12th Man (2017) AKA Den 12. mann | කුරිරු යුධ බිමක තනි වූ දොළොස්වැනි සෙබළාගේ කඳුළු කතාව…!!

1939 සැප්තැම්බර් 1, එදා මෙදා තුර මිනිස් ඉතිහාසය කදුළින් තෙත් කළ කුරිරු හා ඛේදජනක කාල වකවානුවක ආරම්භය… ඒ තමයි දෙවැනි ලෝක යුද්ධය. ජෝශෆ් ස්ටාර්ලින්, ෆ්රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්, වින්ස්ටන් චර්චිල් හා චියෑන්ග්-කායි-ශෙක් විසින් යුද්ධයට එක්වූ මිත්‍ර පාර්ශවයට අයත් රටවල් වලට නායකත්වය ලබාදුන් අතර අක්‍ෂ පක්‍ෂයට අයත් රටවල් වලට නායකත්වය ලබා දුන්නේ ඇඩොල්ෆ් හිට්ලර්, හිරෝහිතෝ හා බොනීටෝ මුසෝලිනී යන ආඥාදායකයින් විසිනි. යුරෝපය, පැසිෆික් කලාපය, අත්ලන්තික් කලාපය, නිරිතදිග ආසියාව, චීනය, මැද පෙරදිග, මධ්‍යධරණි කලාපය හා උතුරු අප්‍රිකාව යන කලාප වල පුරා අවුරුදු හයක් පුරාවට පැවති මේ කුරිරු යුද්ධය අවසන් වුණේ 1945 සැප්තැම්බර් 2 දින ජපානයේ යටත් වීමත් සමඟයි. යුද්ධය නිමා වුණත් එයින් සිදුවූ හානිය හා දුක්බර මතකය නම් කිසිදා අමතක කළ නොහැකි එකක් බවට පත්වුණා. යුද්ධය පැවති කාලය තුළදී දිනකට මිනිස් ජීවිත 27000ක් පමණ යුද්ධය නිසා අහිමි වූ අතර සමස්ථයක් ලෙස යුද්ධය අවසන් වන විට සෙබළුන්ගේ හා සාමාන්‍ය ජනතාවගේ ජීවිත මිලියන 60කට වැඩි ප්‍රමාණයක් අහිමි වුණා. දෙවැනි ලෝක යුද්ධය අවසානයත් සමඟ ජර්මානු තෙවැනි රාජ්‍යයේ බිඳවැටීම සිදු වූ අතර රුසියාව හා ඇමෙරිකාව ලෝක බලවතුන් ලෙස නැඟිසිටීම සිදුවුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භය සිදුවූයේද දෙවැනි ලෝක යුද්ධය අවසන් වීමත් සමඟයි.

1940 අප්‍රේල් 9, ජර්මානු නාසි සෙබළුන් විසින් නෝර්වේ යටත් කරගත් 
අතර හිට්ලර් විසින් “නෝවීජියානු බළකොටුව” ස්ථාපනය කරනු ලැබුවා…

ජර්මානු යුධ යන්ත්‍ර ඈත උතුරු ප්‍රදේශයන් වෙත ගෙන ගිය අතර මිත්‍ර 
පාර්ශික කණ්ඩායම් වලට දරුණු පරාජයන් අත්විඳීමට සිදුවුණා….

1943, ස්කොට්ලන්තය,

නෝර්වේ හි කඩාකප්පල්කාරී මෙහෙයුමක් දියත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය 
බළකායන් විසින් නෝවීජියානු සෙබළුන්ට පුහුණුව ලබාදුන්නා…

“මාර්ටින් රෙඩ්” මෙහෙයුම මාර්තු 24 වැනි දින ක්‍රියාත්මක වුණා…

නෝවීජියානු විප්ලවකාරී සටන්කරුවන් 
දොළොස්දෙනෙක් නෝර්වේ බලා යාත්‍රා කළා…

ඔවුන්ගේ මෙහෙයුම වූයේ: ජර්මානු ගුවන් 
තොටුපොළවල් හා සැලසුම් කඩාකප්පල් කිරීමයි…

නමුත් දිවි ගලවාගෙන ආපසු පැමිණියේ එක් සෙබළෙක් පමණයි!!

