Midnight FM (2010) AKA Simya-ui FM | මැදියම් රැයේ ත්‍රාසය

ආයුබෝවන්! සබ් එකක් කරන්න හොඳ ෆිල්ම් එකක් තෝරගන්න කියල මං මගෙ කොරියන් ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවම තමයි තේරුණේ මං තවමත් මේ ”MidNight FM” චිත්‍රපටියට සබ් එක කරල නෑ නේද කියලා.මට මතකයි ඒ දවස් වල මං සබ් කරන්න පටන් ගත්තු කාලෙ කවුරුහරි කෙනෙක් කිව්ව මේ චිත්‍රපටියට සබ් එක කරල දෙන්න කියලා.මමත් ආසාවෙන් බලන වර්ගයක් තමයි ත්‍රිලර් චිත්‍රපටි.ඉතින් මේ චිත්‍රපටියත් ත්‍රිලර් නිසා, කුතුහලෙන් බලාගෙන ඉන්න පුළුවන් නිසාත් ඔන්න අද සබ් එක කරල ඔයාලටත් බලන්න අරගෙන ආවා.ඉතින් කතාවෙ නමින්ම තේරෙනව වගේ මේක රේඩියෝ එකක DJ කෙනෙක්ගෙ එහෙමත් නැතිනම් නිවේදිකාවක් වටා ගෙතෙන කතාවක් තමයි චිත්‍රපටියට පාදක වෙන්නෙ.මේ චිත්‍රපටියට Imdb 6.6 ක අගයක් ලැබිල තියෙනව වගේම හොඳම නිළිය ඇතුළු තවත් සම්මාන ගණනක් ලැබිලත් තියෙනවා.ඉතින් මේකෙ සාරාංශය ගැන කියනවනම් මෙහෙමයි..

කො සුන් යොන්ග් [Soo Ae] කියන්නෙ ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම රේඩියෝ එකේ වැඩසටහනක් කරන නිවේදිකාවක්.මෙයාගෙ වැඩසටහනෙන් කරන්නෙ තෝරගත්තු චිත්‍රපටි වල සිංදු ප්ලේ කරන එක. ඒත් මෙයාගෙ දුවට කතා කරන්න බෑ ගොළුයි වගේම හදවතේ සැත්කමක් කරන්න තියෙනවා.ඒක කරන්න නම් ඇමරිකාවෙ යන්නම වෙනවා.ඒ නිසා මෙයා රස්සාවෙන් අස් වෙන්න තමයි ලෑස්තිය. ඉතින් මෙයාගෙ අන්තිම වැඩසටහන දවසෙ රෑ මෙයාගෙ දුවව බලාගන්නෙ එයාගෙ නංගි වෙන ආ-යොන්ග්[Shin Da‑eun].ඉතින් කො සුන් යොන්ග් වැඩසටහන කරන අතර තුරදි එයාට ඇමතුමක් එනවා හන් දොන්ග් සූ [Yoo Ji‑tae]කියන කෙනාගෙන්.මෙයා අර චිත්‍රපටියක චරිතෙකට වහ වැටිල ඒ චරිතෙ වගේ වැඩ කරන කෙනෙක්.ඒ තමයි ගණිකා තැරව්කාරයින්ව සහ මත්ද්‍රව්‍ය වෙළෙන්දන් මරණ එක.මේ හන් දොන්ග් සූ ඒක කරන්න පෙලබිලා තියෙන්නෙ කො සුන් යොන්ග්ගෙ වැඩසටහන නිසා.ඉතින් මෙයා අස් වෙන්න යනවයි කියන එක දැනගත්තම මෙයාට තරහ ගිහින් එයාගෙ දුවවයි නංගිවයි ප්‍රාණ ඇපේට තියාගන්නවා.ඒ තියාගෙන එයා කියන විදියට ඒ වැඩසටහන කරන්න කියනවා.එයා එවපු සිංදු ලැයිස්තුවක් ඒ විදියටම ප්ලේ කරන්න කියල කො සුන් යොන්ග්ට කිව්වත් එයාගෙ ළඟ ඒ ලැයිස්තුව නෑ.අනික මෙයා පොලීසියට කියනවා එයාගෙ ගෙදරට ගිහින් බලන්න කියලා.ඉතින් පොලිසියෙ අයවත් මරල දාන මේ හන් දොන්ග් සූ, කියන ඇහුවෙ නැති නිසා කො සුන් යොන්ගෙ නංගිගෙ ඇඟිල්ලක් කපල පෙන්නනවා.

ඊට පස්සෙ මේක විහිළුවක් නෙවෙයි කියන එක තේරුම් ගන්න කො සුන් යොන්ග් එයාගෙ සගයොත් එක්ක මේ මනුස්සය කියන විදියට වැඩ කරන්න පටන් ගන්නව වගේම.. තමන්ගෙ දුවව බේරගන්නත් සැලසුම් කරනවා.ඉතින් මෙයාගෙ වැඩසටහන තියෙන්නෙ පැය දෙකක් විතරයි.ඉතින් මේ කාලෙ ඇතුලත කොහොමද සජීවී වැඩසටහනක් කරන ගමන් දුව ලඟට යන්නෙ?ඒක දැනගන්න නම් චිත්‍රපටිය බලන්න වෙනවා.අනික ඇයි මේ හන් දොන්ග් සූ මේ වගේ දේවල් කරන්නෙ කියන එකත් චිත්‍රපටිය බලද්දී තේරෙයි.එහෙනම් අදට ගිහින් එන්නම්.

තව දෙයක් කියන්න ඕනෙ.. මං දෙන උපසිරැසි වලට කැමති අයට වගේම ඒවාට ප්‍රතිචාර දෙන කමෙන්ට් කරන අයටත් මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.ඒ ප්‍රතිචාර නිසා තමයි මම තව තවත් උපසිරැසි කරන්න පෙලබෙන්නෙ. බුදුසරණයි!

 

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 900MB |

9B2AE0EA4AEC2E2F6ADE80FD7F8AFEE7F20FEBBF

Direct Download 

| Bluray | x264 | 480p | 439MB |

        

| Bluray | x264 | 720p | 890MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Midnight FM (2010) AKA Simya-ui FM | මැදියම් රැයේ ත්‍රාසය

  • June 29, 2018 at 5:03 pm
    Permalink

    Download karanna bane bn

    Reply
  • July 28, 2018 at 12:15 pm
    Permalink

    මෙ එකක් වත් download කරන්න බෑ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!