Sathura Adi 3500 (2017) | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස..

මේ වතාවෙ අරගෙන ආවෙ 2017 වසරේ නිකුත් වෙච්ච horror, drama ගණයට ඇතුලත් වෙන දමිළ චිත්‍රපටියක්. ඉන්දියාවෙ චෙන්නායි නගරයේ සිදුවුන සත්‍ය සිදුවීම් කීපයක් පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරල තියෙන්නෙ. පැයයි විනාඩි 45ක් වගේ කාලයක් චිත්‍රපටිය ධාවනය වෙනවා. තිර රචනය හා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Jaison කියන අධ්‍යක්ෂකවරයා. සංගීත අධ්‍යක්ෂණය Ganesh Raghavendra කියන සංගීත අධ්‍යක්ෂකවරයාගෙන් . ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය දක්වන්නෙ Nikhil Mohan, Iniya, Rahman, Swathi Deekshith කියන නළු නිලියො ටික. Dhuruvangal Pathinaaru, Pagadi Aattam, Oru Mugathirai වගේ ඉතා සාර්ථක චිත්‍රපටි වලට ප්‍රධාන රංගනයෙන් දායක වුන Rahman මේ චිත්‍රපටියේ පොඩි චරිතයකට සම්බන්ධ වෙලා තියෙනවා.

කතාව ගැන පොඩ්ඩක් කියනවනං මෙහෙමයි, හොඳ ගොඩනැගිලි ඉදිකරන්නෙක් විදිහට කීර්තිමත් නමක් ඇති කරගන්න එක ජීවිතේ එකම සිහිනය කරගත්ත ස්ටීවන් නම් වූ සිවිල් ඉංජිනේරුවෙක්, තමන්ම ඉදිකරමින් හිටපු තට්ටු 11ක ගොඩනැගිල්ලක එල්ලිලා මැරිල ඉන්නවා. මේ මරණය දිවිනසාගැනීමක්ද, මිනීමැරුමක්ද කියල පරික්ෂා කරල විසඳන්න භාරවෙන්නෙ උප පොලිස් පරික්ෂක කරුණට. මේ පරික්ෂණය කරගෙන යන අතරතුරේ මැරුණු සිවිල් ඉංජිනේරුවරයාගේ අවතාරය ඒ අවට සැරිසරනවා කියල කට කතාවකුත් කරුණට අහන්න ලැබෙනවා. සමහර අවස්ථා වලදි මේ අවතාරෙ කරුණගෙ ඉස්සරහදිත් පේන්න ගන්නවා. කොහොම හරි ස්ටීවන්ගෙ පෙම්වතියට කසාදයක් කරගන්නත් මේ අවතාරෙ ඉඩ දෙන්නෙ නෑ. කසාද යෝජනා අරගෙන එන අයගෙ ගෙවල් වලට ස්ටිවන්ගෙ අවතාරෙ ගිහිල්ලා මනමාලයව බයකරලා කසාදෙ නවත්තන්න වැඩ කරනවා..ස්ටිවන් ගොඩක් උනන්දුවෙන් කීර්තිමත් ගොඩනැගිලි ඉදිකරන්නෙක් වෙන්න උත්සහ දරපු කෙනෙක් කියල දැනගන්න කරුණට ස්ටීවන්ගෙ මරණය මිනිමැරුමක් කියන දේ පිළිබඳ සැකයක් නැතිවෙනවා. ඉතින්, කරුණා මේ අභිරහස් මිනිමැරුම විසඳන්නෙ කොහොමද කියන දේ තමයි චිත්‍රපටියේ ප්‍රධාන සිදුවීම වෙන්නේ…කොහොම වුනත් මේ අභිරහස් මිනිමැරුම කරුණට විසඳන්න පුළුවන් වෙයිද? ඇත්තටම ස්ටීවන්ගෙ අවතාරෙ සැරිසරනවා කියල පැතිරෙන කටකතා වල තේරුම මොකද්ද? කියන දේ වලට පිළිතුරු චිත්‍රපටියේ අන්තර්ගත වෙන හින්දා ඒක බලලම දැනගන්න කියල ඉල්ලීමක් කරනවා….ජයවේවා


Click Here කල පසු හෑෂ් (hash) එක google හි සෙවුමක ලැබෙනු ඇත. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrent Download

| HDRIP  | x264 | ESub | 700MB |

Direct Download 

| HDRIP | x264 | ESub | 400MB |

        

| HDRIP | x264 | ESub | 700MB |

        

| HDRIP | x264 | 720p | 1GB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

3 thoughts on “Sathura Adi 3500 (2017) | සිවිල් ඉංජිනේරුවාගේ මරණයේ අභිරහස..

  • August 30, 2018 at 4:46 am
    Permalink

    cant copy the hashtag so how can we download the film??????????????????

    Reply
    • August 30, 2018 at 12:25 pm
      Permalink

      hash ekn download krnna one nane meke direct denwa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!