ලුතිනන් ජාන් බාල්සෘඩ්ගේ කතා පුවත

දෙවැනි ලෝක යුධ සමයේදී ජර්මානු හමුදා විසින් 1940 දී  නෝර්වේ රාජ්‍යය ආක්‍රමණය කරන කාල වකවානුව වන විට ජාන් බාල්සෘඩ් නම් වූ කොමාන්ඩෝ බළකායේ සෙබළා සටන් වැදුණේ වෙස්ට්ෆොල්ඩ් ප්‍රදේශයේයි. පසුව ඔහු ස්වීඩනයට පලා යන නමුත් ඔත්තු බැලීමේ වරදට වරදකරු වීම නිසා ඔහුව ස්වීඩනයෙන් පිටුවහල් කරනවා. සෝවියට් ජනරජය, අප්‍රිකාව හා ඇමෙරිකාව හරහා සංචාරය කිරීමෙන් අනතුරුව ඔහු 1941දී බ්‍රිතාන්‍යයට ළඟාවෙනවා. එහිදී ජාන් බ්‍රිතාන්‍ය විශේෂ මෙහෙයුම් ඒකකය හා එකතුවන අතර බ්‍රිතාන්‍ය යුධ පුහුණුවද ලබාගන්නවා. 1943වසරේ මුල් භාගයේදී, ජාන් සහ නෝවීජියානු ජාතික තවත් කමාන්ඩෝ සෙබළුන් තුන්දෙනෙකුත්, යාත්‍රා සේවකයින් අටදෙනෙකුත් නාසි ජර්මානු පාලනයට එරෙහිව නෝර්වේ රාජ්‍යය තුළ පැවති සටනේදී නෝර්වේ පාර්ශවයට වාසියක් අත්කරදීමේ බලාපොරොත්තුවෙන් බාර්ඩිෆොස් වල පිහිටා තිබූ ජර්මානු ගුවන් පාලක කුළුණක් විනාශ කර දැමීමේ අරමුණින් ධීවර යාත්‍රාවකට ගොඩවන අතර මෙම රහසිගත් මෙහෙයුම නම් කරන්නේ “මාටින් රෙඩ් මෙහෙයුම” ලෙසයි. නමුත් ජාන් ඇතුළු පිරිස මෙම මෙහෙයුම සඳහා තොරතුරු ලබාගැනීමේ අරමුණින් දේශීය වෙළෙඳසැල් හිමියෙකු හා ඇති කරගන්නා සබඳතාවයක් නිසා මෙම රහසිගත මෙහෙයුම පිළිබඳව ජර්මානු හමුදාවට හෙළිදරව් වන අතර වෙළෙඳසැල් හිමියා විසින් ජාන් ඇතුළු නෝවීජියානු සෙබළුන් පාවාදීමකට ලක්වෙනවා.

ජාන් ඇතුළු සෙබළුන් විසින් ගත් අණුවන තීරණයක් ලෙස ඉතිහාස පොතේ එම සිදුවීම සටහන් වන අතර ඔවුන් පාවාදී ඇති බව නොදත් නෝවීජියානු සෙබළුන් ටොන් 8ක පුපුරණ ද්‍රවයත් සමඟ මාර්තු 29 වන දින ඔවුන්ගේ අරමුණ ඉටු කරගැනීමේ බලාපොරොත්තුවෙන් බ්‍රාතම් බලා යාත්‍රා කරනවා. මෙහිදී ඔවුන්ගේ යාත්‍රාවට අනපේක්ෂිත අයුරින් ජර්මානු හමුදාවට අයත් යාත්‍රාවකින් ප්‍රහාරයක් එල්ලවන අතර ජාන් ඇතුළු පිරිස විසින් සාක්ෂි එළිදරව් වීම වැලැක්වීමට ඔවුන්ගේ යාත්‍රාව පුපුරුවා දමා කුඩා බෝට්ටුවකින් පලා යාමට උත්සහ දරණවා. නමුත් ජර්මානු සෙබළුන්ගේ ප්‍රහාර හමුවේ එම කුඩා බෝට්ටුවද විනාශ වන අතර ජාන් සහ තවත් නෝවීජියානු සෙබළුන් එකොළොස්දෙනෙකු වෙරළට පිහිනා ගොස් පලායාමට දරණ උත්සහය සාර්ථක නොවන අතර නෝවීජියානු සෙබළුන් එකොළොස්දෙනාම ජර්මානු සෙබළුන්ගේ අත්අඩංගුවට පත්වෙනවා. කෙසේ නමුත් දොළොස්වැනි අවසන් සෙබළා වූ ජාන් බාල්සෘඩ් හට වාසනාවකට මෙන් අත්අඩංගුවට පත්නොවී පලායාමට හැකිවනවා. එතැන් පටන් ජාන් බාල්සෘඩ් නම් වූ වීරෝදාර නෝවීජියානු සෙබළා කටුක හා අමිහිරි අත්දැකීම් රැසකට මුහුණ දෙමින් දින ගණනාවක් මුළුල්ලේ සතුරන්ගෙන් පලායමින් අවසානයේදී දේශ සීමාව පසුකර කෙසේ හෝ නැවත අපක්ෂපාතී රාජ්‍යයක් වූ ස්වීඩනයට ළඟාවීමට සමත්වනවා. ඔහුගේ මෙම වීර ක්‍රියාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය රජයෙන් ඔහුටOrder of the British Empire පදක්කම පිරිනැමූ අතර නෝර්වේ රාජ්‍යය විසින් St. Olav’s පදක්කම පිරිනැමුවා.
තවත් විස්තර: මෙතනින්

Drama | History | Thriller | War යන සිනමා වර්ගීකරණයන්ට අයත්ව 2017 වසරේ දෙසැම්බර් 25 පළමු වරට තිරගත කිරීම ආරම්භ කළ The 12th Man සිනමාපටය ජර්මානු හා නෝවීජියානු බසින් නිර්මාණය කළ නෝවීජියානු සලරුවක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ The Karate Kid (2010) හා The Mortal Instruments: City of Bones (2013)යන චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කළ Harald Zwart විසින් වන අතර තිර පිටපත නිර්මාණය කර ඇත්තේ Petter Skavlan විසිනුයි. මෙම චිත්‍රපටය නිපදවීම සඳහා පාදක කරගෙන ඇත්තේ 1957 වසරේදී Arne Skouen විසින් අධ්‍යක්ෂණය කළ Nine Lives නම් වූ චිත්‍රපටයයි. චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා Thomas Gullestad සහ Vikings කතාමලාවේ Bishop Heahmundගේ චරිතය රඟ දක්වනJonathan Rhys Meyers දායක වී ඇති අතර සෙසු චරිත සඳහා Marie Blokhus, Mads Sjøgård Pettersen, Vegar Hoel, Håkon T. Nielsen සහ Håkon Smeby තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. පැය දෙකකුත් මිනිත්තු පහළොවක් පුරාවට ගලායන කුතුහලයෙන් පිරි සංවේදී කතා පුවතක් රැගත් මෙම සලරුව IMDb දර්ශකයේ7.5/10ක අගයකුත්, Rotten Tomatoesහි 83%ක මනාප ප්‍රතිශතයකුත් ලබාගෙන තිබෙනවා.

එසේ නම් මේ සූදානම ජාන් බාල්සෘඩ් නම් වූ වීරෝදාර අවසන් දොළොස්වැනි සෙබළෙකුගේ පලායාම හා සම්බන්ධ සත්‍ය කතා පුවත දහතුන්වැනියෙකු වන ඔබට රසවිඳීමට ඉඩ හසර වෙන් කරදීමටයි….

“වෙන්ඩර්ස්, මිනිහෙකුට ලේසියෙන්ම 
විනාඩි විස්සක් අයිස් වතුරෙ නොමැරී ඉන්න පුළුවන්.”
– මේජර් කුර්ට් ස්ටෝග්.

 

~~Destiny Is All~~
~~සියල්ල දෛවයයි~~

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x265 | 720p | 900MB |

F8B2F0AD99020AA35D3573CCAEC4189C4834A7D6

Direct Download 

| Bluray | x264 | 480p | 550MB |

        

| Bluray | x264 | 720p | 1.2GB | MP4

        

| Bluray | x265 | 720p | 800MB |

        

| Bluray | x265 | 720p | 900MB | Mkvcage

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!