Ghostland (2018) | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. (18+)

අද අපේ වෙබ් පිටුවේ ඔබ දකින්න ඇති මාතෘකාවක් Gostland (2018) Sinhala Subtitles | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. හිටියට, අපේ වෙබ් අඩවිය වෙනුවෙන් උපසිරසක් නිර්මාණය කරපු හැමෝම දන්නා දෙයක් ඒ උපසිරසට අදාළ කතාව වෙනුවෙන් සිංහල නමක් යෝජනා කල යුතු බව. ඉතින් මේ වෙනුවෙන් මම යෝජනා කරන සිංහල නම වුනේ “අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු” මම කැමති මේ මාතෘකාව පැහැදිලි කරන්න මුලින්ම…“අන්ධකාර මිටියාවතේ” හැටියට නම් වෙන්නේ ඇත්තමට මේ කතාව දිවයන භූමියම නෙමෙයි… කතාව දිව යන්නේ හුදෙකලා ගම්බද ප්‍රදේශයක පිහිටි අමුතුම නිවහනක වුනත් මේ යොදාගෙන ඇති අන්ධකාර මිටියාවත් එය වෙනුවෙන් නෙමෙයි… කෙටියෙන් කියනවා නම් මේ අන්ධකාර මිටියාවත තමයි මේ ඔබ උපසිරස එක්ක බලන්න යැයි මම යෝජනා කරන සලරුව.. මොකද ඔබට ඔවුන් හිතන්නට ඉඩ හරිනවා, තවත් විටෙක ඔබේ හිත කඩා ඉහිරුවා දමනවා, නමුත් ඒ සියල්ල ඇතුලේ ඔවුන් කතාවක් කියන්නට වෙහෙස දරනවා… අවසානයේ ඒ කතාව තුල ඔබ ආලෝකය ලෙස දැක්ක කොටස සැබවින්ම ආලෝකයක් ද? එහෙමත් නැත්නම් ඔබ තවමත් අන්ධකාරයේ ද කියන එක ඇත්තටම තීරණය වෙන්නෙ ඔබ කතාව බලා අවසාන වෙන මොහොතේ ඔබේ හිත තියන තැන අනුව කිව්වැකි…ඉතින් දැන් ඔබ සමහරෙකුට හිතෙනවා ඇති “සජීවී කෙලිබඩු” කවුදැයි කියා… නමුත් ඔබට තවමත් පැහැදිලි නැත්නම් මම පැහැදිලි කරන්නම්, මේ සජීවී කෙලිබඩු වෙන්නෙ “ඔබ සහ මම” අපි මෙලෙස කෙලිබඩු වෙන්නෙ බොහොම අගනා කතාවකට… ඒ අර කලින් කිව්ව කාරණය නිසාවෙන්, මේක බොහොම පෙරලි සහිත කතාවක් ඒ තුල අපි බොහොම අතට පෙරළෙනවා, අවසානයේ නතර වුන තැතින් අපි නැවතත් හැරිලා බලන්න සිද්ධ වෙනවා අපි දුටු දේ ගැන…2018 වසරේ ජූනි මාසෙ 17 වැනිදා රාත්‍රී 10.41 වන මේ මොහොතේ මම තවමත් ඉන්නෙ ඇත්තටම දුටු දෙය ආපස්සට හිතමින්, මුල මැද අග හිලා ගන්නට සුදානම් වෙමින්… තවමත් මට පැහදිලි නැහැ ගතවුන පැය 1 කුත් මිනිත්තු 31 ක් තුල මම මම දුටු ඒ සලරුව තුල ගැබ්වෙලා තිබ්බ කොතරම් දර්ශන කතාව තුල දිගහැරුණ මායවන්ද ? එහෙමත් නැත්නම් සම්පුර්ණ වශයෙන් මම මට කතාවේ අවබෝධ වුනාද කියන දේ… කොහොම නමුත් මේ මොහොතේම මේ ලිපිය ලියන්නට සුදානම් වුනේ පොඩි දෙගිඩියාවක් නැතුවම නෙමෙයි මොකද මම දන්නවා මම ලියන සමහර ලිපි කියවන කෙනෙක්ට මහා විකාරයක් වගෙයි, ඒ නිසාම බොහොම පිරිස් ඒ නිසාවෙන්ම මම ලබා දෙන චිත්‍රපට අත්හැර දමා යන අවස්ථා කොතෙකුත් ඇති නමුත් මේ අවස්ථාවේ නම් ඇත්තටම මම පැටලිලා ඉන්නේ…

නමුත් පොතේ හැටියට මේ තුල තියෙන්නෙ බොහොම සරල කතාවක් ඒ කතාව මෙහෙමයි… තමුන්ගේ ඥාති නැන්දා කෙනෙකුගෙන් උරුම වෙන නිවසහන් වෙත මව තමුන්ගේ දුවරුන් දෙන්නා එක්කන් යන්නේ අලුත් ජිවිතයක් හොයාගෙන… මේ නිවහන ටිකක් ගම්බද පරිසරයක පිහිටි පාලු නිවහනක් කිව්වහැකි.. ඉතින් මේ නිවහන වෙත යන මේ පුංචි පවුල පළමු රාත්‍රියේම මහා අවාසනාවන්ත ඉරණමක උරුමකාරයන් වෙන්නේ නොසිතු අයුරින් කියන්න ඇහැකි… ඒ මේ නිවසට ඇතුල් වෙත පිටස්තරයන් දෙන්නෙක් නිසාවෙන් ඔවුන්ට බොහොම අඩම්තේට්ටම් විදින්න සිද්ධ වෙනවා… ඔවුන්ට මේ තුලින් ගැලවෙන්නට හැකි වේවි ද? මේ පාපතර ඝාතකයන් හමුවේ නව යෞවනයේ පිපෙන මල් දෙකක් වන මේ දුවරුන් හට මොන වගේ ඉරණමක් අයිති වේවි ද? ඔවුන්ගේ මව තමුන්ගේ දුවරුන් වෙනුවෙන් කුමක් කරන ඇති ද?

ඔන්න ඔය වගේ දේවල් ටිකක් තමයි මට ඔබට මේ කතාව ගැන කියන්නට පුළුවන් නමුත් ඉතින් ඔය කතාවෙන් 10% වගේ ප්‍රමාණයක්, මොකද මින් එහා කියන්න ගියොත් කතාව තුල මම උඩ කිව පෙරළි ඔබට අනාවරණය කිරීමට මට සිද්ධ වෙන නිසාවෙන්… මේ තුල කතා දෙකක් තුනක් ගලාගෙන යන හැටි ඔබ දකීවි… ඔබට තියෙන්නෙ ඒ තුල ඇත්ත මොකක් වෙන්න හැකි ද? බොරු සිහින මොනවා වෙන්න ඇති ද? කියල තේරුම් අරගෙන ඒ තුලින් කතාවේ කොටස් ගලපා ගැනීම තමයි…

Pascal Laugier ගේ රචනයක් සහ අධ්‍යක්ෂණයක් වුන මේ සලරුව Drama, Horror, Mystery, Thriller කියන කාණ්ඩයන් සියල්ල නියෝජනය කරන්නක්… මේ තුල ඔබට Crystal Reed (Teen Wolf, Gotham), Mylène Farmer, Anastasia Phillips, Emilia Jones, Taylor Hickson, Rob Archer වගේ පිරිසක් දැකගත හැකි වේවි… ලබාගෙන ඇති IMDB අගය වෙන්නේ 6.5 ක් ඒ නිකම්ම චන්ද 50 ක් 60 එක්ක නෙමෙයි ප්‍රේක්ෂක චන්ද 2000+ අදික ප්‍රමාණයකින්. රෝටන් ටෝමාරෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරය වෙන්නෙ 93% ක්. නමුත් මම ඔබෙන් ඉල්ලා සිටිනවා පූර්ව ප්‍රචාරක පටය බලල තීරණයක් ගන්න කියල මොකද ඒ තුල ඔබට මම කියන්න අකමැති බොහොම දේ දැනගන්නට ඉඩක් ලැබෙනවා ඇති…

අවසාන වශයෙන් කියන්න ඕන මේක 18 + වෙන පිරිස සහ ලෙහෙසියෙන් හිත සසල වෙන පිරිස් නොබලා ඉන්න තරමට හොඳයි… ඉතින් එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!

පා.ලි.

උපසිරස කරමින් යනකොට මට නොසිතු දෙයක් කතාවේ තවත් දකින්න ලැබුනා… ඒ තමයි H.P. Lovecraft. මම කියනවට ඔය නම ගුගල් කරලා ඔහුගේ පින්තුරයක් බලලම කතාව බලන්න ගන්න, ඔබ සැබවින්ම පුදුම වේවි ඒ වගේම කතාව තේරුම් ගන්න පැටලුම් ලිහාගන්නත් මේක උදව්වක් වේවි…
උපසිරස ප්‍රමාද වෙන්න හේතුව මෙතෙක් හොඳ උපසිරසක් නොතිබීම කියන එකත් කියන්න ඕන.

අපේ  ෆේස්බුක් ෆැන් පෙජ් එක  දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකට ලයික් කරන්න..

www.facebook.com/baiscopedownload 


හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

Torrents Download

|  Bluray  | x264 | 720p | 780MB |

1582C2130B7C7EC4F078A7235FA13DAED7389288

Direct Download 

| Bluray | x264 | 480p | 370MB |

        

| Bluray | x264 | 720p | 780MB |

        

| Bluray | x265 | 720p | 700MB |

        

  අප වෙබ් අඩවිය වෙතින් ලබා දෙන චිත්‍රපට සඳහා උපසිරැසි නොගැලපේනම්  අදාල ලිංක් එක සමග අදහස් පහළින් දක්වන මෙන් දන්වා සිටිමි. උපසිරැසියට ගැලපෙන විදියට නිවැරදි කිරීමට අප සූදානම්. 

(දකුණු පසින් ඇති දැන්වීම් ක්ලික් කර මෙම වෙබ් අඩවිය ඉදිරියට පවත්වාගෙන යාමට සහයෝගය දක්වන්න)

2 thoughts on “Ghostland (2018) | අන්ධකාර මිටියාවතේ සජීවී කෙලිබඩු…. (18+)

  • June 23, 2018 at 7:40 pm
    Permalink

    මොක්කුද බම මේවා රිපෝට් කරන්නේ
    මෙච්චර හොද ඒවා
    ඕව ඉරිසියාවට කරන weda වගේ මටනම් හිතෙන්නේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *