරයෙන් මොනවට පැහැදිලි වෙන්න ඇති නෙව, ඔහුත් සිනමාවට අමුත්තෙක් නෙමෙයි ඔහු තමයි මින් පෙර 13 Hours වැනි ක්‍රියාදාම චිත්‍රපටි තුලත්, සුප්‍රසිද්ධ The Office (US) කතා මාලාවේ ජිම් හැල්පර්ට් ලෙසත් චිරිත නිරුපනය කලේ, මේ තමයි අනාගත ජැක් රයන්. මේ දෙපලට අමතරව Millicent Simmonds, Noah Jupe තමයි අනෙකුත් චරිත නිරුපනයෙන් එක්කාසු වන්නේ.

පැය 1 කුත් මිනිත්තු 30 පුරා දිවයන මේ අපුරු නිර්මාණය ලබාගෙන ඇති IMDB අගය 8.0. Horror ලෙස නම් ලද චිත්‍රපටයක් එවැනි අගයක් ලබාගැනීම සාමාන්‍ය දෙයක් නොවන බව බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ නෙව. ඒ වගේම රෝටන් ටෝමාටෝ මිටරයේත් 95% ක් වගේ විශිෂ්ඨ අගයක් ලබාගන්නට මේ අපූරු සලරුව සමත්කම් පාල තියනවා. ඒ වගේම ඩොලර් මිලියන 17 ක වියදමෙන් නිම වූ මෙය ලොව පුරා මිලියන 296 කට අධික මුදලක් උපයාගන්නටත් සමත්ව තියනවා. ඒ විතරක් නෙමෙයි නිකුත් වුන මුල් සතිය තුල දකුණු ඇමරිකානු වෙළෙදපොල රජකළ මේ නිර්මාණය නැවතත් තුන්වැනි සතියේ ක්‍රියදම චිත්‍රපටයක් වුන Rampage පරදා නැවතත් මුල් තැනට එන්නට තරම් ප්‍රේක්ෂක ආදරය නිදාගැනීමට සමත් කම් පෑවා. තවත් එක විශේෂ දෙයක් කියන්න ඕන මෙහි වැඩි දෙබස් ගණනක් නැහැ, ඒ කුතුහලය සන්ත්‍රාසය ගොඩ නගන්නට ඔවුන් යොදාගෙන තියෙන්නේ විශිෂ්ඨ සංගීතය ඒ වගේමයි වර්ණ සංකලනය සහ ආලෝකකරණය… ඔබ දකීවි මේ සලරුව බලනකොට මම මේ කියන කතාව…

එහෙනම් ඉතින් අදහසක් දක්වා යන්න, තවත් අගනා සලරුවක් එක්ක ආයෙත් හමුවෙමු, එතෙක් ඔබට ජය වේවා !


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

| Bluray | x264 | 720p | 730MB |

CC5468A8876CE511DC92677BA64B2FF86F9FBEA5

Direct Download

| Bluray | x264 | 480p | 350MB |

        

| Bluray | x264 | 720p | 730MB |

        

| Bluray | x264 | 1080p | 1.3GB |

        

| Bluray | x265 | 720p | 712MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

4 thoughts on “A Quiet Place (2018) | නිහඬ ලොවක රුදුරු රකුසන්…(Bluray Updated)

  • June 28, 2018 at 11:02 pm
    Permalink

    wrong IP kiyala watenne ai machoo

    Reply
  • June 29, 2018 at 12:20 pm
    Permalink

    Download karanna bane bn

    Reply
  • June 30, 2018 at 4:52 pm
    Permalink

    මේ දීලා තියෙන hash එක හරිද ?

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *